saravita-anim2

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා

Latest News - timelapse 7203 hours ago

LATEST

අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 282ක්

calendar_today 2021 මාර් 14 - 21:26 remove_red_eye - 146  

අද දිනයේදී පෑලියගොඩ, දිවුලපිටිිය හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව කොවිඩ් ආසාදිතයන් 282ක් වාර්තා වී තිබේ.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 140 දෙදෙනෙකු අද (14) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණයක් වාර්තා වී තිබේ. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 527ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

මහවැලි ගගේ දිය නැමට ගිය 17 හැවිරිදි පාසල් සිසුවෙක් අද දින අතුරුදහන් වි ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

Read More

“රටේ පවත්නා නීතියට පටහැනිව හෝ වෙනත් නීතියකට අනුව කටයුතු කිරීමට මහජනතාව පෙළඹවීමට හෝ වෛරී දේශපාලනය වපුරා ජාතින් බේද භින්න කිරීමට උත්සහ කලොත් එසේ කරන පිරිස් අත්අඩංගුවට ගැනීමට ජාතික ආරක්ෂාව සදහා වගකියන ආයතනය ලෙස අපි කිසිවිටෙක පැකිලෙන්නේ නැහැ”, යනුවෙන් ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) පැවසීය‍.

Read More

මෙම මාසය අවසන් වන විට සුදුසුකම් ලැබූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 209 දෙනෙක් සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කිරීමට සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා කළුතර ශ්‍රී මුණසිංහ බෝධිරාජ විහාරස්ථානයේ පැවැති උත්සවයකදී පැවසීය.

Read More

මහනුවර අනිවත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලයක පවත්වාගෙන ගිය ෆේස්බුක් සාදයක් අද (14) අලුයම වටලා මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් හත් දෙනෙකු අත්අඩංගුවට ගැනිමට මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සමත් වි තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 142 දෙදෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇත. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට හඳුනාගැණුනු මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 87,742ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

මිනිස් භාවිතයට නොසුදුසු කිලෝ 600ක තේකොළ මඩකලපුව දිස්ත්‍රික්ක අපරාධ විමර්ශන කණ්ඩායම පොලිස් කණ්ඩායම අත්පත් කර ගෙන ඇති බව ස්ථානාධිපති අයි පි පි එස් බංඩාර පැවසීය.

Read More

මැදගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ගොඩිගමුව ප්‍රදේශයෙන් ඊයේ (13) කොවිඩ් රෝගීන් 14 දෙනෙකු අලුතෙන් හමුවී ඇතැයි මොනරාගල නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය තුසිත අත්තනායක මහතා පැවසීය.

Read More

බෞද්ධයන් ලෙස අපි සතියකට දිනයක් හෝ අඩුම වශයෙන් පොහොයකට හෝ පන්සල් යෑම අනිවාර්ය කළ යුතු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද 2021.03.14 දින පෙරවරුවේ පැවසීය.

Read More

මෙරට ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ඩුබායි රටට පළාගොස් සිටින රාජපක්ෂ ආරච්චිගේ දිනුක මධුෂාන් නොහොත් කෙසෙල්වත්තේ දිනුක නමැත්තා ඊයේ (13දා) මියගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

දැනට පවත්නා පාසල් විෂයමාලා අන්තර්ගතය රටේ වත්මන් ආර්ථික අවශ්‍යතා සහ රැකියා අවස්ථා සමඟ නොගැලපෙන බවත් රජය විසින් හඳුන්වා දෙනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ විෂයමාලා නවීකරණය ප්‍රමුඛ අංගයක් වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. මාතර රාහුල විද්‍යාලයේ සහ මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ අලුතින් ඉදිකෙරෙන ගොඩනැගිලි නිරීක්ෂණය කිරීමට එම විද්‍යාල පරිශ්‍රය වෙත පැමිණි අවස්ථාවේ දී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය.ජී.එල්.පීරිස්අමාත්‍යවරයා මේ අ

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 395 දෙනෙකු අද (14) දිනයේ පූර්ණ සුවය ලබා පිටවගොස් තිබේ.

Read More

කොවිඩ් 19 ආසාධිතයින් පනස්දෙදෙනෙකු වාර්තා වීමත් සමඟ එය සැළකිල්ලට ගනිමින් සඳුදා දින පැවැත්වීමට තිබූ මොරවක සතිපොළ නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට තීරණය කල බව පිටබැද්දර ප්‍රාදේශීය සභාවේ සභාපති මහින්ද සිරිවර්ධන පැවසීය.

Read More

යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ වව්නියාව තේක්කවත්ත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇඟලුම් කර් මාන්ත ශාලාවක කොරෝනා පොකුරක අවදානමක් පවතින බවටත් මේ වන විට එහි සේවකයින් 21 දෙනෙකු කොරෝනා ආසාදිතයින් වශයෙන් හඳුනාගෙන ඇති බවට වව්නියාව සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.

Read More

රුපියල් කෝටියකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ 57 හැවිරිදි කාන්තාවක් හොරණ ගෝනපොල තලගල ප්‍රදේශයේදී ( 12 )රාත්‍රි අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

Read More

කැළණි ගඟ ආශ්‍රිතව සිදු කරනු ලබන පරිසර හානිය හා දූෂිත ක්‍රියා අවම කර ගැනීම සදහා පොලිස් නාවික කොට්ඨාසය විසින් ඊයේ බෝට්ටු සේවාවක් ආරම්භ කරනු ලැබීය.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් හය දෙනකු හමුවිමත් සමග මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගනන 1470 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

Read More

කොවිඩ් වසංගතය හේතුවෙන් සංචාරක ක්ෂේත්‍ර යේ නියුත වූවන් සදහා ලබා දි තිබු ණය හා ලීසිං සහන පැකේජය තවත් මාස 06 කින් දීර්ඝ කෙරේ. ඔවුන් සඳහා වන ලීසිං පහසුකම් දීර්ඝ කිරීමේ චක්‍ර ලේඛය මේ වන විට නිකුත් කර ඇති අතර ණය සහන ලබාදීමේ චක්‍ර ලේඛය ඉදිරි සති කීපය තුළ නිකුත් කිරිමට මහ බැංකුව එකගත්වය පළ කර තිබේ.

Read More

කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ රැදවියන් 08දෙනකු හට කොවිඩි වයිරසය අසාදනය වී ඇති බව කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය උසස් නිලධාරියෙක් අද පැවසීය.

Read More

අසාද් සාලි මහතා කළ බව කියන ප්‍රකාශය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ දිනයේදී පැමිණිලි කිහිපයක් ලැබී ඇති බවත් එම පැමිණිලිවල ඔහු කළ ප්‍රකාශය රටේ නීතියට පටහැනි බවට එම පැමිණිලි වලින් සඳහන් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

අසාද් සාලි විසින් සිදුකල ප්‍රකශය සම්බන්ධයෙන් නිසි සොයාබැලීමක් සිදුකර නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සදහා නීතිපති දෙපාර්තමේන්තුව සදහා බාරදී ඇති බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා කියා සිටියේය.

Read More

මුතුරාජවෙල අභය භූමිය සීමාවේ අනවසරයෙන් නීතිවිරෝධීව ගොඩ කරනු ලැබූ වගුරුබිම් වල ගොඩ කිරීම් ඉවත් කරන ලෙස එම භූමි ගොඩකරනු ලැබූ පුද්ගලයන්ට නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රා රාජ්‍ය අමාත්‍යාංශ යේ ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරියා විසින් නියෝග කොට ඇත.

Read More

ජනමාධ්‍ය මගින් ප්‍රවෘත්ති වාර්තා කිරීමේදි මහජනතාව තුළ මානසික ව්‍යාකූලත්වයක් ඇති නොවන ලෙස හා ප්‍රවෘත්තියට සම්බන්ධ පාර්ශ්වයන්ගේ ගෞරවයට හානි නොවන ලෙස සිදුකළ යුතු බව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

මුතුරාජවෙල අභය භූමිය සීමාවේ අනවසරයෙන් නීති විරෝධීව ගොඩ කරනු ලැබූ වගුරුබිම් වල ගොඩ කිරීම් ඉවත් කරන ලෙස එම භූමි ගොඩකරනු ලැබූ පුද්ගලයන්ට නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අප ද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රා රාජ්‍ය අමාත්‍යාංශ යේ ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරියා විසින් නියෝග කොට ඇත.

Read More

බදුල්ල බදුලුපිටිය ප්‍රදේශයේ අහඹුලෙස සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණ 100කදී කෝවිඩ් 19 ආසාදිත පුද්ගලයන් 10 දෙනෙකු ඊයේ (13දා) හඳුනාගෙන ඔවුන් බිදුනුවැව සහ දියතලාව කහගොල්ල කෝවිඩ් ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ බවත් බදුල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල් පද්ම මහතා පවසයි.

Read More

මෙම නවතම ප්‍රභේදයේ, කොවිඩ්-19 පාලනය කිරීම සඳහා නව උපාය මාර්ග සැලසුම් කිරීම සංකීර්ණ කළ හැකි විකෘතියක් අඩංගු වන බවට ජාතික විද්‍යාගාරය අනතුරු ඇඟවා තිබේ.

Read More

බදුල්ල බදුලුපිටිය ප්‍රදේශයේ අහඹු ලෙස සිදු කල පීසීආර් පරික්ෂාවකදී කෝවිඩ් 19 ආසාදිත පුද්ගලයන් 10දෙනෙකු ඊයේ (13) හදුනාගෙන ඔවුන් බිදුනු වැව සහ දියතලාව කහගොල්ල කෝවිඩ් ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කල බව බදුල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල් පද්ම මහතා පවසයි .

Read More

උසාවියේදී, සාරා එවරාඩ්ගේ ඝාතකයා වූ 48 හැවිරිදි කොසෙන්ස්ට එරෙහි චෝදනා ඉදිරිපත් වූ අතර, ඔහු කතා කර තිබුණේ සිය නම සහ පෞද්ගලික තොරතුරු තහවුරු කිරීම සඳහා පමණි. මාර්තු 16 වැනි දින එංගලන්තයේ සහ වේල්සයේ මධ්‍යම අපරාධ අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් ඔහු රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.