විදුලි කණුවල ගැටී සිදුවන අනතුරු අවම කිරීම සඳහා මාර්ග ආශ්‍රිතව අවිධිමත්ව පවතින විදුලිකණු නිවැරදිව ඉවත්කිරීමට සහ සුදු වර්ණය ආලේපකිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය සමග සාකච්ඡාකොට ඉක්මනින් වැඩපිළිවෙලක් සැකසීමට කටයුතු කරන ලෙස විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
අමාත්‍යවරයා නිලධාරීන්ට මෙම උපදෙස් ලබාදුන්නෙ පාර්ලිමේන්තුවේදී පැවති විදුලිබල කටයුතු පිළිබඳ අමාත්‍යාශයීය උපදේශක කාරක සභා රැස්වීමේදීය.
මාර්ග පුළුල් කොට සංවර්ධනය කිරීමේදී පැරණි විදුලි කණු ඉවත්කිරීම ඇතැම් ප්‍රදේශවල නිවැරදිව සිදු වී නොමැති බැවින් විදුලි කණුවල ගැටී මාර්ග අනතුරු සිදුවන බවත් මේ සඳහා ඉක්මනින් විසදුමක් අවශ්‍ය බවත් පැමිණ සිටි මන්ත්‍රීවරු කමිටුවේදී යෝජනා කළේය. විශේෂයෙන් තරුණ ජීවිත බොහෝ ප්‍රමාණයක් මෙවැනි අනතුරු නිසා අහිමිවන බවත් මෙහිදී ප්‍රකාශ වූ අතර මාර්ග ආසන්නයේ පවතින විදුලි කණු සඳහා සුදු වර්ණය ආලේප කිරීම සෑම ප්‍රදේශයකම සිදුකිරීමේ අවශ්‍යතාවයද මෙහිදී මන්තීවරුන් විසින් පෙන්වා දෙන ලදි.
මේ අනුව හැකි ඉක්මනින් මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ සාකච්ඡාකොට මේ සඳහා පිළියම් යොදන ලෙස අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.