saravita-anim2

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා

Latest News - timelapse 7294 hours ago

LATEST

රාජ්‍ය අමාත්‍යවරු හා දේවානි ජයතිලක අතර සංවාදයක්

calendar_today 2021 මාර් 30 - 21:50 remove_red_eye - 780  

හැමොම මට පෙෂර් කරන එක වැරදියි. අදාළ වැරදිකරුවන්ට පෙෂර් කරන්න. ඒ අයට කියන්න පස් ඉවත් කරන්න කියලා. ඒ අය අවුරුදු දෙකක් තිස්සේ පස් ඉවත් කළා නම් දැන් ඔය වැටසටහන කරලා. පස් ඉවත් නොකිරීම නිසා කඩොලාන පද්ධතියට වූ හානිය පූරණය කරන්නේ කවුද? එතනත් බිලියන ට්‍රිලියන නෙවෙයි ඊට වඩා හානියක් වී තිබෙනවා. ඒවා ගැන කවුරුත් කතා ක

කොවිඩ් හේතුවෙන් තාවකාලිකව වසා දැමුන නොර්වුඩ් ප්‍රාදේශී සභා කාර්යාලය නැවත විවෘත කිරිමට උපදෙස් දුන් බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

Read More

පස්සර සිට බදුල්ලට ධාවනය වෙමින් තිබූ ලොරියක් අද (30දා)සවස පස්සර කිරිමණ්ඩලය අසළදී මාර්ගයේ වැරැදි මං තීරුවට ධාවනය වී මාර්ගයෙන් ඉවතට පැන අඩි 100 ක් පමණ ප්‍රපාතයකට පෙරළී ඔයකට වැටී අනතුරට පත්විය.

Read More

මධ්‍යම පළාතේ සිදුවන වන විනාශයන් පිළිබඳව කඩිනමින් දැනුම්දීමට පියවර ගන්නා ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර පරිසර මෙහෙයුම් ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 102ක් වාර්තා වී තිබේ. ඒ අනුව පෑලියගොඩ, බන්ධනාගාර, දිවුලපිටිය මෙන්ම විදේශයන්හි සිට පැමිණි අයගේ කොවිඩ් පොකුර 87795ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

දිස්ත්‍රික්ක 25 තුළම ඇවිදින මංතීරු සමඟ නාගරික වන වගාවන් (Urban Gardens) 25ක් ඉදි කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (30) දින පැවසීය.

Read More

සිරකරුවන්ගේ තදබදය අඩු කිරීම සඳහා පොදු සමාව ලබා දීමේ ප්‍රතිපත්තිමය ක්‍රියාවලියට අමතරව සමාලෝචන ක්‍රමවේදයක් හරහා විශේෂ සමාව ප්‍රදානය කිරීමේ යාන්ත්‍රණයක් සකස් කිරීමට පිහිට වූ කමිටු වාර්තාව බාරදී තිබේ.

Read More

මේ වසරේ ගතවූ මාස හතරකට ආසන්න කාලයේදී පොලිස් නිලධාරීන් 72 රිය අනතුරුවලට ලක්ව ඇති බවත් එයින් නිලධාරීන් 18ක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය, ආචාර්ය සරත් වීරසේකර මහතා පැවැසීය.

Read More

තලවකැලේ ලිදුල නගර සභාවට නව සභාපතිවරයෙකු තොරාපත් කර ගැනිමේ නිලවරණයට කොළඹ අභියාචනාධිකරණයෙන් අද දින අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

Read More

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුව අට දෙනා ඇප මත මුදාහරින්නේ ද? නැත් ද? යන තීන්දුව අප්‍රේල් මස 01 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය.

Read More

අද (30) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 176 දෙනෙක් සුවය ලබා පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

පේරාදෙණිය විශ්ව විද්‍යලයට අනුබද්ධ පශ්චාත් විද්‍යා උපාධි ආයතනය විසින් පවත්වාගෙන ගිය ස්ථාවර තැන්පතු වලින් රුපියල් මිලියන 50 ක මුදලක් එහි හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් විසින් වංචා සහගත ලෙස ලබාගෙන ඇතැයි පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.

Read More

ස්වර්ණමහල් ජුවලර්ස් (පුද්) සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ අංජලී එදිරිසිංහ යන අය අප්‍රේල් 01 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Read More

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් 1977 වසරේ මහා මැතිවරණයට ඉදිරිපත්ව ආසන 08 ඇද හැළුණු පක්ෂය නැවතත් 1994 වසරේදී මෙරට ආණ්ඩු බලය ලබා ගත් ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව මුහුණුවරක් ලබා ලබාදෙමින් අනාගත ආණ්ඩුවක් බිහි කිරීමේ අරමුණ ඇතිව ශක්තිමත්ව පක්ෂය ගොඩනඟන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා මහනුවරදී පැවසීය .

Read More

බසය හදිසියේ ප්‍රපාතයට පෙරළිගියේ නම් පසුගියදා පස්සරදී සිදුවු අනතුරට වඩා අනතුරක් සිදුවීමට ඉඩ තිබිණ.

Read More

පන්නිපිටියේ දී ලොරි රථ රියදුරුට පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහරගම පොලිසියේ කොස්තාපල්වරයා ලබන මස 5 දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය

Read More

ශ්‍රී ලංකාවට අලුතින් පත් කරනු ලැබ සිටින, වියට්නාම් සමාජවාදී ජනරජයේ තානාපතිනි හෝ තී තාන් ටෘක් මහත්මිය අද (30) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍රය පිළිගැන්වූවාය

Read More

බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ පසුපස එන්ජිම (30) දින දහවල් 12.30 පමණ පීලි පැනීම නිසා උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමනයට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසීය.

Read More

අල්ලස් පනත යටතේ දූෂණ චෝදනාවක් එල්ල වී සිටි හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් ඇතුළු තිදෙනෙකු නිදෙස් කොට නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

Read More

හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එකල සිය දේශපාලන වේදිකාවේදී චීනය වෙත දැඩි චෝදනාවක් එල්ල කරමින්, කොරෝනා වෛරසය වූහාන් හි විද්‍යාගාරයකින් කාන්දු වූවක් බවට ඉදිරිපත් කළ කල්පිතය මෙම අධ්‍යයන වාර්තාව හරහා බැහැර වී තිබේ.

Read More

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බවට පත්කරලීමේ පස් අවුරුදු නව සැලැස්මක් ක්‍රියාවට නැංවේ.‍

Read More

අවම වැටුප කටාර් රියාල් 1000 ගෙවීමට අමතරව සේවකයින්ට නවාතැන් හා ආහාර පහසුකම් ලබාදිය යුතු අතර එසේ එම පහසුකම් ලබානොදෙන්නේ නම් ඊට පිලියම් ලෙස ආහාර සඳහා රියාල් 300ක් ද, නවාතැන් සඳහා රියාල් 500ක් වශයෙන් අමතර ගෙවීමක්ද සේවකයාට ලබාදිය යුතුවේ.

Read More

එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල මීට පෙර ශ්‍රී ලංකා ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය සටහන් වූයේ රු.201.77ක් ලෙස ඊයේ (29දා) දිනයේය.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Read More

කෑගල්ල ලංගම ඩිපෝව ධාවනයෙන් ඉවත් කර තිබූ බස්රථයක් බදුල්ල ලංගම ඩිපෝවේ ඉංජිනේරු අංශය විසින් සෆාරි බස්රථයක් බවට පත් කර තිබේ.

Read More

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින එම කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු සැකකරුවන් 20 දෙනා ලබන 12 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

Read More

(FULL LIST) ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අමාත්‍ය මණ්ඩලය ගත් තීරණ පහත පරිදි වෙයි.

Read More

දිවයින පුරා මේ වන විට පිහිටි සහ ඉදි වෙමින් පවතින රාජ්‍ය, පුද්ගලික ආයතන මෙන්ම පොදු මගී සේවාව විශේෂ අවශ්‍යතා සහිත තැනත්තන් උදෙසා ප්‍රවේශ පහසුකම් සහිත ස්ථාන ලෙස පත් කිරීමට අවශ්‍ය වන පරිදි නැවත ගැසට් පත්‍රිකාව සංශෝධනය කිරීමට කටයුතු කරන බවත් ඒ තුළින් ඉදිරියේදී මෙරට සිටින විශේෂ අවශ්‍යතා සහිත තැනත්තන් උදෙසා 80% ප්‍රවේශ පහසුකම් සපුරාලීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවත් සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.

Read More

පිළිකා කාරක අඩංගු බවට සැක සහිත පොල් තෙල් බවුසර් දෙකක් දංකොටුව නගරයේ පොල් තෙල් නිශ්පාදනය කරන ස්ථානයක සගවා තිබියදි 30 අලුයම අත්අඩංගුවට ගත් බව දංකොටුව පොලිසිය කියයි.

Read More

මුතුරාජවෙල අභයභූමිය සංරක්ෂණය කිරීම සඳහා ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට තීරණය වී තිබෙනවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.