saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 7434 hours ago

LATEST

පේරාදෙණිය උද්භිද උද්‍යානය සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ

calendar_today 2021 ජන 28 - 10:14 remove_red_eye - 822  

පේරාදෙණිය උද්භිද උද්‍යානය දෙස් විදෙස් සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. ඒ සඳහා මේ වසර තුළ විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඉන්දීය රජය විසින් පරිත්‍යාගයක් ලෙස ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත රැගත් ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 281 දරන ගුවන් යානය 01/28 දින උදෑසන 9.31 කට මුම්බායි ගුවන් තොටුපළෙන් කටුනායක ගුවන් තොටුපළ බලා පිටත්වී ඇති බව ඉන්දීය ගුවන් සේවයේ කටුනායක කාර්යාලය පවසයි.

Read More

ගව ඝාතනය නැවතීමක් පිළිබඳ කතාබහක් ඉකුත් දිනක අසන්නට ලැබිණි. එහෙත් එය තවත් හුදු කතාබහක් පමණක්ම වී ඇත. එවැන්නක් කිරීමට තරම් සවිමත් ප්‍රායෝගික වැඩපිළිවෙළක් පෙනෙන තෙක් මානයක නැත. සත්‍ය ලෙසම ගැටලුව වනුයේ මෙවැනි චවන මාත්‍ර සමාජගත කරන්නවුන්ට ඒ සඳහා අවංක උවමනාවක් ඇතිද යන්නය. සියලු තැන්හී පිරිහුණු මෙරට වත්මන් ජනසමාජය මෙවැනි සද් කටයුතු අරඹයා අරගල කිරීමට සූදානම් නැති බව නම් ඉඳුරාම කිවත හැකිය. සිදුව ඇත්තේ අපේ යැයි කිව හැකි සියලු අක්මුල් සිඳගත් ජාතියක් බවට අප

Read More

උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ සිට බදුල්ල දක්වා සහ බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන ’දෙනුවර මැණිකේ’ දුම්රිය ධාවනය නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව නතර කර තිබේ.

Read More

පේරු රජය චීනයේ, සීනොෆාම් සමග තවත් ගිවිසුම් දෙකක් අත්සන් කරමින්, පෙබරවාරි මාසයේදී මාත්‍රාවන් මිලියන භාගයක් සහ මාර්තු මාසයේදී මාත්‍රා මිලියන 1.5ක් ලබාගැනීම සඳහා කටයුතු අවසන් කර ඇති බව අගමැති සාගස්ටි පවසයි.

Read More

නැගෙනහිර මධ්‍යධරණි කලාපය සඳහා කොවිඩ්-19 එන්නත් මාත්‍රාව මිලියන 25ක් ලබා ගැනීමට අපේක්ෂා කරන අතර, එය දෙසැම්බර් මාසය වනවිට මාත්‍රා මිලියන 355ක් දක්වා ඉහළ යනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිලධාරියෙක් පවසයි.

Read More

එන්නත් දෙකක දත්ත හදිසි භාවිත ලැයිස්තුගත කිරීමේ ක්‍රියාවලිය සඳහා ඉදිරිපත් කිරීම පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට ප්‍රශංසා කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිශක්තිකරණ, එන්නත් හා ජීව විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කැතරින් ඕ බ්‍රයන් පැවසීය.

Read More

කොරෝනා වසංගතයේ දෙවැනි රැල්ල හමුවේ යුරෝපයේ දැඩි පීඩාවකට පත් රටක් ලෙස එක්සත් රාජධානියේ පාසල් දරුවන් යළි පාසල් යැවීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන බව අගමැති බොරිස් ජොන්සන් පවසයි.

Read More

හදිසි භාවිතය සඳහා එන්නත් දෙකක් මේ වන විට පාකිස්තානය විසින් අනුමත කර ඇති අතර, එකක් චීනයේ ජාතික ඖෂධ සමූහය (සීනොෆාම්) සහ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා යන එන්නත් ද්විත්වයයි. එසේම රුසියාවේ ස්පුටිනික් වී එන්නත සඳහාද අනුමැතිය ලබාගැනීමට ඔවුන් අපේක්ෂා කරයි.

Read More

දකුණු පළාතෙන් ඊයේ (27) දින නව කොවිඩ් ආසාදිත රෝගින් 39 දෙනෙකු වාර්තාවිමත් සමග දකුණු පළාතේ කොවිඩ් ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 2458 දක්වා ඉහල ගොස් ඇති බැව් කොවිඩ් මෙහෙයුම් සම්බන්ධිකරණ කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.

Read More

මෙම පිරිසේ එක් විශේෂඥයෙකු චීන මාධ්‍ය වෙත පවසා තිබුණේ, ඔවුන් පසුගිය සති දෙක තුළ චීන විද්‍යාඥයන් සමග වීඩියෝ සම්මන්ත්‍රණ හරහා සන්නිවේදනය කරමින් සිටි බවය.

Read More

දකුණු අප්‍රිකාවෙන් වාර්තා වූ කොරෝනා ප්‍රභේදය පිළිබඳ සිද්ධියක් වාර්තා නොකළ එකම ලෝක සෞඛ්‍ය සංවිධාන කලාපය අග්නිදිග ආසියාවයි. එම ප්‍රභේදය B.1.135 ලෙස පුළුල්ව හැඳින්වේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 100,740,000ක් ආසන්නයට පැමිණ ඇති පසුබිමක, වසංගතයේ රැළි දෙකම පාලනය කළ රටවල් කිහිපයක්ද ලොව තුළ පැවතීම සුවිශේෂී තත්ත්වයකි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳව තීන්දු කිහිපයක් ගත් බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය, ජාතික තේරීම් කමිටුව හා ජාතික පුහුණුකරු හා මෙම සාකච්ඡාව පවත්වා තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරටින් වාර්තාවන සම්පූර්ණ කොවිඩ් මරණ සංඛ්‍යාව 290ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික තේරීම් කමිටු සභාපති ලෙස කටයුතු කරන අසන්තද මැල් මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත්ව තිබේ.

Read More

ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ලැබෙන ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගය ලබාදෙන අයගේ නම් ලැයිස්තුගත කර අවසන් බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

Read More

කොවිඩ් වෛරස ආසාදිතයකු බවට හඳුනාගත්මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාගේ සමීපතමයන්කිසිවෙකුටත්වෛරස ආසාදන වී නොමැති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි .

Read More

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් භාවිතයෙන් ඉවත් කරනු ලැබූ දුම්රිය මැදිරි දෙසීයක් නැවත ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියට තවත් මැදිරි සීයක් එකතු කිරීමේ ව්‍යාපෘතිය සොයා බැලීමට ‍ප්‍රරවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අද (27දා) දෙමටගොඩ පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් තන්ත්‍රී සමාගමේ දුම්රිය අංගනයයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.

Read More

2019 අ.පො.ස (උසස්පෙළ) විභාගයේ පැරණි සහ නව නිර්දේශ කඩඉම් ලකුණු මට්ටම් දෙකකින් විශ්වවිද්‍යාල වලට ශිෂ්‍යයන් තෝරා ගැනීම නිසා මතු වී ඇති ගැටළුව විසඳීම, බඳවා ගැනීම් පටිපාටියට හා පවත්නා නීති රීති වලට අනුකූලව ගැටළු පවතින ශිෂ්‍යන්ගේ ඉල්ලීම් සපුරාලන පරිදි සිදු කිරිමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර ඇත.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 311 දෙනෙකු අද (27) දිනයේ හඳුනාගෙන තිබේ.

Read More

වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සි.බි.රත්නායක මහතා යලිත් ස්වෙච්ඡාවෙන්ම අමාත්‍යවරයාගේ නිවසේ (27) දින සිට ස්වයං නිරෝධානයට යොමු වි ඇත.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 1520 දෙනෙකු අද (27) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

16 හැවිරිදි පිරිමි දරුවකු බරපතල ලෙස ලිංගික අපයෝජනය කළ බව කියන ග්‍රාම නිලධාරිවරයකු අද (27) අත්අඩංගුවට ගත් බැව් හබරාදුව පොලිසිය පවසයි.

Read More

අලුත් ජීවන ක්‍රමයක් අනුව විපතින් සැපතට රට ගෙනයාම අපගේ අරමුණ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් පැවසී ය. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (27) පැවති ‘කොවිඩ් 19 බලපෑම අවම කිරීම, වසංගත අභියෝග තුළින් රට විපතින් සැපතට ගෙනයාම’ මැයෙන් ජාතික විද්‍යා පදනම සංවිධානය කර තිබූ ජාත්‍යන්තර සම්මේලනය‍ට එක්වෙමිනි.

Read More

මධ්‍යම පළාතේ වාර්තාවන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව හාරදහස ඉක්මවීම අද දින (27) දින වාර්තා වි ඇත.

Read More

ඉන්දියාවේ සිට ගෙන ඒමට නියමිතව තිබෙන කොරෝනා එන්නත එළඹෙන පෙබරවාරී දෙවන සතියේ සිට ලබාදීමට සූදානමක් ඇති බවට උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය ඒ.කේදීස්වරන් මහතා පවසා සිටියේය.

Read More

කොවිඩ් 19 වෛරසයට එරෙහිව චීනයේ සිනෝෆාම් සමාගම නිපදවූ එන්නතේ මාත්‍රා ලක්ෂ තුනක් ශ්‍රී ලංකාවට ප්‍රධානය කිරීමට නියමිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.

Read More

කොවිඩ්-19 ආසාදිත බවට පසුගිය 24 දින හඳුනාගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපා බණ්ඩාර මහතා දින 4 ට පසු තෙල්දෙනිය නිරෝධායන මධ්‍යස්ථනායට ප්‍රතිකාර සදහා යොමු කර ඇත.

Read More

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් බොස්කෝ විද්‍යාලය (27) දින සිට තාවකාලිකව වසා දැමිමට පියවර ගත් බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.ආර්.එස් මැදවෙල මහතා පැවසිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.