saravita-anim2

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

Latest News - timelapse 7455 hours ago

LATEST

ජල සම්පාදන සේවකයින්ටත් කොවිඩ් එන්නත් දිමේ සැලසුමක්

calendar_today 2021 ජුනි 03 - 14:27 remove_red_eye - 178  

ජල සම්පාදන අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල සේවකයන් සඳහා කොවිඩ් -19 මර්දන එන්නත ලබා දීමට අදාළ අංශ සමඟ සාකච්ඡා කරමින් පවතින බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

හුංගම ග්‍රාම නිලධාරි කාර්යාලයේ පැවැති පන්දහසේ දීමනාව බෙදාදීමේ අවස්ථාවට පිහියක් රැගෙන පැමිණ නිලධාරින්ගේ රාජකාරියට බාධා කළ බව කියන කාන්තාවක අද (3දා) අත්අඩංගුවට ගත් බව හුංගම පොලීසිය කියයි.

Read More

ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කිරීම ඕනෑම ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ සිහිනයක්. ඉනුත් පිතිකරුවෙක් නම් ශතකයක්, පන්දු යවන්නෙක් නම් කඩුලු 05ක් දවාගැනීම ක්‍රීඩකයෙකුගේ සිය ක්‍රීඩා දිවියේ සඳා නොමැකෙන සලකුණක්. එවන් සුවිශේෂී අවස්ථාවක් උදාකර ගැනීමට නවසීලන්තයේ ඩෙවොන් කොන්වේ ඊයේ (02දා) සමත් විය.

Read More

රටේ ඉඩම් විකුණන් නැති බව කියමින් බලයට පත් රාජපක්ෂ ආණ්ඩුව මේ වන විට රටේ ආර්ථික මර්මස්ථාන චීනයට විකුණා දමමින් සිටින බවත්, ආණ්ඩුව රාජපක්ෂ දේපල වෙළෙන්දෝ බවට පත්ව තිබෙන බවත් සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය.

Read More

මඩකලපුව පොලිසිය විසින් ඊයේ රාත්‍රියේදි අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු පොලිස් සිර මැදිරිය තුළ මියගොස් තිබේ.

Read More

ඊයේ දිනය තුළ මෙරටින් ආසාදිතයින් 3,306 දෙනෙකු හදුනා ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්ව කොටසක් මුහුදු බත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වර්තමාන තත්ත්වය තක්සේරු කිරීම සඳහා ගලවාගැනීමේ සමාගමේ නිලධාරීන් පිරිසක් එම නෞකාව සමීපයට ගොස් තිබේ. ඔවුන්ට ඒ සඳහා නැව ආසන්නයට යාමට අවශ්‍ය සහාය ශ්‍රී ලංකා නාවික හමුදාව සහාය දක්වා තිබේ.

Read More

කොවිඩ් -19 එන්කනත්කරණ වැඩසටහන යටතේ ඊයේ (02) දිනය තුළ කොවිඩ් මර්දනය එන්නත් මාත්‍රා 69,572 ක් ලබා දී ඇ​ත.

Read More

මොරටුව එගොඩ උයන පොල්වත්ත වෙරළ තීරයට ගොඩ ගසා සිටි කැස්බෑවෙකුගේ මළ සිරුරක් (3) අලුයම සොයා ගත් බව පොලිසිය පවසයි.

Read More

පසුගිය දින කීපයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමත් සමඟ නගරය පුරා දැඩි රථ වාහන තදබදයක් ඇතිවීම අවම කිරීම සඳහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඊයේ මධ්‍යම රාත්‍රී 12 ට විවෘත කිරීම සිදු කළහ

Read More

සංචාරක අයර්ලන්ත කණ්ඩායම පරාජය කර පළමු එක්දින තරගයෙන් එක් ලකුණක තියුණු ජයක් ලැබීමට සත්කාරක නෙදර්ලන්ත කණ්ඩායම සමත් වූ අතර, මෙම ජයත් සමඟ අයි.සී.සී. ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව අභිබවා පියවර කිහිපයක් ඉදිරියට පැමිණීමටද නෙදර්ලන්තයට අවස්ථාව උදා විය.

Read More

දිස්ත්‍රික්ක 6ක ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 24 සඳහා වන නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

Read More

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කළු කැලණි සහ අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාහැකි නිසා ගම්පහ ,මිනුවන්ගොඩ,ජාඇල,මිල්ලනය,කළුතර හොරණ ඉංගිරිය සහ මතුගම ගංගාධාර ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

Read More

දිවයින පුරා රුපියල් 5000 දීමනාව ලබා දී අවසන් කිරීමට සති එකහමාරක පමණ කාලයක් ගතවනු ඇතැයි විෂය භාර රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.

Read More

හැටන් කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බල ප්‍රදේශයෙන් (02) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව නව අසාදිතයන් 28 දෙනෙකු හදුනාගත් බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා 45 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,664 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සළසා දී තිබූ අතර , භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා 16 ක මෙහෙයුම් කටයුතු ද මෙම කාළසීමාව තුළ සිදු කළ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් පිටරත්මලේ , තොටලාගල හා දඹේතැන්න යන තේ වතු වල පදිංචි ඇගළුම් සේවිකාවන් 18 දෙනෙක් කොවිඩ් 19 ආසාදනය වී ඇති බව පී.සී.ආර්. පරික්ෂණ වලදී (3) දා තහවුරු වූ බව හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි .

Read More

නව රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් වූ ඊයේ මධ්‍යම රාත්‍රියට පෙර දැනුම්දීම සිදුකර යුතුව තිබූ අතර, ඒ අනුව ඊට විනාඩි 35කට පෙර විපක්ෂ නායක යායර් ලැපිඩ් විසින් ජනාධිපති රුවීන් රිව්ලින් වෙත ඊමේල් පණිවුඩයක් නිකුත් කරමින්, ’’මම රජයක් පිහිටුවීමට සමත් වූ බව ඔබට දැනුම් දීමට ලැබීම මට ගෞරවයක්.’’ යැයි පවසා තිබේ.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිළ වෙබ් අඩවිය වන www.mahindarajapaksa.lk යන වෙබ් ලිපිනය ඊයේ (2දා) හැකරුන් ග්‍රහණයට ලක්ව ඇතැයි නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකිවූ බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

අද (03දා) සහ හෙට (04දා) යන දෙදින තුළ දිවයිනෙහි සියලු ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳුන් සඳහා විවෘත කර තැබීමට වෙළඳ අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

Read More

සංචරණ සීමා පනවා ඇති මෙම අවස්ථාවේදී අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වා ගන්නා ලෙසට ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

කොරෝනා වෛරසය ආසාදනය වි සුව විමෙන් පසු නිවෙස්වලට ගොස් සිටි සිවිදරුමවකට හා එක්දරුපියෙකුට නැවත කොරෝනා වෛරසය ආසාදනය වි කොවිඩ් නිව්මෝනියාවෙන් මියගොස් ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පැවති පශ්චාත් මරණ පරික්ෂණයකදි අනාවරණය විය.

Read More

සීමිත රාජකාරී සඳහා දිවයිනේ තැපැල් හා උප තැපැල් කාර්යාල අද සිට යළි විවෘත කෙරෙනවා.

Read More

චීනය එරට නිෂ්පාදිත කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා මිලියන 350කට අධික ප්‍රමාණයක් මේ වනවිට ලෝකය වෙත ලබා දී ඇති බවත්, එහිදී විදෙස් රටවල් 80කට අධික සංඛ්‍යාවක් සඳහා එන්නත් ආධාර වශයෙන්ද, රටවල් 40කට අධික සංඛ්‍යාවක් සඳහා එන්නත් අපනයනය කර ඇති බවත් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් ප්‍රකාශ කරයි.

Read More

නිරෝධායන නිති උල්ලංඝනය කිරිම හේතුවෙන් පසුගිය පැය 24තුළ පුද්ගලයින් 947දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය

Read More

ජනාධිපතිවරයා විසින් අත්‍යවශ්‍ය සේවා පිළිබඳ සඳහන් කරමින් තවත් අති විශෙෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ තවත් කොවිඩ් මරණ 39ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ 39ම මැයි 17 සිට ජුනි 01 දා තෙක් වාර්තා වී තිබේ. අද දිනයේදී කොවිඩ් මරණයක් තහවුරු කර නොමැත.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය, ඉතාලියේ කොරෝනා වෛරස සාම්පල නැවත පරීක්ෂා කර ඇති අතර, එමගින් කොවිඩ්-19 ඇති කරන වෛරසය චීනයේ හඳුනා ගැනීමට පෙර ඉතාලිය තුළ තිබෙන්නට ඇතැයි යෝජනා කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳව ඇමෙරිකාවේ කොංග්‍රස් සභාවට හඳුන්වාදී ඇති යෝජනාවලිය අමූලික අසත්‍යයක් බව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී යළිත් කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම 3000 සීමාව ඉක්මවා ගියේය. අද දිනයේදී තවත් ආසාදිතයන් 738ක් වාර්තාවීමත් සමගින් අද දිනයේදී වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3306ක් දක්වා වර්ධනය විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.