saravita-anim2

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

Latest News - timelapse 7468 hours ago

LATEST

වරාය නගර ආර්ථික කොමිසමට සාමාජිකයන් පත් කරයි

calendar_today 2021 මැයි 31 - 17:11 remove_red_eye - 857  

ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතාගේ සභාපතිත්වයෙන් යුත් කොමිසමේ සෙසු සාමාජිකයන් වන්නේ, මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති සාලිය වික්‍රමසූරිය මහතා ඕරල් කෝපරේෂන් - සභාපති සහ කළමනාකාර අධ්‍යක්

කොළඹ නගරයේ ස්ථාන 13 ක අද දිනයේ සිට අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරන බව සතොස සභාපති විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පිරිස් මහතා පවසයි.

Read More

’’ගිනිකොනදිග ආසියාව පුරා රටවල්වල කොවිඩ්-19 ආසාදන අනුපාතය ඉතා භයානකයි’’ යනුවෙන් ජාත්‍යන්තර රතු කුරුස හා රතු අඩ සඳ සංගම්වල ජාත්‍යන්තර සම්මේලනයේ ආසියා පැසිෆික් අධ්‍යක්ෂ ඇලෙක්සැන්ඩර් මැතිව් පැවසීය. ’’වඩාත් භයානක හා මාරාන්තික ප්‍රභේදයන් මගින් සිදුවන මේ ආසාදන පාලනය කිරීම සඳහා විශාල ගෝලීය බෙදාහදා ගැනීමක් සහ එන්නත් නිෂ්පාදනය කිරීමේ හදිසි අවශ්‍යතාවක් ඉස්මතු කර තිබෙනවා.’’

Read More

ශ්‍රී ලංකා පොලිසියේ නව මූලස්ථාන සංකීර්ණය ඉදිකිරීම සදහා මින්පෙර යෝජනා වී තිබූ මිරිහාන ප්‍රදේශය වෙනුවට අත්තිඩිය ප්‍රදේශයේ එය ඉදිකිරීමට මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබේ.

Read More

එළඹෙන 07 වැනිදා දක්වා බලපැවැත්වෙන සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කරන්නේද යන්න පිළිබඳව කොවිඩ් මර්දන කාර්ය සාදන කමිටුව මගින් තීරණය කිරීමට නියමිත බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

Read More

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අලුතෙන් ඉදි කෙරුණු සිව්මහල් ශිෂ්‍ය නේවාසිකාගාරයක් කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වශයෙන් (31) එම විශ්වවිද්‍යාලයේ උපකුලපති උපුල් බී දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි .

Read More

මීගමුව, මා ඔය ප්‍රදේශයේ සිට පානදුර දක්වා තහනම් කළ කලාපයක හැර සෙසු මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත වීම සඳහා හෙට(01) සිට ධීවරයින්ට අවස්ථාව හිමි වේ.

Read More

පවතින නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පැවති සාදයකට සහභාගි වු කුරුණැගල සහකාර පොලිස් අධිකාරිවරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබාදෙන ලෙස පොලිස්පතිවරයා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.

Read More

හැටන් දික්ඔය නගර සභා සිමාවේ (31) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 12 දෙනෙකු හමු වු බවත්, එම අසාදිතයන් 12 දෙනාගෙන් 10 දෙනෙකු හැටන් ගාමිණිපුර සහ ආරියගම ප්‍රදේශවල එකම පවුලේ සමාජිකයන් බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

Read More

[UPDATE] ජුනි 01 දා සිට ගුවන්තොටුපල විවෘත කළත්, වියට්නාමයේ සිට පැමි‌නෙණ අය,දින 14 ක් තුල වියට්නාමය තුල සංචාරයේ නිරත වූවන් හා වියට්නාමය සමග ගුවන් ගමන් හුවමාරු වූ පුද්ගලයන්ට තාවකාලිකව මෙරටට ඇතුලු වීමට අවසර නොලැබෙන බව ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා පවසයි.

Read More

මොනරාගල දිස්ත්‍රික්කයෙන් අද (31) පෙ.ව නවයෙන් අවසන්වූ පැය 24 තුළ කොවිඩ් 19 රෝගීන් 116 දෙනෙකු හමුවී ඇතැයි මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක තුසිත අත්තනායක මහතා පැවසීය.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ආසියානු ආධුනික බොක්සිං ශූරතාවලියේ කාන්තා කි.ග්‍රෑ. 51 (Flyweight) බර පන්තියේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ නදීකා පුෂ්පකුමාරි සමත් වූවාය.

Read More

මෙරට සියලු ගුවන්තොටුපලවල් හෙට (1) සිට විවෘත වෙයි

Read More

මුලතිව් ඉරණපලෙයි මුහුදු සීමාවේදී ධීවරයින් දෙපිරිසක් අතර අද (31) උදෑසන තියුණු ආයුධ වලින් පහරදීගැනීමක් හේතුවෙන් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කොට ඇති අතර පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බවටද මුලතිව් පොලීසිය පවසයි.

Read More

(UPDATE) නිරෝධායන නීති කඩ කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ හා ප්‍රවීණ නිරූපිකා පියුමි හංසමාලි ඇප මත මුදා හැර තිබේ. ඔවුන් කොළඹ හෝටලක පැවැති උපන්දින සාදයකට එක්ව තිබුණි.

Read More

වික්ටෝරියා ප්‍රාන්තයේ වැඩබලන මහ ඇමති ජේම්ස් මර්ලිනෝ වාර්තාකරුවන්ට පැවසුවේ, ’’අපට ඇති අභියෝගය ඉතා වැදගත් එකක්. මොකද, සම්බන්ධතා විශාල සංඛ්‍යාවක් සමග ආසාදන අවස්ථා කුඩා සංඛ්‍යාවක් පමණක් අපට දැනට හමුවී තිබෙනවා.’’ යනුවෙනි. ඒ අනුව තත්ත්වය ඇදහිය නොහැකි තරම් බරපතළ බවත්, ඉදිරි දින කිහිපය තීරණාත්මක වනු ඇතැයි මර්ලිනෝ පැවසීය.

Read More

ගෙවුණු දිනයේ (30) මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2859 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

Read More

සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් අය සඳහා දෙවැනි මාත්‍රාව ජුනි 08 දා සිට ලබාදෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කුරුම්බැට්ටියක් උගුරේ හිරවීමෙන් ශ්වසන මාර්ග අවහිරවිමෙන් මාස 11 වියැති දැරියක් මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පැවති හදිසි මරණ පරික්ෂණයකදි අනාවරණය වී තිබෙනවා.

Read More

කෝවිඩ් 19 ආසාදිත වී බදුල්ල මහ රෝහලේ දී සිව්දෙනෙකු අද (31දා) මියගිය බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

Read More

හුදකලා කර ඇති බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් (31) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව නව අසාදිතයන් 22 ක් හදුනාගත් බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ඊයේ දින සවස් වන විට අලුතින් ආසාදිතයන් 78 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයන් ගණන 4166 දක්වා ඉහළ ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

Read More

කොවිඩ්-19 හි මූලාරම්භය පිළිබඳව විමර්ශනය කරන ලෙස එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පසුගිය බදාදා රටේ බුද්ධි අංශවලට නියෝග කළේය. ’’වෛරසය ආසාදිත සතෙකු සමග මිනිස් සම්බන්ධතාවයෙන් හෝ රසායනාගාර අනතුරකින් මතුවී ඇත්ද’’ යන්න සොයා බැලීම බයිඩන්ගේ නියෝගය විය. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය සහ චීනය එක්ව මාර්තු මස අගදී කරන ලද වාර්තාවකින් මෙසේ විද්‍යාගාරයකින් ඉස්මතු වූ න්‍යාය සම්පූර්ණයෙන්ම බැහැර කළේය.

Read More

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වුවන් සඳහා රුපියල් 5000 දීමනාව ලබාදීමට අදාළ ලේඛන සකස් කිරීමේ කටයුතු අද (31) සිට ආරම්භ කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

Read More

වෙනදට වඩා පිරිසක් නැවතත් පාරවල්වල එකතුවෙලා තිබෙන බව දකින්න තිබෙනවා. උදාහරණයක් විදිහට සෞඛ්‍ය සේවා ලේබල් අලවාගෙන, වෛද්‍යවරුන්ගේ ලේබල් අලවාගෙන පවුල්වල අය යනවා දකින්නට තිබෙනවා. මේ නිසා සාමාන්‍ය දවසක වගේ පිරිසක් මහාමාර්ගවල දකින්න ලැබෙනවා. කෝවිඩ් පාලනයට එවැනි සිදුවීම් හොඳ නැහැ.

Read More

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද දිනයේදී අසනීප නිවාඩු වාර්තා කර වාත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සමස්ථ ලංකා හෙද සංගමය තීරණය කර ඇ​ත.

Read More

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

Read More

2017 වසරේ සිට අන්තවාදි මත පැතිරවු සහ සහරාන් හෂිම්ට රැකවරණය දුන් 55 හැවිරිදි විවාහ රෙජිස්ට්‍රාර්වරයෙකු ඔලුවිල් ප්‍රෙද්ශයේදි ත්‍රස්ත විමර්ශන කොටිඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ජංගම වෙළද රථ හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ ජනතාව වෙත ලබා දීම අද සිට ආරම්භ කෙරෙනවා.

Read More

නගර සියයක් එකවර අලංකරණය කිරීමේ වැඩසටහනක් මෙම වසරේ දී (2021) ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇති බව වාර්තා වේ. ඒ සදහා රුපියල් මිලියන 2000ක අතිරේක ප්‍රතිපාදන මුදලක් නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යංශයට වෙන් කර දීම සදහා නාගරික සංවර්ධන හා නිවාස විශයභාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.