saravita-anim2

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2026 පෙබරවාරි මස 04 වන බදාදා

Latest News - timelapse 7283 hours ago

LATEST

විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කිසිඳු බියක් නෑ

calendar_today 2021 ජුලි 11 - 21:24 remove_red_eye - 244  

තමාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කිසිඳු බියක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසා සිටියි. එලැඹෙන 19 හා 20 දෙදින තුළ මෙය විවාදයට ගැනීමට නියමිතව ති​​​බේ.

අද තවත් කොරෝනා ආසාදිතයන් 506 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,492 ක්.

Read More

චීනයේ ෂුරොන්ග් රෝවරය අඟහරු ගවේෂණයේ යෙදෙමින් අද (11දා) රාත්‍රී 8.00 වනවිට රතු ග්‍රහලෝකයේ මීටර් 410කට වඩා වැඩි දුරක් ගමන් කළ බව චීනයේ ජාතික අභ්‍යවකාශ පරිපාලනය පවසයි.

Read More

කටුනායක ප්‍රදේශයේ අද දින කොරෝනා ආසාදිතයන් 52 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

මුතුරාජවෙල තෙත් බිමට අයත් අක්කර 100ක ඉදිකිරීමට නියමිත විදුලි බලාගාර ව්‍යාපෘතියට විරෝධය පලකරමින් කතෝලික පියතුමන්ලා ඇතුළු ප්‍රදේශවාසීන් අද විරෝධතාවක් පවත්වා ති​බේ

Read More

පාර්ලිමේන්තුවේදී මැක්‍රොන්ගේ සන්ධානයට නිතිපතා සහාය දෙන පක්ෂය වන මොඩෙම්හි නායකයා පැවසුවේ සෑම කෙනෙකුටම අනිවාර්ය එන්නත ලබාදීම හැර වෙනත් විකල්ප මාර්ගයක් නොමැති බවයි. ෆ්‍රැන්කොයිස් බයිරූ යෝජනා කළේ එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කරන සෞඛ්‍ය සේවකයන් හෝ ඕනැම වෘත්තිකයෙකු සිය රාජකාරීවලින් අත්හිටවිය යුතු බවයි.

Read More

විශාල පස් කන්දක් කඩා වැටිමෙන් ඇණහිට තිබු හැටන් කොළඹ ඒ 7 ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු (11) දින පස්වරු 5 සිට යලි යථා තත්ත්වයට පත් කල බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

Read More

දැඩි සුළං හේතුවෙන් තවදුරටත් 60,000 කට අධික පිරිසකට විදුලි බලය ඇණහිට ඇති බව විදුලි බල අමාත්‍යාංශය සඳහන් කර සිටියි. එම පුද්ගලයිගේ විදුලි සැපයුම යථාවත් කිරීම කඩිනමින් සිදු කෙරෙන බව මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කර සිටියේ​ය.

Read More

අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 986ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

Read More

බෙල්ජියමේදී කොවිඩ්-19 මර්දන එන්නත් විදගෙන නොතිබූ, පසුගිය මාර්තු මාසයේදී වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත් 90 හැවිරිදි කාන්තාවකට එකවර කොවිඩ්-19 ප්‍රභේද දෙකක්ම වැලඳී තිබූ බව අනාවරණය වෙයි.

Read More

මෙරට ජනගහනයෙන් මිලියන 13 කට අධික පිරිසකට අගෝස්තු සහ සැප්තැම්බර් මස අවසන් වන විට එන්නත්කරණය කිරීමට හැකිවනු ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේය.

Read More

රැඳවියන් තිදෙනෙකුගෙන් විද්‍යුත් ක්‍රමයට මුදල් ලබා ගත් බව කියන බෝගම්බර බන්ධනාගාරයේ නියාමකවරයෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමට ලක් කළ බව බන්ධනාගාර මුලස්ථානය පවසයි.

Read More

ඊයේ (10) දින තවත් කොරෝනා මරණ 35 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර ති​බේ. මිය ගිය අය අතරට අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 10 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 25 දෙනෙකු අයත්.ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව මියගිය සමස්ත සංඛ්‍යාව 3,502 ක් දක්වා ඉහළ යනවා.

Read More

වසංගතයේ රැලි බොහොමයක් සඳහා සාර්ථකව කටයුතු කිරීමෙන් පසුව, වියට්නාමය අපේ‍්‍රල් අග සිට වඩාත් මුරණ්ඩු ආසාදන රැල්ලකට මුහුණ දී ඇති අතර, දිනපතා ආසාදන වාර්තාගත මට්ටම් කරා ඉහළ යමින් පවතී.

Read More

15 හැවිරිදි බාල වයස්කාර දැරිය අපයෝජනයට ලක් කිරිමේ සිද්ධියට අත්අඩංගුවට ගත් හිටපු බැංකු කළමනාකාරු සහ උප පොලිස් පරික්ෂකවරයා ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

සයිනොෆාම් එන්නත මගින් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයට ඉතා සුවිශේෂී රැකවරණයක් ලැබෙන බව දේශීය ව සිදුකළ පර්යේෂණයකින් අනාවරණය වී ඇ​ති බවට රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කර සිටියි. මේ සතියේ බදාදා හෝ බ්‍රහස්පතින්දා වන විට පරීක්ෂණයට අදාළ වාර්තා එළිදැක්විය හැකි බවට ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ​ය.

Read More

අද (11) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,598 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

කොවිඞ් පැතිර යෑමේ අවදානම හඳුනාගෙන ඇති දිස්ත‍්‍රික්කයන්ට ප‍්‍රමුඛතාව දෙමින් මෙම මාසය ඇතුළත ලැබෙන එන්නත් මාත‍්‍රා සංඛ්‍යාව ජනතාවට ලබාදීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොවිඞ් මර්දන විශේෂ කමිටුවට උපදෙස් දී ඇත.

Read More

හෙට සිට මාර්ගගත ක්‍රමයට ඉගැන්විම් කටයුතු වලින් ගුරුවරුන් ඉවත් විමට ගත් තින්දුවේ කිසිදු වෙනසක් නොමැති බව ගුරු වෘත්තීය සමිති පවසයි.

Read More

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට වන්දි ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් අද(11) පස්වරුවේ පැවැත්වෙයි.

Read More

ඊයේ දිනය තුළ මෙරටින් වාර්තා වු කොවිඩ් ආසාදිතයින් ගණන 1,548 කි.

Read More

කොරෝනා ආසාදිත රෝගීන් 71කු එකවර අද අද දින වාර්තා වීමේ හේතුවෙන් පිළියන්දල තුම්බෝවිල උතුර ග්‍රාම සේවා වසමේ කරදියාන වත්ත ග්‍රාමය හුදෙකලා කළ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය

Read More

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2 තොගයෙන් ලක්ෂ 05ක් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ලබාදීමට නියමිත අතර කළුතර දිස්ත්‍රික්කය සඳහා ලක්ෂ 03ක්, කොළඹ හා කුරුණෑගල දිස්ත්‍රික්ක සඳහා ලක්ෂ 02 බැගින් ලෙස ලබාදීමට නියමිතයි.

Read More

වීරකැටිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇඟළුම් කම්හලක සේවකයින්ට සයිනොෆාම් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දීමෙන් අනතුරුව හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් සේවිකාවන් 12 දෙනකු වීරකැටිය ප්‍රාදේශීය රෝහලට යොමු කළ බව සෞඛ්‍ය අංශ කියයි.

Read More

අධික වැසි සමඟ ඇතිවු ආපදා හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 11,737 දක්වා ඉහළ ගොස් තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා සඳහන් කර සිටි​යේ අධික වැසි හා සුළඟින් දිස්ත්‍රික්ක 08 කට බලපෑම් එල්ලවී ඇති බවය.

Read More

කප්පම්කරුවන් ,මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ,ළමා හා කාන්තාවනට හිරිහැර කරන්නන් හඹා ගොස් අත්අඩංගුවට ගැනිම සඳහා විශේෂ කණ්ඩායමක් යොදවා තිබේ.

Read More

කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ ඊයේ පුද්ගලයින් 175,824 කට එන්නත් ලබා දි තිබේ.

Read More

කොරෝනා වසංගතය හේතුවෙන් පනවා ඇති සෞඛ්‍යය මාර්ගෝපදේශ වලට අනුව , බස්නාහිර පළාතේ අත්‍යාවශ්‍ය සේවා සඳහා යන මගීන් ප්‍රවාහනය කිරීමට, පෞද්ගලික බස් රථ එකොලොස්දහස් හාරසිය් තිස් අටක් , ධාවනය කර ඇති බව ,බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා පැවසීය .

Read More

ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 295 දෙනෙකු (11) උදෑසන වනවිට ගතවූ පැය 24 තුල හමුව ඇති බවත් මින් 39 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙනම පක්ෂයක් හැටියට සාකච්ඡා කරන්න, තීන්දු තීරණ ගන්න පුලුවන් ඒ අයට ආණ්ඩුව එක්ක ඉන්නවනම් ඉන්න පුළුවන් නැත්තං යන්න පුළුවන් අපි යන්න කියන්නෙත් නෑ ඉන්න කියන්නෙත් නෑ ගියා කියලා ආණ්ඩුවට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නම් නෑ කියලා මට ස්ථිරවම කියන්න පුළුවන් . වත්මන් රජය තුනෙන් දෙකක බලයක් තිබෙන ආණ්ඩුවක් යැයිද ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පැවසීය .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.