saravita-anim2

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

Latest News - timelapse 8102 hours ago

LATEST

තවත් ආසාදිතයින් 190ක්

calendar_today 2021 මාර් 06 - 18:10 remove_red_eye - 213  

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 190 දෙනෙකු අද හඳුනාගෙන තිබේ.

කටුනායක ප්‍රදේශයේ අද දින කොරෝනා වෛරසය ආසාදිතයන් 22 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

මරදානේ කොවිෂීල්ඩ් එන්නත ලබාදීමේදී අල්ලස් ගන්නා බවට වාර්තා වූ තොරතුරකට අනුව බස්නාහිර බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරක් අනුව එන්නත ලබාදෙන ස්ථානය අසළදී රුපියල් 1000ක් අල්ලස් ලෙස ලබාගන්නා අවස්ථාවේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

ප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 448 දෙනෙකු අද (06) දිනයේ පූර්ණ සුවය ලබා පිටවගොස් තිබේ.

Read More

බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පුද්ගලික මගී ප්‍රවාහන බස්රථයක් අද පෙ.ව. 9.00 ට පමණ ඇල්ල - හල්පේ ( ආරුක්තු පාලමට හැරෙන හන්දියේදී ) කුඹුරකට පෙරලී අනතුරට ලක්විය .

Read More

මධ්‍යම, සබරගමුව, දකුණ හා බස්නාහිර පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

විදුලි බල පහසුකම් නැති සියලුම ග්‍රාමීය නිවාසවලට විදුලිය සපයන “දැයට එළිය” වැඩසටහන අද (06) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් ගිරිබාව, වේරගල ගම්මානයේ දී “ගම සමග පිළිසඳරට” සමගාමීව ආරම්භ කෙරිණ.

Read More

බදුල්ල මහ රෝහලේ පිළිකා වාට්ටුවේ සේවය කළ වෛද්‍යවරියක් ද කොවිඩ් 19 ආසාදිතයෙක් බව අද (6) ලැබුණ පී.සී. ආර් . වාර්තාවලින් අනාවරණය වී තිබේ .

Read More

ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ සේවකයින් 10 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවත් එම අසාදිතයින් මේ වන විට නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කර ඇති බව අඹගමුව සෞඛ්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙකු පැවසිය.

Read More

අද උදෑසන 5.45ට පමණ වැල්ලවත්ත පොලිස් වසමේ මුහුදු මාර්ගයේ බීමත්ව රිය පැදවූ අයෙක් විසින් පුද්ගලයන් සිව් දෙනෙකු හප්පා අනතුරට ලක්කර ඇතැයි පොලීසිය පවසයි.

Read More
අද කාලගුණය
6 03 2021 09:31:00
0 219

උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (06) දිනයේ විටින්විට වැසි ඇතිවේ.

Read More

’’මෙතෙක් ලබා දී ඇති එන්නත් මාත්‍රාව මිලියන 225න් අතිමහත් බහුතරය පොහොසත් හා එන්නත් නිපදවන රටවල් අතළොස්සක් තුළ පවතිනවා. අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල් බොහොමයක් තවමත් එන්නත් ලැබෙන තුරු බලා සිටිනවා’’ ගෙබ්‍රෙයීසස් පැවසීය.

Read More

පාප්තුමාගේ පළමු සංචාරය සනිටුහන් කරන මෙම අවස්ථාවේදී රටේ ඉහළ පෙළේ දේශපාලන හා ආගමික නායකයන් සමග හමුවීම්ද සිදුවනු ඇත. එසේම කොවිඩ්-19 වසංගතය ආරම්භයේ සිට ඉතාලියෙන් පිටත පාප්තුමාගේ පළමු වැනි සංචාරය මෙයයි.

Read More

පර්සෙවරන්ස් රෝවයේ මෙම ධාවන උත්සාහය සිදුවූ ආකාරය විදහා දැක්වෙමින්, අඟහරු පෘෂ්ඨය මත එම රෝවරයේ රෝද සලකුණු දැක්වෙන ආකාරයේ දසුන් පෘථ්විය වෙත එවා තිබේ.

Read More

චීනය මේ වනවිටත් මුඛ ආවරණ බිලියන 43.85ක්, ශල්‍ය අත්වැසුම් යුගල බිලියන 1.19ක්, ආරක්ෂිත ඇඳුම් කට්ටල මිලියන 950ක්, ආරක්ෂිත මුහුණ ආවරණ මිලියන 54.03ක් සහ වෙන්ටිලේටර් කට්ටල 17,585ක් 2020 මාර්තු 1දා සිට 2021 දී පෙබරවාරි 28දා දක්වා එක්සත් ජනපදයට ලබා දී ඇත්තේ සහයෝගීතාව ප්‍රකට කරමිනි.

Read More

උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පදිංචි සර්වේෂ් කුමාර් නැමති මෙම පියා හර්ඩෝයි දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානයක් දෙසට පයින්ම ගමන් කරමින් සිටියදී මෙසේ අත්අඩංගුවට පත්ව ඇති අතර, ඒ අවස්ථාවේදී ඔහු සිය 17 හැවිරිදි දියණියගේ හිසද රැගෙන යමින් සිට ඇති බව පොලීසිය පවසයි.

Read More

එන්නත් සඳහා පේටන්ට් බලපත්‍ර හිමි සමාගම්වලින් එන්නත් තාක්ෂණය මාරු කළ හැකි අය වෙත ඒවා ලබාදෙන ලෙස අවධාරණය කළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා, ’’මේ ප්‍රවේශයට හොඳ උදාහරණයක් වන්නේ ඇස්ට්‍රාසෙනෙකා. එහි එන්නත සඳහා වන තාක්‍ෂණය කොරියානු ජනරජයේ එස්.කේ.බයෝ සහ COVAX සඳහා ඇස්ට්‍රාසෙනෙකා එන්නත් නිපදවන ඉන්දියාවේ සේරම් ආයතනය වෙත මාරු කර කර තිබුණා.’’ යැයි පැවසීය.

Read More

චීනයේ මහජන විමුක්ති හමුදාවේ නාවික හමුදාවට 2015 දී යුද නෞකා 255ක් පැවති බවත්, එය 2020 වසර අවසානය වනවිට 360ක් දක්වා ඉහළ යමින්, මේ වනවිට එක්සත් ජනපදයේ නාවික හමුදාව සතු යුද නෞකා ප්‍රමණයද අභිභවා ගොස් ඇති බව එක්සත් ජනපදය විසින්ම පවසා සිටියි.

Read More

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වූ දෙව​න T20 තරඟය ලකුණු 43කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 116,000,000ක් ඉක්මවා ගොස් ඇති අතර, ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන්ගේ යළි ඉහළ යෑමක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 156ක් අද (05) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

තවත් කොවිඩ් මරණ 4ක් තහවුරු වී ඇත. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 493ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළ අද දින වනවිට ප්‍රදේශයේ ස්ථිර සහ තාවකාලික පදිංචිකරුවන් 10,002 දෙනෙකුට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ලබා දී ඇති බව මෙම කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය .

Read More

සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපළ සමූහය විසින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන අංශය වෙත , 2021 ’’ ලෙට්ස් ’’(Let’s Talk Cargo ) සම්මාන උළෙලේදී විශිෂ්ඨතා සම්මාන ද්විත්වයක් හිමි වී තිබේ .

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 182ක් අද (05) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් මරණ භූමදානය සදහා ඉරණතිවු ප්‍රදේශය තෝරා ගැනීමත් සමග එම ප්‍රදේශයේ ජනතාව තුළ මතුව ඇති නොසන්සුන් තත්වයට එළැඹෙන සදුදාට පෙර යහපත් ප්‍රතිචාරයක් ලබා දිය හැකි බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා කිලිනොච්චි පච්චිපලෙයි පල්ලි ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්ණ වලට පිළිතුරු දෙමින් මේ බව ප්‍රකාශ කළේය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 485 දෙනෙකු අද (05) දිනයේ පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

Read More

මේ වසර අවසන්වන විට මෙරට විදුලිය ලබා දීමේ වැඩ පිළිවෙල සියයට සියයකින් අවසන් කිරීමට බලාපෙරොත්තු වෙනවා යැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද 2021.03.05 දින පෙරවරුවේ පැවසීය.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දුන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ පිටපත් රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමිපාණන්ට සහ අමරපුර මහා නිකායේ වැඩබලන උත්තරීතර මහානායක අතිපූජ්‍ය ගංතුනේ අස්සජි හිමිපාණන්ට පිළිගැන්වේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.