saravita-anim2

2026 පෙබරවාරි මස 09 වන සඳුදා

2026 පෙබරවාරි මස 09 වන සඳුදා

Latest News - timelapse 7864 hours ago

LATEST

කොටගල එකම පවුලේ හය දෙනෙකුට කොවිඩ්

calendar_today 2021 මාර් 05 - 10:18 remove_red_eye - 176  

කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ එකම පවුලේ හය දෙනකු කොවිඩ් ආසාදිතයන් බවට හදුනා ගෙන ඇති බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

බදුල්ල මහ රෝහලේ පිළිකා වාට්ටුවේ 31 දෙනෙක් අද (5)උදේ ලැබුණ පී.සී.ආර් වාර්තාවලට අනුව කොවිඩ් ආසාදිතයන් බවට හදුනාගෙන තිබේ .

Read More

ගතවූ පැය 24ක කාලය තුළ රිය අනතුරු හේතුවෙන් මරණ 15ක් පමණ සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

වේල්ලවීදියෙන් හමුවූ හිස රහිත කාන්තා මළ සිරුරට අදාළ හිස සොයා තවදුරටත් මෙහෙයුම් ආරම්භ කර තිබේ.

Read More

අඟහරුගේ පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 330 ත් 350 ත් අතර දුරින් පිහිටි ටියැන්වෙන්-1 යානයේ අධි-විභේදන කැමරාව මගින් මෙහි සමීප ඡායාරූප හසුකර ගෙන ඇති අතර, වර්ණ ඡායාරූපය මධ්‍යම විභේදන කැමරාවකින් හසු කරගෙන තිබේ.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා සිටියේ, ’’එන්නත් පමණක් ඔබව ආරක්ෂිතව තබා නොගන්නා බව රජයන් සහ ඒ රටවල මහජනතාව හොඳින් මතක තබා ගත යුතුයි. මූලික මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග (මුඛ ආවරණ පැලඳීම, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථකරණය) ප්‍රතිචාරයේ පදනම ලෙස පවතිනවා’’ යනුවෙනි.

Read More

’’එක්සත් රාජධානියේ නව දත්ත මගින් සනාථ කරනුයේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත වයස අවුරුදු 65ට වැඩි අයට පවා හොඳ ආරක්ෂිත බලපෑමක් ඇති කරන බවයි’’ යනුවෙන් එරටය සෞඛ්‍ය අධිකාරිය ඊයේ (04දා) ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

Read More

ටියුනීසියාවේ ඖෂධ පාලනය සඳහා වූ ජාතික රසායනාගාරය සහ ඖෂධවේදය පිළිබඳ ජාතික මධ්‍යස්ථානය විසින් චීන රසායනාගාරය විසින් ඉදිරිපත් කරන ලද ලිපිගොනුව තක්සේරු කිරීමෙන් අනතුරුව මෙම අවසරය ලබාදී තිබේ.

Read More

ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රා 250,000ක් ඔස්ට්‍රේලියාවට අපනයනය කිරීම වැළැක්වීම සඳහා ඉතාලිය යුරෝපා සංගම් බලතල ඉල්ලා සිටි බව ඉතාලි අගමැති මාරියෝ ඩ්‍රැගි පැවසීය.

Read More
අද කාලගුණය
5 03 2021 07:44:00
0 287

පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් හෙට (06) දිනයේ සිට බලාපොරොත්තු වන අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

රජය යළිත් වටයකට රට පුරා සීමා පැනවීමක් මුලින් ප්‍රතික්ෂේප කර තිබුණද, ප්‍රංශ අග්‍රාමාත්‍යවරයාට අනුව තුන්වැනි ජාතික අගුලු දැමීමද මෙම වාතාවරණය තුළ සිදු නොවිය හැකි දෙයක් නොවන බව අවධාරණය කර තිබේ.

Read More

චීනය මීට පෙර වෛද්‍ය සැපයුම් කණ්ඩායම් දෙකක් පෑන්-අරාබි සංවිධානයට යවා තිබේ. මේ අතර, චීනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඊජිප්තුව සහ මොරොක්කෝව ඇතුළු අරාබි රටවල් ගණනාවක් අතර එන්නත ආශ්‍රිත සහයෝගීතාව සුමටව සිදුවෙමින් පවතින බව කියයි.

Read More

මුලින්ම සුනාමි සයිරන් නලා හඬවමින් වෙරළබඩ කලාපවල ජීවත්වන ජනතාවට ප්‍රදේශයෙන් හැකි ඉක්මණින් ඉවත් වන ලෙස සඳහන් කළද පසුව එම සුනාමි අනතුරු ඇඟවීම පහත හෙළ තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,568,000ක සීමාවට පැමිණ ඇති අතර, සති හතකට පසුව ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන්ගේ යළි ඉහළ යෑමක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 147 දෙනෙකු අද (04) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ පහක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 489ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ කොරෝනා වෛරසය ආසාදනය වීම වැලැක්වීම සදහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත 880 දෙනෙකුට අද දින ලබා දුන් බව මෙම කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය .

Read More

කොවිඩ් -19 වෛරසය ආසානය වූ තවත් රෝගීන් 204 දෙනෙකු අද (04) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

හිස නැති කාන්තා මළ සිරුරට අදාළව හිස සොයා ගැනීම සඳහා මේ වන විට පොලිස් නාවික කොට්ඨාසය විසින් කැළණි ගඟේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ ගොනු කර ඇති නඩු කටයුතු බලරහිත කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සමක් මැයි මස 17දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද නියෝග කළේය.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 75ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (04) පෙරවරු 6.00 වන විට 7164ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසන් සභා වාර්තාව පිළිබඳව විවාදය ලබන මාර්තු 10 වැනි දින ආරම්භ කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය.

Read More

කොවිඩ් -19 ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 399 දෙනෙකු පූර්ණ සුවය ලබා අද (04) දිනයේ පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පවසයි.

Read More

(සුරාමත) ’’දන්නවද කළු ඉරිදට බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් ඔක්කොම එකතු වෙනවලු” ඔහු ඉහවහා ගිය ප්‍රීතියෙන් පැවසීය.

Read More

කොටස් වෙළඳපොළෙන් විදේශ ආයෝජන පිටතට ගලායෑම අතිවිශාල වශයනේ සිදු වී තිබෙනවා. රුපියලේ අගයෙන් ගත් විට, 2020 වසරේදී රුපියල් බිලියන 51 ක [විදේශ ආයෝජන] පිටතට ගලායෑමක් වාර්තා වී තිබෙනවා...

Read More

මහා ශිවරාත්‍රි දින උත්සවය උත්කර්ශවත්ව සැමරීමට අවශ්‍ය පියවර ගන්නැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

Read More

අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදුකිරීම සහ අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව අද (04) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදී තිබේ.

Read More

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල් සත් මහල් ගොඩනැගිල්ලෙහි මේ දිනවල සිදු කෙරෙන අත්‍යාවශ්‍ය අලුත්වැඩියාවක් හේතුවෙන් එහි ශල්‍යාගාර හතක්ම වසා දැමීමට සිදුව තිබීම මත පැරණි ශල්‍යාගාරයක් කඩිනමින් සකස්කර ගැනීමේ අවශ්‍යතාවයක් පැන නැගී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

ඉල්ලීම් 18 ක් මුල්කරගනිමින් සංවර්ධන නිලධාරී සේවා සංගමයේ සාමාජිකයින් විසින් ’’ සියලු උපාධිධාරීන්ට වෘත්තීය ඉල්ලීම් දිනා ගැනීමට පෙළ ගැසෙමු ’’ යන තේමාව යටතේ කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට දී (4) උද්ඝෝෂණයේ නිරත විය.

Read More

නැගෙනහිර පර්යන්තයේ සියලු සංවර්ධන කටයුතු 2023 වන විට අවසන් කරන බව වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.