saravita-anim2

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා

Latest News - timelapse 7286 hours ago

LATEST

පූජ්‍ය බත්තරමුල්ලේ සීලරත්න හිමි ක්‍රිකට් නිලවරණයට

calendar_today 2021 පෙබ 24 - 14:00 remove_red_eye - 718  

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ධුරය සඳහා තරඟ කිරීමට පූජ්‍ය බත්තරමුල්ලේ සීලරත්න හිමියන් විසින් අද සිය නාමයෝජනා භාර දී ඇ​ත.

මුතුරාජවෙළ අධි සංවේදී පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා ජනාධිපතිගේ පූර්ණ අවධානය යොමු වී තිබෙන බවත් ඒ අනුව මෙම වටිනා තෙත් අභයභූමිය වහාම පරිසර අමාත්‍යාංශය හා නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීමට කටයුතු කරන්නැයි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට උපදෙස් දුන් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read More

රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බහුකාර්ය සංවර්ධන විශේෂ බහුකාර්ය සංවර්ධන විශේෂ කාර්ය බළකා දෙපාර්තමේන්තුව හරහා බදවා ගනු ලැබූ පිරිස් රෝහල්වලට අනුයුක්ත කිරීම මගින් දැනට සේවය කරන සෞඛ්‍ය කාර්ය සහායක උපස්ථායක යන කාර්ය මණ්ඩලවල ශ්‍රේණීන් පහතවැටීමක් සිදුවන බැවින් එය නිවැරැදි කරන ලෙසට බලකරමින් සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති එකමුතුව දියත් කළ දෙදින වැඩ වර්ජනය බදුල්ල මහ රෝහලේදී අද (24) ක්‍රියාත්මකවිය .

Read More

මොනරාගල දිස්ත්‍රික්කයෙන් අද (24) අලුතෙන් කොවිඩ් 19 රෝගීන් 38 දෙනෙකු හමුවූ බව මොනරාගල වැඩබලන ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක තුසිත අත්තනායක මහතා පැවසීය.

Read More

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර නිල හමුව අද (24) පෙරවරුවෙ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

Read More

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර නිල හමුව අද (24) පෙරවරුවෙ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

Read More

දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කර ඇති රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩල හා මිශ්‍ර ශ්‍රේණි සේවකයන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් අද (24) උදෑසන සිට කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර සේවා හැර අන් සියලු සේවාවන් ඇණහිට තිබිණ.

Read More

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව චැපල්ටන් වත්තේ පි.සි කොටස (23) දින රාත්‍රියේ සිට සංචරණ සිමා පැනවු බව බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙකු පැවසිය.

Read More

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2021 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු අදියර ‍හෙටින් එනම් 25 වන දිනයෙන් අවසන් කෙරේ.

Read More

පසුගිය සති දෙකක කාලය තුල ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රෝගින් 202 නෙකු වාර්තා වි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් හැටන් දික්ඔය මුලික රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයින් විසින් (24) දින අසනිප නිවාඩු වාර්තා කර වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත විම නිසා රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනිමට පැමිණි රෝගින් රැසක් දැඩි අසිරුතාවයට පත්විය.

Read More

රුසියාව පසුගියදා සිය ස්පුට්නික්-වී එන්නත නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා නවතම කර්මාන්ත ශාලාව ජාත්‍යන්තර මාධ්‍ය වෙත විවෘත කර තිබේ. මීට පෙර සෝවියට් විද්‍යාඥයන් ජීව විද්‍යාත්මක ආයුධ පිළිබඳව පර්යේෂණ මෙම ස්ථානය දැන් මහා පරිමාණ එන්නත් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් බවට පරිවර්තනය කර ඇත.

Read More

පොරොන්දු වූ පරිදි චීනය සංවර්ධනය වෙමින් පවතින රටවල් 53කට එන්නත් ආධාර ලබාදෙන අතර සමහර රටවලට දැනටමත් චීන ආධාර ලැබී ඇති බව එරට විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඊයේ (23දා) නිතුක් කළ නව වාර්තාවක් අනතුරු අඟවා සිටියේ කොරෝනා වෛරසයේ වැඩි සම්ප්‍රේෂණ හැකියාවක් ඇති නව ප්‍රභේදයක් හේතුවෙන් මාර්තු මාසයේ ආසාදන යළි ඉහළ යා හැකි බැවින්, දෙවැනි මාත්‍රාව කල්දමා වැඩි පිරිසකට එන්නත ලබාදිය හැකි ලෙස එන්නත් වැඩසටහන වේගවත් කරන ලෙසය.

Read More

නැගෙනහිර සහ ඌව පළාත්වල අද (24) දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

වසංගතය සම්පූර්ණයෙන්ම පාහේ පාලනය කළ චීනය, වියට්නාමය, තායිවානය ආදී රටවල මුල සිටම මුඛ ආවරණ භාවිතයේදී ජනතාව ඒ කෙරෙහි දැක්වූ උනන්දුව මෙන්ම, එම රටවල රජයන් හා පාලකයන් මෙන්ම ආයතනිනක පරිසරයන්ද ඒ කෙරෙහි ජනතාව හා තම සේවකවන් නැඹුරු කරවීමට දැක්වූ ප්‍රයත්නය බොහෝසෙයින් අද මල්ඵල ගැන්වී ඇත.

Read More

චීන එන්නතෙහි පළමු තොගය මාර්තු 1දා පැමිණෙන බව ඉරාක සෞඛ්‍ය අමාත්‍ය හසන් අල් තමිමි තහවුරු කළේය.

Read More

ආගමික අන්තවාදය එරෙහිව පාකිස්තානය හා ශ්‍රී ලංකාව එක්ව කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ COVAX වැඩසටහන හරහා ඉන්දියාව සිය ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 එන්නත අප්‍රිකාව පුරා රටවල් වෙත නැව්ගත කිරීම ආරම්භ කර ඇති බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අනුරග් ශ්‍රීවස්තවා නිවේදනය කරයි.

Read More

ප්‍රකට ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස්ට අනතුර සිදුවන අවස්ථාවේදී ඔහු ධාවනය කළ කාරයේ වායු බෑග් ක්‍රියාත්මක වී ඇති අතර, වුඩ්ස් ආසන පටි පැළඳ සිට ඇත. ලොස් ඇන්ජලීස් ෂෙරිෆ් පැවසුවේ මෙය ඔහුගේ ජීවිතය බේරීමට හේතු වන්නට ඇති බවයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,483,500ක සීමාවේ තිබුණත්, ගෙවීගිය සති කිහිපය තුළ ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ වාර්තා වීමේ අඩුවක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බඳවා ගනු ලැබූ පිරිස් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කරන්නේ නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී.

Read More

අප රට භාරගත්තේ මුහුණ දීමට සිදුවන අභියෝගයේ තරම නොදැන නොවේ. රට මත විශාල ණය බරක් පැටවී තිබුණා. ආර්ථිකය පැවතියේ ඉතා දුර්වල තැනක. අභියෝගය ජය ගන්නේ කෙසේදැයි අපට දැක්මක් තිබුණා. කොවිඩ් 19 වසංගතයේ ව්‍යාප්තිය නිසා ඉදිරි ගමනට බාධක පැමිණියත් අප කැපී පෙනෙන ජයග්‍රහණ අත්කර ගත්තා. රටේ අපනයන ආදායම් පූර්ව කොවිඩ් අවධියට යළි ඇවිත්. වසංගතය හමුවේ රජය අනුගමනය කළ පිළිවෙත නිසා කෘෂිකර්මාන්තය දියුණු වුණා මිස කඩා වැටුණේ නැහැ.

Read More

මානව හිමිකම් කවුන්සිලය හා එහි යාන්ත්‍රණයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව තිබියදීත්, ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියා කරන කොටස් මෙම මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව මත පදනම්ව, රටට විශේෂිත වූ තවත් යෝජනාවක් ඉදිරිපත් කිරීමට අදහස් කිරීම කණගාටුවට කරුණක් බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

අද (23) කොවිඩ් මරණ 03ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.

Read More

අද රටේ ළමා නිවාස වල සිටින අහිංසක දරුවන්ට ලිංගික හිංසන සහ විවිධ අඩත්තේට්ටම් සිදු කිරීම පිළිබඳ බහුලව වාර්තා වන බවත් ,ඒවාට එරෙහි ව රජයක් වශයෙන් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවත් කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 222 දෙනෙකු අද (23) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් කාන් මැතිතුමා ඇතුළු දූත පිරිස පකිස්තාන ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් අද දින සවස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය .

Read More

තවත් 732 දෙනෙකු අද (23) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇත.

Read More

කොවිඩ් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු පූර්ණ සුවය ලැබූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද දින (23) සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් සමග පවතින කොවිඩ් වසංගත තත්ත්වය සහ වෛරසය මර්දන වැඩපිළිවෙලෙහි ප්‍රගතිය මෙන්ම ඉදිරි සෞඛ්‍ය සංවර්ධන වැඩපිළිවෙල පිළිබදව විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.