saravita-anim2

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7306 hours ago

LATEST

සහරාන් සමඟ සබදතා පැවැත්වු අයෙක් මාවනැල්ලේදි අත්අඩංගුවට

calendar_today 2021 ජුලි 06 - 19:51 remove_red_eye - 215  

පාස්කු ඉරිදා ප්‍රහාරය මෙහෙයවු සහරාන් හසීම් සමඟ සබදතා පැවැත්වු බවට සැකකෙරෙන පුද්ගලයෙකු මාවනැල්ල ප්‍රදේශයේදි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නැවතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් එළැඹෙන බ්‍රහස්පතින්දා (08දා) දිවුරුම්දීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම් මහතා පැවැසීය.

Read More

තවත් කොවිඩ් මරණ 45ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇ​ත. ඊයේ (05) දින තහවුරු කර ඇති එම මරණ 45ත් සමග මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,313ක් දක්වා ඉහළගොස් තිබේ.

Read More

අද දැනට කෝවිඩ් ආසාදිතයන් 650 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

​​මහජනතාව වැඩියෙන් ඒකරාශී වන පොදු රැස්වීම් හා උද්ඝෝෂණ පැවැත්වීම නැවත දැනුම් දෙනතුරු සිදු නොකළ යුතු බව දන්වා‌ සිටිමින් පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

දිවයිනපුරා පවතින සංචාරක පොලිසී නවීකරණයට පියවර ගන්නා බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

2021 අප්‍රේල් මස 21 වැනි දින පාර්ලිමේන්තු සභා ගර්භයේදී සහ පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී සිදු වූ සිද්ධීන් පිළිබඳව සොයා බලා ඒවාට ගත යුතු පියවර කවරේද යන්න නිර්දේශ කිරීම පත්කළ කමිටුවේ වාර්තාව අද (06) පෙරවරුවේ එම කමිටු සභාපති නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට භාර දීම සිදුවිය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා 2021 ජූලි 06 වන දින සිට බල පැවැත්වෙන පරිදි තම පාර්ලිමේන්තු අසුනෙන් ඉල්ලා අස්වූ බව තම අත්සන යටතේ ලිපියකින් දන්වා ඇතැයි පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිඛිතව දන්වා යවා තිබේ.

Read More

යුද හමුදාවේ පර්යේෂණ, විශ්ලේෂණ හා සංවර්ධන ඒකකය නිෂ්පාදනය කළ දෑත් විෂබීජ හරණය කිරීමේ ස්වයංක්‍රීය යන්ත්‍රයක් අද (06දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත හඳුන්වා දෙනු ලැබිණ.

Read More

පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා වෙනුවට බැසිල් රාජපක්ෂ මහතාගේ නම එම පක්ෂය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමුකර තිබේ.

Read More

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කළ බව වර්ජනයේ නිරතව සිටි වෘත්තීය සමිති පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,717 දෙනෙකු අද (06) දිනයේ පිටවගොස් තිබේ.

Read More

15 හැවිරිදි දැරිය අපයෝජනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

Read More

අඛණ්ඩ පානීය ජල සැපයුමක් නොලැබීම සහ පානීය ජල සැපයුම සම්බන්ධ දුෂ්කරතා සහ ගැටළු මතුවී තිබු දිවයිනේ ප්‍රමුඛතම පූජා නගර ආශ්‍රිතව අඛණ්ඩව පිරිසිදු පානීය ජලය ලබාදීමේ වැඩපිළිවෙලක් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ආරම්භ කර ඇත.

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 15,525 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read More

මෙරට තවත් පුද්ගලයින් එක් ලක්ෂ 33,215 දෙනෙකුට ඊයේ දිනයේදී සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළා.

Read More

ශ්‍රී ලංකාව හා පැවැති එක්දින තරගාවලියට එක්ව සිටි එංලන්ත කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙකු හා එහි සහායක කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

Read More

මහනුවර ජාතික රෝහලේ සුළු සේවකයන් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද (06දා) දින වැඩවර්ජනයක යෙදුන අතර ඔවුන්ගේ රාජකාරි ආවරණය කිරීම සඳහා යුද හමුදාව යොදවා තිබෙන අයුරු දක්නට ලැබුණි .

Read More

රතු පරිප්පු සහ සුදු සීනි සෘජුවම සමූපකාර ව්‍යාපාරය මැදිහත් වී ආනයනය කර ලංකා සතොස සහ සමූපාකාරය හරහා අලෙවි කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ති​බේ.

Read More

දිනකදී වාර්තා වූ අඩුම ආසාදිතයින් සංඛ්‍යාව ලෙස ආසාදිතයින් 816 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනා ගැනුණි.

Read More

කොළඹ කොටුව බහු මහල් රථ ගාල හා මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ දෙවැනි අදියර වන උපරි ව්‍යුහය සැලසුම් කර ඉදි කිරීම සඳහා ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුව තුඩාවේ බ්‍රදර්ස් වෙත හිමිව තිබේ.

Read More

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුවක් යළි විභාගය සඳහා මේ මස 20 වනදා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දින නියමකර තිබේ.

Read More

හෙළිදරව් නොකරන ලද ආදායම් හා වත්කම් හෙලිදරුව් කිරීමට හා ආයෝජනය කිරීමට ව්‍යවසායන් දිරි ගැන්වීම සඳහා එවැනි ආයෝජකයින් බද්ද්, දඩ මුදලක් හෝ පොලියක් ගෙවීමේ වගකීමෙන් හා විමර්ශනයකට හෝ නඩු පැවැරීමට යටත් වීමෙන් නිදහස් කිරිමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

මෙවර මහකන්නයේ ගොවිතැන් කටයුතු වෙනුවෙන් කාබනික පොහොර ටොන් 3600 ක් ලබා දීමේ ව්‍යාපෘතියක් යාපනය යුදහමුදා ආරක්ෂක සේනා මූලසථානයට අයත් ගොවිපළ මගින් ආරම්භ කොට ඇත.

Read More

දිවයින පුරා පාසල්වල ගුරුවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින්ට කොවිඩ් එන්නත් ලබාදිම හෙට සිට අරඹන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා සිය මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Read More

මෙවර යල කන්නයේ වී මෙට්‍රික්ටොන් 1,500,000 ක පමණ සම්මත වී අස්වැන්නක් ලැබිය හැකි බවට ඇස්තමේන්තු කර ති​බේ. මෙවර යල කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීමට සැලසුම් කර තිබෙන්නේ වී අලෙවි මණ්ඩලය හරහායි.

Read More

ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන පළමු එන්නත් මාත්‍රාව ලබාගත් කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවල අවුරුදු 55 ට වැඩි පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීම හෙට (07) සිට ඇරඹේ.

Read More

තම පියාට අමානුෂික අයුරින් පහර දුන් පුත්තලම නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයකු පුත්තලම මුලස්ථාන පොලිසිය විසින් ඊයේ රාත්‍රියේ අත් අඩංගුවට ගත් බව කියයි.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ගතවු පැය 24ක කාලය තුලදි අලුතින් කොවිඩ් ආසාදිතයන් 72ක් හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිත ගණන 7702 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.