නීතිවිරෝධී ගස් කැපීම්, වැලි ගොඩ දැමීම, පස් කැපීම, කැලෑ එළිපෙහෙළි කිරීම්, අනවසර ගොඩ කිරීම් ඇතුළු පරිසර හානි සම්බන්ධයෙන් වන තොරතුරු 1997 කෙටි දුරකනන අංකය හරහා දැනුම් දිය හැකි බව පොලිස් මූලස්ථානය පවසයි.
මෙම දුරකනන අංකය විෂ මත්ද්‍රව්‍ය, මහා පරිමාණ දූෂණ, ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ක්‍රියා හා සංවිධානාත්මක අපරාධ කල්ලි හා එම ක්‍රියාකාරකම් ඇතුළු වෙනත් දූෂිත ක්‍රියා සම්බන්ධයෙන් මහජනතාවට තොරතුරු ලබාදීම සඳහා මීට පෙර වෙන්කර තිබුණි.
මෙම දුරකනත අංකයට තොරතුරු ලබාදෙන පුද්ගලයන්ගේ අනන්‍යතාවය හෙළි නොකරන බවත් එකී තොරතුරුවල රහස්‍ය භාවය උපරිම අයුරින් ආරක්ෂා කරමින් විශේෂ කණ්ඩායම් මගින් විමර්ශන කටයුතු කරන බවද පොලිස් මූලස්ථානය පවමයි.
තොරතුරු ඔස්සේ කඩිනමින් විමර්ශනය කරන වැටලීම් කිරීම සඳහා පොලිස් පාරිසරික කොට්ඨාසය යටතේ විශේෂ වැටලීම් ඒකක දිවයින පුරාම පිහිටුවා ඇති අතර එහගින් කඩිනමින් සාර්ථක වැටලීම් සිදුකර වන විනාශය හා පරිසර හානි පිටු දැකීමට ශ්‍රී ලංකා පොලීසිය පියවර ගෙන ඇති බවද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පවසයි.