සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන්ට ණය පහසුකම් ලබාදීමට පියවර ගන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (07දා) උපදෙස් දුන්නේය.
ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් මෝරුපොල ප්‍රදේශයේදී ඉකුත් 3 වෙනි දින ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වා ඇති අතර මෙහිදී ලේ පරිත්‍යාග කළ කිහිප දෙනෙකුම කොවිඩ් 19 ආසාදිතයින් බවට තහවුරුවී ඇති බැවින් එම රුධිර ප්‍රමාණය ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසට දැනුම් දීමට පියවර ගත් බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා පැවසීය.
Read Moreකොරෝනා ආසාදිතයෙකු හදුනාගැනිමත් සමඟ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව තාවකාලිකව වසා දැමිමට තිරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය ජි.එල් පිරිස් මහතා ප්‍රකාශ කරයි.
Read Moreරාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරට කොවිඩ් වෛරසය ආසාදනය වෙයි.
Read Moreවතු කම්කරු වැටුප ජනවාරි මාසයේ සිට රුපියල් 1000දක්වා වැඩි නොකළහොත් වතු හාම්පුතුන්ට එරෙහිව පාරට බහින බවත් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව රාජ්‍ය හා පෞද්ගලික සිවිල් සංවිධාන ඒකරාශී කොට වතු හාම්පුතුන්ට එරෙහිව ප්‍රබල ජන හඩක් නගන බවත් ඒ වෙනුවෙන් දැඩි අරගලයක් කිරීමට සිය සංවිධානය තීරණය කළ බවත් පහතරට වතු කම්කරුවන්ගේ සංගමයේ සභාපති රුවන් ගාල්ලගේ මහතා අද (8) ඇල්පිටියේදී කීවේය.
Read Moreශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 532 දෙනෙකු ඊයේ (07දා) හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 07 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඉතිරි පුද්ගලයින් 525 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 226 ක් ලෙසය.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත 01/08 දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ රජයේ විශේෂ අවසරය මත ශ්‍රී ලාංකික ගුවන් මගීන් 200 දෙනෙකු ගුවන් යානා 06 කින් පැමිණ තිබූ අතර , තවත් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 538 දෙනෙකු ගුවන් යානා 07 කින් පිටත්ව ගොස් තිබූ බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.
Read Moreදක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුව ඇති රිය අනතුරක් හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන තදබදයක් නිර්මාණය වී තිබේ.
Read Moreදිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreමෙම එන්නත හදිසි භාවිතය සඳහා කරන ලද ඉල්ලීමක කොටසක් ලෙස සවිස්තර ප්‍රතිඵල විස්තරය එරට සෞඛ්‍ය නියාමන ආයතනය වෙත ඉදිරිපත් කරන බව, සීනොවැක් හි එරට පර්යේෂණ හා නිෂ්පාදන සහකරු වන බ්‍රසීලියානු ජෛව වෛද්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ඩීමස් කෝවාස් පැවසීය.
Read Moreපළමු අදියරේදී මිලියන 20ක සෞඛ්‍ය සේවා සහ ඉදිරිපෙළ සේවකයන් එන්නත් කිරීමටත්, වයස 50ට වැඩි මිලියන 270ක ජනතාවටත්, දෙවැනි අදියරේදී සහසම්බන්ධතා ඇති පුද්ගලයින්ටත් එන්නත් කිරීමට ඉන්දියාව සැලසුම් කර තිබේ.
Read Moreදකුණු පළාතෙන් ඊයේ (07) දින නව කොවිඩ් ආසාදිත රෝගින් 26 දෙනෙකු හමුවිමත් සමග දකුණු පළාතෙන් වාර්තාවන කොවිඩ් ආසාදිත රෝගින් සංඛ්‍යාව 1252 ක දක්වා ඉහළ ගොස් ඇති බැව් දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් සම්බන්ධිකරණ කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.
Read Moreඑනමුදු මුඛ ආවරණ භාවිතය, සමාජ දුරස්ථභාවය පැවැත්වීම සහ නිතර දෑත් සේදීම වැනි මහජන සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග මගින් පුද්ගලයන්ට තමන්ව ආරක්ෂා කර ගැනීමටත්, ආසාදනය වී ඇත්නම් තමන්ගෙන් ප්‍රජාව අවදානමට පත්වීම අවම කිරීමටත් බලය ලැබෙන බව එම අධ්‍යයනය වැඩිදුරටත් අවධාරණය කරයි.
Read Moreබ්‍රසීලය කොරෝනා වෛරසයේ පළමු රැල්ලේදී දැඩි පීඩාවකට ලක්වූ රාජ්‍යයක් බවට පත්වූයේ එරට ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ වසංගතය ගණනකට නොගෙන කටයුතු කිරීම හේතුවෙනි. අවසානයේදී ජනාධිපතිවරයාද වෛරසයේ ගොදුරටක් බවට පත්වූ අතර, පසුව ඔහුට ක්‍රමයෙන් වසංගතයේ අවදානම වැටහෙන විට අශ්වයා ඉස්තාලයෙන් පැනගොස් තිබුණි.
Read Moreකැපිටල් ගොඩනැගිල්ල වටා අඩි 7ක් උස තාවකාලික ආරක්ෂිත තාප්පයක් ඉදිකිරීමටත්, ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, වෙනත් නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමග සහයෝගයෙන් කටයුතු කිරීමටත් ජාතික ආරක්ෂක බළකා සාමාජිකයන් කැඳවා තිබේ.
Read Moreවිශේෂයෙන්ම ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත්වීමේ සිට මේ දක්වා ඔහු විසින් උසිගැන්වූ කැපිටල් ගොඩනැගිල්ලේ මැර ප්‍රහාරය මෙන්ම, ඔහුට එරෙහිව ඉදිරියේදී එල්ල විය හැකි නීතිමය හා දේශපාලන ප්‍රතිවිපාක සම්බන්ධයෙන් උනන්දු වෙමින් ට්‍රම්ප් මෙසේ තමා වෙත ස්වයං සමාවක් ලබාගැනීම ගැන උපදෙස් පතා තිබේ.
Read Moreඑක්සත් ජනපද කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදුණු ප්‍රචණ්ඩකාරී මැර පිරිස පාලනය කිරීම සඳහා සූදානමින් නොසිටීම හේතුවෙන් කැපිටල් හි පොලිස් ප්‍රධානී ස්ටීවන් සුන්ඩ් ඉල්ලා අස්වන බව ඇමෙරිකානු මාධ්‍ය පවසයි.
Read Moreකෙසේ වෙතත් තේරීපත් වූ ජනපති ජෝ බයිඩන් වෙත සුබ පැතීමට උනන්දු නොවූ ඔහු, බල හුවමාරුව සුමටම සිදුකිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් බවද පවසා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදයේ මහ ගෙදර යැයි කියා ගන්නා ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂිංටනය ගිනි අවුලුවාලීමෙන් දිනක් ගතවීමෙන් පසුවය.
Read Moreඑක්සත් ජනපදයේ කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදුණු ට්‍රම්ප් හිතවාදී කැරලිකරුවන් අතර සිටි සිව්දෙනෙකු බදාදා දිනයේදී ජීවිතක්ෂයට පත්ව තිබුණු අතර, එහිදී තුවාල ලැබූ කැපිටල්හි සේවය කළ පොලිස් නිලධාරියෙකුද ඊයේ ජීවිතක්ෂයට පත්ව තිබුණි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 87,912,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.
Read Moreඉතාලියේ මිලාන් නගරය ආශ්‍රිතව ශ්‍රී ලාංකික කාන්තාවන්ට රැකියා සොයා දි ලිංගික අල්ලස් ඉල්ලූ ශ්‍රී ලාංකිකයෙක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් විසින් අදහස් දක්වා අන්තර්ජාලයට මුදාහැර ඇති විඩියෝවක් සම්බන්ධයෙන් කරුණු සොයා බලමින් සිටින බව ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා මිලාන් කොන්සල් ජනරල් කාර්යාලය පවසයි.
Read Moreවිශාල වශයෙන් බදු නොගෙවන ආයතනවල ලේඛනය ඉදිරියේදී ජනමාධ්‍ය මගින් මහජනතාව වෙත ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේදී ඊයේ (06) තීරණය කර තිබෙනවා.
Read Moreමහජන සුබ සිද්ධිය අරමුණු කර ගනිමින්, පවත්නා නීති හා රෙගුලාසි සරල කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සාමාජිකයන් 18 දෙනෙකුගෙන් යුත් කොමිෂමක් පත් කරයි.
Read Moreඅද (07) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 270ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreමෙරටින් අද (07) දින තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreකොවිඩ් ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ සිරුරු භූමිදානය නොකිරීමටත් ආදාහනය කිරීමටත් ඒ පිළිබඳව සොයා බැලීමට පත්කළ කමිටුව විසින් නිර්දේශ කර ඇති බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය පැවැසුවාය.
Read Moreසීනි බදු සංශෝධනයේදී එහි වාසිය පාරිභෝගිකයන්ට හිමි වන්නේද යන්න පිළිබඳව අපක්ෂපාතී සහ විමර්ශනාත්මක වාර්තාවක් පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළීබඳ කාරක සභාව වෙත ලබා දෙන ලෙස එම කාරක සභාවේ සභාපති නීතිඥ අනුර ප්‍රියර්ශන යාපා මහතා මුදල් අමාත්‍යංශ නිලධාරීන්ට දැනුම් දුන්නේය.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 255ක් අද (07) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreලබන සදුදා සිට පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන ආරම්භ කරන බව කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පවසයි.
Read Moreරුපියල් දහතුන් කෝටි පනස් ලක්ෂයක් (13,50,00,000) ක් වටිනා එක්ස්ටසි (Ecstasy ) නැමැති මෙතැම්පටමයින් වර්ගයට අයත් කිලෝ ග්රැම් 09 ක් බර මත් පෙති 18,000 ක් බෙල්ජියමේ සිට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ගුවන් තැපැල් මගින් එවා තිබියදී , රේගු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 01/07 දින පස්වරුවේ කොළඹ කොටුව රේගු මූලස්ථානයේ දී ඒවා විවෘත කර අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා ප්‍රකාශ කළේය .
Read More