saravita-anim2

2025 ජුලි මස 15 වන අඟහරුවාදා

2025 ජුලි මස 15 වන අඟහරුවාදා

Latest News - timelapse 7468 hours ago

LATEST

වැලිකඩ තවත් රැඳවියන් 23කට කොවිඩ්

calendar_today 2020 නොවැ 06 - 19:15 remove_red_eye - 300  

වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැඳවියන් 23 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

තවත් කොවිඩ් -19 ආසාදිතයින් 213 දෙනෙක් වාර්තා වෙයි.

Read More

ශල්‍යකර්මයකට ලක් කළ රෝගියකුට කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා හෝමාගම මූලික රෝහලේ ශල්‍යාගාරය සහ දැඩි සත්කාර ඒකකය අද සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය.

Read More

අද (06දා) දහවල් පුත්තලම ආනන්ද විදුහල අසළදී පුද්ගලයෙකු මරණයට පත්ව ඇත. මෙසේ මරණයට පත්ව ඇති තැනැත්තා නිරෝධානයට ලක්වෙමින් සිටි පුද්ගලයෙකි.

Read More

ශ්‍රී ලංකාව ආර්ථික බංකොලොත් භාවයට පත්වීමට ආසන්න මෙහොතක කොවිඩ් වසංගතය එය තවත් වේගවත් කරන බවත් ආර්ථික පුනර්ජීවන වැඩසටහනක් නොතිබුණහොත් ඉදිරියේදී රට බංකොලොත්වීම නවතාලිය නොහැකි බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

අලුත්ගම නගරයේ රාජ්‍ය බැංකුවල හා සෙසු රාජ්‍ය ආයතන වල කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් සිය දෙනෙකු සඳහා අද (06) පී.සී.ආර් පරීක්ෂණ අලුත්ගම දී සිදුකළ බවට බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක මුදිත අමරසිංහ මහතා පැවසීය.

Read More

උණ රෝගී තත්ත්වයක් මත 1990 ගිලන් රථ සේවයෙන් රත්නපුර ශීක්‍ෂණ මහ රෝහලට ඇතුළත් කළ මුල්‍ය පහසුකම් සපයන රත්නපුර නගරයේ ලීසිං ආයතනයක සේවය කළ කෝවිඩ් 19 ආසාදිත බව තහවුරු වු සේවකයා ඇසුරු කළ සමීපතම ආශ‍්‍රිතයන් නිරෝධායනයට ලක්කර පීසීආර් පරීක්‍ෂණ සිදුකිරිමට උපදෙස් දුන් බව සබරගමු පළාත් සෞඛ්‍යසේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා අද පැවසුවේය.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (06) පස්වරුවේ කටුවන ප්‍රාදේශීය සභාව නිරීක්ෂණය කළේය. කටුවන පිහිටි ප්‍රාදේශීය සභා ප්‍රධාන ගොඩනැගිල්ලේ පවතින අඩු පාඩු නිසා සභාවේ දෛනික සේවා මිද්දෙනිය නගරයේ උප කාර්යාල ගොඩනැගිල්ලේ සිට පවත්වාගෙන යනු ලැබේ.

Read More

කුරුණෑගල නගරයේ ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් වසා දමා තිබෙන ප්‍රධාන බස් නැවතුම්පොළේ සවිකර තිබෙන රූපවාහිනී තිරයක අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝවක් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් ඊට වගකිවයුත්තන් අත්අඩංගුවට ගෙන පරීක්ෂණයක් පවත්වන ලෙස කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා කුරුණෑගල පොලීසියට දැනුම් දී ඇත.

Read More

වීරඹුගෙදර පොලිස් බල ප්‍රදේශයට අයත් කළුගමුව ජයවඩනගම උදාගම් නිවාස සංකීර්ණයේ පදිංචි මාළු ව්‍යාපාරිකයෙකුගේ බිරිඳට, දියණියට සහ පුතුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

Read More

සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකම යටතේ ලියාපදිංචි කර ඇති ණය සඳහා අදාළ සහන කාලය ලිඛිත ඉල්ලීමක් කරනු ලබන ණයලාභීන් සඳහා තවත් මාස 3 කින් දීර්ඝ කරන බව මහ බැංකුව දැනුම් දෙයි.

Read More

කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් ආසාදිතයන් 563ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

මින් පෙර හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම්කර තිබූ මතුගම ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසයට අයත් බදුගම නව ජනපදය හුදෙකලා තත්ත්වයෙන් මුදාහැර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

පොල්ගහවෙල නගරයේ මුව ආවරණ නොපැලඳ වෙළඳසැල් හා ප්‍රසිද්ධ ස්ථානවල සිටි පුද්ගලයින් 40 කින් 30 දෙනෙකුට රුපියල් 5000 බැගින් දඩයක් ගෙවන ලෙස පොල්ගහවෙල මහෙස්ත්‍රාත් පී.එන්. ප්‍රියදර්ශණී මහත්මිය අද (06දා) නියෝග කළාය.

Read More

තලාතුඔය නගරය ආශ්‍රිත පෙදෙස් වලින් කොරෝනා ආසාදිතයින් වාර්තාවීම ඉහළ යාමත් සමග සෞඛ්‍ය බලධාරීන් ගේ ඉල්ලීම මත තලාතුඔය නගරය හෙට (07) සිට වසා දැමීමට වෙළෙඳ සංගමය තීරණය කළ බව තලාතුඔය එක්සත් වෙළෙඳ සංගමයේ සභාපති සුසිල් වෙදගේ මහතා පවසයි.

Read More

දකුණු පළාතෙන් මේ වනවිට වාර්තා වී ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව 133 දෙනෙකි.

Read More

වේවැල්, පිත්තල මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ මෙහෙයවීමෙන්, මෙවර කඨින චීවර පූජාවේ දාන ශාලාව පොලිතින්, ප්ලාස්ටික් භාවිතයෙන් තොරව පරිසර හිතකාමි සම්ප්‍රදායික මැටි භාණ්ඩ උපයෝගී කරගෙන චිරාගත සම්ප්‍රදායානුකූලව පැවැත් වීමට සැලසුම් කර ඇත. මැටි භාජන භාවිතය, ප්‍රවර්ධනය කිරීම සදහා වූ ජාතික වැඩපිළිවෙළේ සමාරම්භක කඨින චීවර පූජාව හා සංඝගත දක්ෂිණාව, පසුගිය 04 දා නිකවැරටිය, සුධීරගම, කොටවෙහෙර ශ්‍රී ජිනරතන සදහම් සෙවනේදී,

Read More

පේදුරුතුඩුව - කොඩිකාමම් මාර්ගයේ මුල්ල හන්දියේ මාර්ග සංවර්ධන කටයුතු කරමින් සිටින පුදගලයෙකු ගල් රෝලකට යටවී තුවාල රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය කියයි.

Read More

ශ්‍රී ලංකාව තුල මතුව ඇති කොවිඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන් ආගමික කටයුතු සඳහා එක් රැස්විය හැකි ප්‍රමාණය 25 කට සීමා කර මාර්ගෝපදේශ ලබා දී ඇති බැවින් අද (06) සිකුරාදා දිනයේ මුස්ලිම් දේවස්ථානවල ජුම්මා යාඥාව නොපවත්වා ඒ වෙනුවට 25 දෙනෙකු පමණක් සහභාගි කරගෙන ලුහර් සලාතය ඉටු කරන ලෙස සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය මුස්ලිම් දේවස්ථානවල භාරකාර මණ්ඩලවලට දන්වා තිබේ.

Read More

අහඹු ලෙස තොරාගත් පිරිස් පී.සී.ආර් පරීක්ෂණයට ලක් කර කොවිඩ් 19 වෛරස රෝගීන් හඳුනාගෙන කොවිඩ් වෛරසය පැතිරීයාම වළක්වා ගැනීමේ අරමුණෙන් ක්‍රියාත්මක වැඩසටහනේ තවත් අදියරක් පැල්වත්ත සිනී සමාගමේදී ඊයේ (05) වෙනිදා පැවැත්විණි.

Read More

විවෘත ගිනි අවි රැගෙන යාමෙන් වළකින ලෙස මෙවර මෙම පිරිස් වෙත ඉල්ලීම් කර තිබුණද, රැස්ව සිටි ආධාරකරුවන් අතරින් පතර එම ඉල්ලීම් නොතකා විවෘතව ගිනි අවි අතැතිව සිටි ආකාරය දැකගත හැකිවූ බව විදෙස් වාර්තා පවසයි.

Read More

ගෙවීගිය දිනයට අදාළ නව ආසාදිතයන් තවදුරටත් වාර්තා වෙමින් පවතින බැවින් මෙම අගය මීට වඩා ඉහළ යා හැකි බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නව කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

Read More

ශ්‍රී ලංකාවට නීතිවිරෝධී ලෙස එංගලන්තයේ සිට ගෙන්වා තිබූ අපද්‍රව්‍ය බහාලුම් 242 න් , තවත් අපද්‍රව්‍ය බහාලුම් 82 ක් , කොළඹ වරායෙන් පිටත් වූ නෞකා 03කින් යළි ආපසු එංගලන්තය බලා අද දින පිටත් කර යැවූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය .

Read More

අද (6) වන විට බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනුයුක්ත නිලධාරීන් 199 කට කෝවිඩ් 19 රෝගය ආසාදනය වී ඇත.

Read More

වැලිකඩ බන්ධනාගාරය තුළින් කොවිඩ් ආසාදිතයින් කිහිප දෙනෙකු හමුවීමත් සමග පෙර සකස්කර තිබූ පූර්ව හදිසි සැලසුම ක්‍රියාවේ යෙදවීමට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය බන්ධනාගාර බලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවාය. මතුව ඇති තත්වය පිළිබදවත් ඒ සදහා ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබදවත් අවධාරණය කිරීමට විශේෂ සාකච්ඡාවක් අද (05) අමාත්‍යාංශයේ පැවැති අවස්ථාවේ එම උපදෙස් ලබාදෙන ලදි.

Read More

’’මට ලැබී ඇති උපදෙස් අනුව මේ පියවරයන් ඔස්සේ වෛරසය පාලනය සඳහා සැබෑ බලපෑමක් ඇති කිරීමට සති හතරක් ප්‍රමාණවත්. ඒ සමග මේ නීතිරීති ලිහිල් කළ හැකිවේවි. දෙසැම්බර් 2දා සිට අපට නැවත එකිනෙකා සමග සම්බන්ධ වන ප්‍රවේශයකට පිවිසීමට පුළුවන්. එනම් මේ උමග අවසානයේ ආලෝකය පවතිනවා.’’ අගමැතී කීවේය.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශයේ, රෝග නිවාරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ගියානි රෙසා පැවසුවේ, ’’මේ මොහොතේ වෛරසය ක්‍රියාත්මකව ඇති බැවින්, එය නැවැත්වීමේ කාර්යභාරය ජනතාව ලෙස අපට පැවරෙන වගකීමක්.’’ යනුවෙනි.

Read More

ලොක්ඩවුන් පියවරයන් හා සෞඛ්‍ය පුරුදුවලට ජනතාව ගරු නොකළොත්, රෝහල්වල ධාරිතාවයේ ඉහළ අවදානමක් නොවැම්බර් මැද භාගයේදී ප්‍රංශයට අත්විඳීමට සිදුවනු ඇති බව සෞඛ්‍ය ඇමතිවරයා අනතුරු ඇඟවීය.

Read More

’’ඔබ නීත්‍යනුකූල ඡන්ද ගණන් කළේ නම් මම පහසුවෙන් දිනලා’’ ට්‍රම්ප් කියා සිටියේ ඔහුගේ ප්‍රකාශයට කිසිදු සාක්ෂියක් සපයන්නේ නැතිවය. ’’ඔබ නීති විරෝධී ඡන්ද ගණන් කළහොත්, ඔවුන්ට (ඩිමොක්‍රැටික්වරුන්ට) මැතිවරණය අපෙන් සොරකම් කිරීමට කටයුතු කළ හැකියි.’’

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.