saravita-anim2

2026 පෙබරවාරි මස 10 වන අඟහරුවාදා

2026 පෙබරවාරි මස 10 වන අඟහරුවාදා

Latest News - timelapse 7924 hours ago

LATEST

තවත් විදෙස්ගත ලාංකිකයින් පිරිසක් දිවයිනට

calendar_today 2021 පෙබ 20 - 08:40 remove_red_eye - 367  

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ ගුවන් යානා 26 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,538 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සලසා දී තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

ලොව පුරා එන්නත් ලබාදෙන විට පවා දැනට වසංගතයෙන් ආරක්ෂාවීමට සිදුකරන මහජන සෞඛ්‍ය පුරුදු (මුඛ ආවරණ, සමාජ දුරස්ථකරණය සහ නිතර දෑත් සේදීම ආදී) ගැන අවධානය අඩුවීම හෝ උදාසීනත්වයට පත්වීම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් අනතුරු අඟවා තිබේ.

Read More

’’විශ්වීය කොරෝනා වෛරස එන්නත ලෙස අප හඳුන්වන දේ, දියුණු කිරීමේ හැකියාව විද්‍යාත්මකව ලෝකයට තිබෙනවා. වෙනත් වචනවලින් කිවහොත්, අවම වශයෙන් සියලුම SARS-CoV-2 ප්‍රභේද හෝ විකෘති පමණක් නොව, කොරෝනා වෛරස පවුලේ සමස්ත ප්‍රභේදයන්ම ආවරණය කරන එන්නතක් අවශ්‍යයි.’’ එක්සත් ජනපද ජාතික අසාත්මිකතා හා බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය අන්තනී ෆවුසි කියයි.

Read More

වෛරසයට එරෙහි බෙලාරුස් හි එන්නත්කරණ ව්‍යාපාරය ඉහළ නැංවීම සඳහා චීනය විසින් පරිත්‍යාග කරන ලද සීනොෆාම් කොවිඩ්-19 එන්නත් 100,000ක් සිකුරාදා එරටට ලැබී තිබේ.

Read More

මහාද්වීපයේ රටවල් වෛරසය නැවැත්වීමේ උත්සාහයන් තුළ එන්නත් ලබා ගැනීම සහ බෙදා හැරීම කෙරෙහි අවධානය යොමු කර ඇති අතර, රටවල් කිහිපයක් දැනටමත් එන්නත් කිරීමේ වැඩසටහන් දියත් තිබේ.

Read More

චීනයේ සීනොෆාම් වෙතින් ලබාගත් කොවිඩ්-19 එන්නතෙහි පළමු වැනි මාත්‍රාව බදාදා රාත්‍රියේ සෙනෙගාල ජනාධිපති මැකී සල් විසින් පිළිගන්නා ලදී.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 1,106ක් පසුකර තිබුණත්, ගෙවීගිය සති කිහිපය තුළ ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා වීමේ අඩුවක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා කමිටු සභාපති ධූරයට නම් කරනු ලැබ සිටී. ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරු සෙසු සාමාජිකයෝ වෙති.

Read More

ශ්‍රී ලංකා පොලීසිය සෑම අවස්ථාවකදීම කාන්තා නිලධාරිණියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බැවින්, කාන්තා නිලධාරිනියනට වෙනස්කොට සැලකීම් සිදුවන බවට හා අසාධාරණයට ලක්වන බවට වන චෝදනා පොලිස් මූලස්ථානය තරයේ ප්‍රතික්ෂේප කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Read More

ටී.-56 ජීව උණ්ඩ 15 ක් රැගෙන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ඇතුළු වීමට තැත් කළ පොලිස් නිලධාරීයෙකු අද (19දා) උදෑසන ගුවන් තොටුපළ පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති බව කොළඹ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ උසස් නිලධාරීවරයෙකු පැවසීය.

Read More

දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතයන් සංඛ්‍යාව 74877ක් දක්වා වර්ධනය වී තබේ. ඒ පෑළියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 258ක් වාර්තාවීමත් සමගිනි.

Read More

නීතිවිරෝධී ගස් කැපීම්, වැලි ගොඩ දැමීම, පස් කැපීම, කැලෑ එළිපෙහෙළි කිරීම්, අනවසර ගොඩ කිරීම් ඇතුළු පරිසර හානි සම්බන්ධයෙන් වන තොරතුරු 1997 කෙටි දුරකනන අංකය හරහා දැනුම් දිය හැකි බව පොලිස් මූලස්ථානය පවසයි.

Read More

අද (19) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 248ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොළඹ කොටහේන හා තදාසන්න ප‍්‍රදේශ වල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකුට එරෙහි නඩුව ලබන ජුලි මස 02 වැනිදා කැඳවීමට ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (19දා) නියම කළේය.

Read More

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ලබන 23 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප් කාරක සභාව) කැඳවා ඇති බව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය චරිත හේරත් මහතා පැවසීය.

Read More

ජාතික පාසල් වැඩපිළිවෙළ මේ මාසයේ දී ආරම්භ කරන බවත් පළමු අදියරේ පාසල් 123ක් සහ දෙවන අදියර යටතේ පාසල් 673ක් ජාතික පාසල් මට්ටමට උසස් කොට ඊට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට කටයුතු කරන බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරු ලෙස හිටපු වේග පන්දු ක්‍රීඩක චමින්ද වාස් පත්කර ඇ​ත.

Read More

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මෙම අත්අඩංගුවවට ගැනීම සිදුකර තිබේ. සැකකරුවන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

පෙබරවාරි 25 වන දින, කොළඹ නව නගර ශාලාවේදි පැවැත්විමට නියමිතව තිබූ ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමයේ 2021 වාර්ෂික මහා සභා රැස්විම වත්මන් කොවිඩ් තත්වය යටතේ දින නියමයක් නොමැතිව කල් දැමිමට සිදුවු බව එම සංගමය නිවේදනය කරයි.

Read More

ගාල්ල කලේගානේ පාසලක ඉගෙනුම ලබන දරුවන් දෙදෙනකුගේ පියා කොරෝනා ආසාදිත වීම හේතුවෙන් එම පාසලේ පන්තිකාමර දෙකක් අද (19) වසා දැමීමට සිදුවූ බව සෞඛ්‍ය අංශ පවසයි.

Read More

අධ්‍යාපනයේ අවසන් ඉලක්කය විය යුත්තේ පාසල සඳහා අධ්‍යාපනය නොව ජීවිතය සඳහා අධ්‍යාපනය බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ 2021/02/18 වන දින ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ නව පර්යේෂණ ගොඩනැඟිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. මෙම පර්යේෂණ ගොඩනැඟිලි සංකීර්ණය ඉදිකිරීමෙන් අනතුරු ව වර්ග අඩි 45000ක් තරම් විශාල ඉඩ ප්‍රමාණයක් පර්යේෂණ කටයුතු සඳහා වෙන් කෙරෙනු ඇත.

Read More

බණ්ඩාරගම, වැල්මිල්ල ප්‍ර දේශයේ සංවිධානාත්ම අපරාධ නිවාරණ කොට්ඨාසය සිදුකළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි යුවළක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සම්බන්ධතා පවත්වා ගෙන යමින් සිටියදී, ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගත රෝගී තත්වය නිසා එම ගුවන් ගමන් අතහැර දමා තිබූ ගුවන් සේවා 02 ක් 02/19 දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාළය තුල යළිත් ගුවන් සේවා සම්බන්ධතා ආරම්භ කරමින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

Read More

සෑම පැය දෙකකට වරක්ම ලංකාව තුළ දරුවෙක් ළමා අපයෝජනයකට ලක්වන අතර, පසුගිය කාලසීමාව තුළ ළමා අපයෝජන සම්බන්ධයෙන් වැඩි පැමිණිලි සංඛ්‍යාවක් ලැබී තිබිණ. පසුගිය දිනෙක පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතාද පවසා සිටියේ පසුගිය කාලය පුරාවටම ළමා අපයෝජන සම්බන්ධයෙන් පොලීසියට වැඩි පැමිණිලි සංඛ්‍යාවක් ලැබී තිබෙන බැවින් දෙමාපියන් ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙසයි. මේ අතර ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය සකස් කර තිබුණද එය තවමත් ක්‍රියාත්මක නොවීම පිළිබඳව පසුගියදා කෝප් කමිටු රැස්ව

Read More

ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සම්බන්ධතා පවත්වා ගෙන යමින් සිටියදී , ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගත රෝගී තත්වය නිසා එම ගුවන් ගමන් අතහැර දමා තිබූ ගුවන් සේවා 02 ක් අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ යළිත් ගුවන් සේවා සම්බන්ධතා ආරම්භ කරමින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

රිය අනතුරුවලින් සිදුවූ මරණ 15ක් පමණ ඊයේ දිනයේදී වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

සපුගස්කන්ද, ගලහිටියාව ශ්‍රී ධර්මවිජයරාම පන්සල අසදලී වැටලීමක් සිදුකර හෙරොයින් සමග පුද්ගලන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි

Read More

අඟහරු පෘෂ්ඨය මත ගොඩබෑමෙන් මොහොතකට පසු, Perseverance යානය අඟහරු පෘෂ්ඨයේ සිට එහි පළමු කළු-සුදු ඡායාරූප ලබා ගනිමින්, ඒවා පෘථිවිය වෙත එවනු ලැබීය.

Read More

කොවිඩ්-19 සඳහා එන්නත ලබාදීම වගකිවයුතු තීරණයක් යැයි නියෝගය තර්ක කරන්නේ එන්නත ප්‍රතික්ෂේප කිරීම අන් අයටත් අවදානමක් ඇති කරන බව අවධාරණය කරමිනි.

Read More

නැගෙනහිර, උතුරු, උතුරු-මැද සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.