ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රදේශයේ විදුහල්පතිවරයකුට හා විදුහල්පතිනියකට කොරෝනා ආසාදනය වී ඇතැයි අද (21) තහවුරු වීම හේතුවෙන් එක් විදුහලක් හෙට (22) සිට වසා දැමීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
මෙලෙස කොරෝනා ආසාදනය වී ඇත්තේ ඇල්පිටිය නගරයේ ප්‍රධාන පාසලක විදුහල්පතිවරයකුට සහ එම ප්‍රදේශයේම කණිෂ්ඨ විද්‍යාලයක විදුහල්පතිනිය ලෙස සේවය කරන ඔහුගේ බිරිඳටය. විදුහල්පතිනිය සේවය කරන කණිෂ්ඨ විද්‍යාලයේ ගුරුවරු 07දෙනාම නිරෝධායනයට යොමුකිරීමට සිදුවන ඇති බැවින් හෙට සිට එම විද්‍යාලය වසා දැමීමට සිදුව තිබේ.
කොරෝනා රෝග ලක්ෂණ ඇතිවීම හේතුවෙන් කරන ලද ඇන්ටිජන් පරීක්ෂණයකින් මොවුන් දෙපළ කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇති අතර ඔවුන්ගේ දරුවා ද ඇන්ටිජන් පරීක්ෂණයකට ලක්කර ඇතත් කොරෝනා ආසාදිත නොවන බව හෙළිවී ඇත. කෙසේවුවද දරුවාගේ පීසීආර් පරීක්ෂණයක් සිදුකරන බව සෞඛ්‍ය අංශ පවසයි. විදුහල්පති දෙපළ සහ දරුවා අද (21) කරන්දෙණිය රෝහලේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට යවා ඇත.
සිරංගිකා ලොකුකරවිට