කොවිඩ්-19 ආශ්‍රිත මරණ 3,980ක් බ්‍රහස්පතින්දා වාර්තා වූ අතර, එය තවත් නව දෛනික වාර්තාවකි. මෙය පැය 24ක කාලයක් තුළ හඳුනාගත් මරණ සංඛ්‍යාව අඛණ්ඩව 3,000ක් ඉක්මවා ගිය වැනි දිනයයි.
ත්‍රස්තවාදී හේතු නිසා මිය ගිය හා ආබාධිත රණවිරුවන්ගේ යැපෙන්නන් වෙත කැබිනට් අනුමැතියෙන් හිමි සහන 2021 අප්‍රේල් මස සිටම ලබාදීමට පියවර ගන්නා බව ජනපති මාධ්‍ය අංශය පවසයි.
Read Moreකෝවිඞ් 19 වසංතත්ත්වය හමුවේ ආසාදිත සහ ආසාදිත බවට සැකකරන රෝගීන් වෙනුවෙන් රත්නපුර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය රෝහල් කිහිපයක ද ප‍්‍රතිකාර පහසුකම් වැඩි කිරිමට පියවරගත් බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසයි.
Read Moreවැලිසර ආර්ථික මධ්‍යස්ථානයේ පවත්වා ගෙන යන වෙළෙද සැල් අතරින් වෙළෙද සැල් 25 ක පුද්ගලයින් 38 දෙනෙකු කොවිඩ් වෛරස ආසාදිතයන් ලෙස අද දින (06) තහවුරු වු බව වත්තල සෞඛ්‍ය නිලධාරි කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරුණ අමරසේකර මහතා පවසයි.
Read Moreකොවිඩ් -19 ආසාදනය වී ඇති 1305 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇත. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 118,834ක් දක්වා ඉහළගොස් තිබේ.
Read Moreගම්පහ දිස්ත්‍රික්කය තුළ පී.සී.ආර්.පරීක්ෂණ තුළින් කොරෝනා ආසාදිත බව තහවුරු වූ 400 ක් පමණ පිරිසක් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කිරීමට නොහැකිව , ඔවුන්ගේ නිවාස සහ නේවාසිකාගාර වලම දින කීපයක සිට රැදී සිටින බව අද දින ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .
Read Moreමොනරාගල දිස්ත්‍රික්කයෙන් අද (06) වන විට කොවිඩ් රෝගීන් 23 දෙනෙකු හමුවූ බැව් මොනරාගල නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තුසිත අත්තනායක මහතා පැවසීය.
Read Moreතවත් කොරෝනා ආසාදිතයන් 810 ක් පූර්ණ සුවය ලබා ඇත. ඒ අනුව කොරෝනා ආසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව 100,885 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Read Moreකොවිඩ් වසංගතය තත්ත්වය මත දුම්රියේ ගමන් ගන්නා මගීන් සංඛ්‍යාව අවම වීම හේතුවෙන් අද රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු දුම්රිය ගමන් වාර 20 ක් තාවකාලිකව අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.
Read More2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට වරම් ලැබූ දෙවන ශ්‍රී ලාංකිකයා බවට පත්වීමට මිල්කා ගෙහානි ද සිල්වාට හැකිව තිබේ.
Read Moreමුහුණු ආවරණ නොපළඳමින් නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 238 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreමාර්ග තදබදයට විසඳුමක් ලෙස ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට කටයුතු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreකොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කය තුළ මේ වන විට මරණ 17ක් වාර්තා වි ඇති අතර සමස්ත රෝගින් සංඛ්‍යාව 2299ක් බව මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයෙන් 475 දෙනෙකු වන වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් (6) උදෑසන වනවිට ගතවූ පැය 24 තුල හමුව ඇති අතර ඉන් 69 ක් වන වැඩිම පිරිසක් දොම්පෙ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
Read More’’අපි වැඩිහිටියන්ට බහුතරයක් එන්නත් කිරීමට යන්නේ ප්‍රජා ප්‍රතිශක්තිය ගෙන ඒමට නම්, අපට අවශ්‍ය එන්නත ප්‍රමාණය දැන් ඇති ප්‍රමාණයට වඩා සැලකිය යුතු ලෙස වැඩි විය යුතුයි’’ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි.
Read Moreරෝගය පැතිරීයාම නිසා බිබිල මැදගම ප්‍රාදේශීය රෝහල ඉකුත් (03) වෙනිදා සිට කොවිඩ් රෝගී මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යයි.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 05වන දින සවස 6.00 වන විට අලුතින් කොවිඩ් ආසාදිතයන් 49දෙනකු වාර්ථාවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 2129 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
Read Moreකොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලැබී තිබේ.
Read Moreඑම යෝජනාව ප්‍රතික්ෂේප කරමින් නීතිපතිවරයා පවසා ඇත්තේ තමා කැනඩාවේ මහකොමසාරිස් ලෙස පත්කිරීම පිළිබඳව ජනපතිට ස්තූතිය ප්‍රකාශ කරන නමුත් තමන්ට ලංකාවේ සිටිමින් ජනතා සේවය සිදුකිරීමට අවශ්‍ය බවයි.
Read Moreඉන්දියාවේ සිටින කිසිවෙකුට අද (06දා) සිට ශ්‍රී ලංකාවට පැමිණීම අත්හිටුවීමට කටයුතු කර තිබේ.
Read Moreඅනුරාධපුර ප්‍රදේශයේ පුද්ගලික බැංකුවක් අසල අද (06) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
Read Moreකෝවිඞ් අවදානම හේතුවෙන් වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය වන සිංහරාජ වනාන්තරය නැරඹීමට ඇතුලූවීම දින නියමයක් නොමැතිව දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් 05දා සිට අත්හිටවු බව රත්නපුර දිසාවන නිලධාරි රෂාල් වීරසිංහ මහතා පැවසුවේය.
Read Moreධීවර රැකියාවට ගොස් අන්දමන්දන් දුපතේ මේ වන විට සිරගතව ඇති තම පියා නිදහස් කර දෙන්නැයි ඔලිම්පික් පදක්කම් ලාභි ක්‍රීඩිකාවක වන පාරමි වසන්ති දැරිය බළධාරින්ගෙන් ඉල්ලයි.
Read Moreරුසියාවෙන් ගෙන්වන ලද ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබාදිම අද සිට ආරම්භ කරන බව ඖෂධ නිෂ්පාදන සැපයුම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේය.
Read Moreබස්නාහිර පළාත තුළින් ඊයේ දිනයේදීත් කොවිඩ් ආසාදිතයන් 1000 සීමාව ඉක්මවා වාර්තා වී තිබේ. බස්නාහිර පළාතේ කොළඹ (498), ගම්පහ (387) හා කලුතර (377) යන දිස්ත්‍රික්ක තුළින් ඊයේ දිනයේදීද ලංකාවේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වී තිබේ.
Read Moreවයස අවුරුදු 18-59 අතර වැඩිහිටියන් සඳහා චීනයේ සීනොෆාම් කොවිඩ්-19 එන්නත 78.1%ක ඵලදායීතාවක් පෙන්වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයෝ පවසති. ඒ අනුව සීනොෆාම් සහ තවත් චීන සමාගමක් වන සීනොවැක් හි කොවිඩ්-19 මර්දන එන්නත්වල හදිසි භාවිතය පිළිබඳ අනුමැතිය මෙම සතිය අවසන් වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත්කරනු ඇත.
Read Moreනිරෝධායන නීති උල්ලංඝනය කිරිම හේතුවෙන් ඊයේ දිනයේත් පුද්ගලයන් 238ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.
Read Moreදිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (06) දිනයේ සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
Read More’’මේ සටන අත්නොහැර, අපට හැකි තැන අප ඉගෙන ගත යුතුයි. අපට හැකි තැන හැදෑරීමට අප කටයුතු කළ යුතුයි. සියලු මෙවලම්, එනම් මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග (මුඛ ආවරණ, දෑත් සේදීම, සමාජ දුරස්ථභාවය), එන්නත් සහ සාමූහිකත්වය සමග අපට ඇත්ත වශයෙන්ම කොවිඩ්-19 පාලනය කිරීමට, පරාජය කිරීමට පුළුවන් යන බලාපොරොත්තුව අප සියලු දෙනා තුළම තිබිය යුතුයි.’’ WHO කොවිඩ්-19 තාක්ෂණික නායිකා මාරියා වැන් කෙර්කොව් අවධාරණය කරයි.
Read Moreතවත් කොවිඩ් මරණ 14ක් ඊයේ දිනයේදී වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. ඒ අනුව වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 734කි.
Read More