මධ්‍යම පළාත තුලින් කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් 183 දෙනෙකු අද 15 දක්වා වාර්තා වි ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
කුරුණෑගල නගරයේ මහ වීදියේ එක් ව්‍යාපාරික ස්ථානයකට සම්බන්ධව පමණක් මේ වනවිට කොවඩ් ආසාදිතයන් 19ක් හඳුනාගෙන ඇති බව වාර්තාවේ.
Read Moreවරාය සේවකයකුට කොරෝනා රෝගය ආසාදනය වීමත් සමග ඔහුගේ පවුලේ සාමාජිකයන්ට කරනු ලැබූ PCR පරීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ එම පවුලේ තවත් සාමාජිකයන් 07 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවයි.
Read Moreකැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් අද 15 දින වන විට කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 41 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය පැවසුවාය
Read Moreසියලුම බන්ධනාගාර සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කර තිබේ.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (15) අළුයම ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්හි නිරත විය. පුදබිමට පැමිණි ජනාධිපතිතුමා අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.
Read Moreකොරෝනා රෝග ආසාදිතයින් බවට තහවුරුවූ 52 දෙනෙකු ඊයේ (14) දිනය වනවිට ගතවූ පැය 24 ක කාලයක තුල ගම්පහ දිස්ත්‍රික්කයෙන් හමුව ඇති බවත් දැනට ආසාදිතයින් හමුවීමේ අඩුවක් පෙන්නුම් කිරීමෙන් දිස්ත්‍රික්කය තුල තත්ත්වයේ යම් පාලනයක් සිදුව තිබීම සතුටට කරුණක් බවත් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මිගාර ඈපා මහතා සදහන් කරයි.
Read Moreකෝවිඞ් 19 ආසාදිතයන් පහළොස් දෙනෙකු හමුවීමත් සමගම කුරුවිට බන්‍ධනාගාරයට 14දා සිට අගුලූ දැමූ බව සබරගමු පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේය.
Read Moreකොවිඩ් තිබුණා කියා ජනතාවට තම තමන්ගේ දෛනික කටයුතු වලින් ඈත් වෙලා ජීවත් වෙන්න බැහැ . සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව අද අපට ජීවත්වෙන්න සිදුවෙලා තිබෙනවා . කොවිඩ් තත්ත්වයත් සමග සමස්ත ලෝකයම විශාල අර්බුදයකට ලක්ව තිබෙනවා . එහි බලපෑම අපටත් තිබෙනවා . ඒ හමුවේ රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කළ යුතුයි .
Read Moreකළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 15 තුළ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 803 දෙනෙකු අද 15 දින ට වාර්තා වී ඇතැයි කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.
Read Moreබස්නාහිර පළාතෙන් පිටතට යාම සඳහා පනවා තිබ් සංචරණ සිමාව අද රාත්‍රී 12 න් පසුව අවසන් වෙයි.
Read Moreබස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පුර්ණ අධීක්ෂණය යටතේ කැලණිය පොලිස් අධිකාරි කොට්ඨාසයේ කොරෝනා වසංගතයට ලක් වන පොලිස් නිලධාරීන් නිරෝධානයට යොමු කිරීම සඳහා නිරෝධාන මධ්‍යස්ථානයක් සපුගස්කන්ද මහා විදුහලේ දී ඊයේ ( 14 වැනිදා ) පෙරවරුවේ විවෘත කෙරිණි.
Read Moreගතවූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read More2021 වර්ෂයට අදාළ අයවැය වාර්තාව ලබන 17වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.
Read Moreබස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreඉරානය ගෙවීගිය දිනයේ දෛනික නව කොරෝනා වෛරසය ආසාදිතයන් 11,203ක් වාර්තා කිරීමත් සමග මෙම නිවේදනය නිකුත් වී තිබේ. එය එරට දෛනිකව වාර්තා කළ ආසාදන සංඛ්‍යාවයි. මෙම ආසාදිතයන්ගෙන් 2,500ක් පමණ රෝහල්ගත කර ඇති අතර, සෙසු පිරිස් නිවෙස්වලම නිරෝධායනය කර තිබේ.
Read Moreවිශේෂයෙන්ම කුෂ්නර් සහ ඉවන්කා කොවිඩ්-19 පූර්වාරක්ෂාව පිළිබඳ නීතිරීති සඳහා පාසලේ මව් අත්පොතේ දක්වා ඇති මාර්ගෝපදේශ ගණනාවක් නැවත නැවතත් උල්ලංඝනය කර ඇති බව කියැවෙයි.
Read Moreනව ආසාදන ඇතිවන පොකුරු පසුපස ගොස් ඒවා හඳුනාගැනීමට රජය අපොහොසත් වී ඇති බව පිළිගනිමින්, මෙම පියවර කඩිනමින් ගන්නා බව ඔස්ට්‍රියාවේ චාන්සලර් සෙබස්තියන් කුර්ස් ඊයේ වියානාහි පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
Read Moreවසංගතයට පෙර පවා නාසා ගගනගාමීන් අභ්‍යවකාශයට රෝගයක් නොයැවීම සහතික කිරීම සඳහා පූර්ව පියාසැරි නිරෝධායන නීතිරීති පිළිපදින අතර, අභ්‍යවකාශ යානයක රැඳෙන කාර්ය මණ්ඩල සාමාජිකයින් අතර වෛරස් හා බැක්ටීරියා වේගයෙන් ව්‍යාප්ත විය හැකි බැවින් මෙසේ ක්‍රියා කරයි.
Read Moreආසාදන, රෝහල්ගත කිරීම් සහ මරණවලදී කොවිඩ්-19 සමග පොරබදමින් සිටින ඇමරිකානු ප්‍රජාවන් සඳහා නොවැම්බර් මාසය දැනටමත් මහා ව්‍යසනයක් බවට පත්ව තිබේ. විශේෂඥයන් අනතුරු අඟවන්නේ එය හොඳ අතට පත්වීමට වඩා, වඩාත් නරක අතට හැරෙනු ඇති බවටය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 54,000,000ක් ඉක්මවා ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
Read Moreබස්නාහිර පළාතෙන් පිටතට තහනම් කර ඇති පුද්ගල සංචරණ තහනම හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් කරන බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
Read Moreසෞඛ්‍ය අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක ධුරයේ කටයුතු කළ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කළ ඉල්ලීමක් අනුවය.
Read Moreකෝවිඩ් වෛරස ආසාදිතයින් 175ක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසති. නව ආසාදිතයින් සියල්ල පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් වේ.
Read Moreසඳුදා අළුයම 5.00 සිට කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන, කොටුව, පිටකොටුව, වේල්ල විදිය සහ කොම්පඤ්ඤ වීදිය යන පොලිස් බලප්‍රදේශ නැවත දැනුම් දෙනතුරු හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබේ.
Read Moreවත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ අද දින (14 කොරෝනා ආසාදිතයන් බවට වාර්තා වුන රෝගින් 18 සමග මේ වන විට වත්තල සමස්ත පුද්ගලයින් 721 දෙනෙකු කොරෝනා වෛරස ආසාදිතයන් බවට තහවුරු වී ඇති බවට වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරුණ අමරසේකර මහතා පවසයි.
Read Moreකොළඹ වරායේ සේවකයින් 200 දෙනෙකු පමණ නිරෝධායනයට යොමු කර තිබේ.
Read Moreබුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ එප් වාට්ටුවේ රදවා සිටි රැදවියන් 44 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
Read Moreමෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 214 දෙනෙකු වාර්තා වි තිබේ.
Read Moreකරන්දෙණිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා රෝගීන් 06 දෙනකු වාර්තාවීමත් සමග ග්‍රාම නිලධාරී වසම් හතරක් අද (14) සිට හුදකලා කළ බව කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
Read More