saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 7631 hours ago

LATEST

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් PT6 වර්ගයේ ගුවන් යානයක් කඩා වැටෙයි

calendar_today 2020 දෙසැ 15 - 14:20 remove_red_eye - 1509  

[UPDATE] ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමුවන් පුහුණු කිරීමට යොදා ගන්නා PT-6 වර්ගයේ ගුවන් යානය කන්තලේ, සුරියපුර ප්‍රදේශයට කඩා වැටී ඇති බව වාර්තා වනවා.

කිතුල් බෝගය ප්‍රධාන වැවිලි බෝගයක් ලෙස නම් කිරීමටත් කිතුල් සංවර්ධන මණ්ඩලයක් ස්ථාපිත කිරීමටත් කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

පළාත් අක්ෂර ඉවත් කිරීම මගින් වාහන අංක තහඩු නිකුත් කිරීමේ ක්‍රමවේදය සේවාලාභීන්ට පහසු වන ආකාරයෙන් සැලසුම් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

මැඩගස්කරයේ ඇන්ටනනාරිවෝ හි ශ්‍රී ලංකා කොන්සන් ජනරාල් කාර්යාලයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

වව්නියාව කට්කුලි ප්‍රදේශයේ පාසල් දැරියකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් අද (15දා) දින වව්නියාවේ පාසල් 4 කට නිවාඩු ලබා දීමට පියවර ගෙන ඇති බව වව්නියාව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක එම්.රාධක්‍රිෂ්ණන් පවසයි.

Read More

මධ්‍යම පළාතේ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව දහස ඉක්මවා ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

සංචාරකයන්ට රට විවෘත කිරීමත් සමග ක්‍රීඩාව පදනම් කර ගත් සංචාරක කර්මාන්තය දියුණු කිරීම සදහා සංචාරක, ක්‍රීඩා හා සෞඛ්‍ය අමාත්‍යාංශ ඒකාබද්ධ වැඩ පිළිවෙලක් සැකසේ. ඒ අනුව ලබන වසර තුල සංචාරක කර්මාන්තය දියුණු කිරීම පදනම් කරගත් ක්‍රීඩා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සදහා අදාල අමාත්‍යාංශ තුනේ ලේකම්වරුන්ගෙන් සමන්විත ඉහල පෙලේ කමිටුවක්ද පත් කර ගැනින.

Read More

වාහන අංක තහඩු නිකුත් කිරීමේදී පළාත් අක්ෂර ඉවත් කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

Read More

වටිනාකම ගෙවා භාරදීමේ තැපැල් සේවාව තවදුරටත් වැඩිදියුණු කිරීමට පියවර ගෙන ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

“උත්සව සමය උදාවෙමින් පවතිනවා. ගිය වසරේදී මෙන් මේ වසරේදී සැමරීම් සිදුකරන්න බෑ. ඊට වඩා ප්‍රභලව කොවිඩ් මාරයා, කොවිඩ් වසංගතය පැතිරෙමින් තිබෙනවා. සාද ආදිය තමන්ගේ පවුලේ අයට පමණක් සීමා කරන්න. ”

Read More

ගම්පහ මහ නගර සභාවේ සෞඛ්‍ය අංශයෙහි කම්කරුවන් දෙදෙනෙකු කොවිඩ් 19 ආසාදිතයින් බව තහවුරු වීම මත සෞඛ්‍ය කම්කරුවන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් 90 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කළ බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා පැවසීය.

Read More

ඉදුරුව තුන්දුව ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගිවු පුද්ගලයින් පිරිසකට ඇතුළු 10 දෙනෙකුට ඊයේ (14) කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

මෙම සීමාවන් බදාදා සිට බලාත්මක වන අතර, බාර් සහ අවන්හල් වසා දැමිය යුතුය. එහිදී ඒවා රැගෙන යා හැකි සේවාවන් පමණක් ක්‍රියාත්මක කළ හැකිය.

Read More

’’මට අද බලාපොරොත්තුවක්, සහනයක් දැනෙනවා. මෙය ඉතා වේදනාකාරී කාලයක අවසානය සනිටුහන් කරන්නක් බව මා විශ්වාස කරනවා.’’ දැඩි සත්කාර ඒකකයේ හෙදියක් වන සැන්ඩ්‍රා ලින්ඩ්සේ එන්නත ලබාගැනීමෙන් පසුව කියා සිටියාය.

Read More

සිංගප්පූරුව මේ වනවිටත් එන්නත් මිලදී ගැනීමේ තවත් ගිවිසුම් අත්සන් කර ඇති අතර, මොඩෙර්නා සහ චීනයේ සිනොවැක් විසින් සංවර්ධනය කරනු ලබන එන්නත් අපේක්ෂකයන් සඳහාද දැනටමත් ගෙවීම් කර ඇති බව කියයි. ඒ අනුව මෙම එන්නත් වැඩසටහන වෙනුවෙන් සිංගප්පූරු ඩොලර් බිලියනයකට වඩා වෙන්කර ඇති බව බලධාරීහු පවසති.

Read More

එක්සත් ජනපද ජනාධිපති ධුරයට තේරී පත්වූ ජෝ බයිඩන්, ඉලෙක්ටොරොල් ඡන්ද 270ක සීමාව පසුකර ධවල මන්දිරයේ බලය තහවුරු කරගෙන ඇතැයි, එම ඉලෙක්ටොරොල් ඡන්ද දායකයන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රැස්වී නිල වශයෙන් දැනුම් දී තිබේ.

Read More

නව වෛරස ප්‍රභේදය පිළිබඳ මුල් විශ්ලේෂණයන්, දැනටමත් දන්නා වෛරසයට වඩා වේගයෙන් වර්ධනය වන බව එක්සත් රාජධානියේ සෞඛ්‍ය හැන්කොක් හෙළි කළ අතර, එන්නත්වල ඵලදායීතාවයට එය බාධාවක් විය හැකි බවට ඇති බිය දුරු කිරීමට ඔහු උනන්දු විය.

Read More

’’අපහසුතාවයට අපි සමාව අයදින අතර ඔබේ ඉවසීමට සහ අඛණ්ඩ සහයෝගයට ස්තූතියි’’ යනුවෙන් ගූගල් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 72,690,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ දඹුල්ල වයිකින්ග් කණ්ඩායම අතර තරඟයේ ජය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට හිමි විය.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 154කි.

Read More

පාර්ලිමේන්තු මන්තී‍්‍රවරියන්ගේ සංසදයේ සභාපතිනිය ලෙස ප‍්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඞ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ පත්වී තිබෙනවා.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 329ක් හඳුනාගෙන ඇත. එම ආසාදිතයින් අතර පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 325ක් සහ බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයින් 4ක්ද වාර්තා වෙයි.

Read More

වසා දැමුණු පෙර පාසල් සහ ප්‍රාථමික අංශ විවෘත කිරීමේ තීරණය ඉදිරි දෙසතිය තුළ ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 356 දෙනෙකු හඳුනාගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ විශේෂ ඉල්ලීම පරිදි COVID19 වසංගතයට ගොදුරු වී මිය යන ශ්‍රී ලංකා මුස්ලිම්වරුන්ගේ දේහයන් සඳහා මාලදිවයින තුළ ඉස්ලාමීය ආගමේ කටයුතු අනුව අවමංගල්‍ය කටයුතු සිදුකිරීමට පහසුකම් සලසන ලෙස මාලදිවයින් ජනපති ඊබ්‍රහිම් සෝලි මහතා අදාළ බලධාරීන් වෙත උපදෙස් දී ඇති බව මාලදිවයිනේ විදේශ ඇමති අබ්දුල්ලා ශාහිඩ් පවසයි.

Read More

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ ධාවන තරගයක් පැවැත්වු යතුරු පැදිකරුවෙක්ට චෝදනා 04 කට අදාළව රුපියල් 90,000 ක දඩයක් ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ආර් .එස්.එම්.මහේන්ද්‍ර රාජා මහතා අද (14) නියම කළේය.

Read More

බන්ධනාගාර ආශ‍්‍රිත කොරෝනා ආසාදිතයින් ගණන 3,000 සීමාව ඉක්මවා තිබෙනවා.

Read More

බී ළූණු ලෙස ප්‍රකාශ කරමින් නීතිවිරෝධී ලෙස කහ කැබලි තොගයක් කොළඹ වරායෙන් මෙරටට ගෙනැවිත් තිබියදී රේගු නිවාරණ අංශයේ නිලධාරීන් පිරිසක් 12/14 දින මේ බැව් අනාවරණය කර ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.

Read More

හැටන් කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 6 දෙනෙකු අද දින ලද පි.සි.ආර් පරික්ෂණ අනුව තහවුරු වු බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.