saravita-anim2

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

Latest News - timelapse 7482 hours ago

LATEST

එන්නත් ලබාගත්තද සෞඛ්‍ය පුරුදු පිළිපදින්න - චීන CDC

calendar_today 2021 අගෝ 01 - 19:25 remove_red_eye - 379  

වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය හා සම්බන්ධ ආසාදන ඉහළ යා හැකි බවට චීන රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) අනතුරු අඟවා ඇති අතර, එන්නත ලබා ගැනීමෙන් පසුවත් මුඛ ආවරණ පැලඳීම වැනි සෞඛ්‍ය පුරුදු පිළිපැදීමට පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අතුරුදන්ව සිටි රත්නපුර, මලංගම, ආටිගල මාවතේ පදිංචි 14 හැවිරිදි පාසල් සිසුවා අද (01) සවස කුරුණෑගල රිදීගම ප්‍රදේශයේ මාර්ග බාධකයක දී පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More

2020 ඔලිම්පික් තරඟාවලියේ කාගෙත් අවදානයට ලක්වූ මීටර් 100 කෙටි දුර ධාවන තරඟයේ රන් පදක්කම Marcell Jacobs විසින් දිනා ගැනීමට සමත් විය. ඔහු වාර්තා කල කාලය තත්ත්පර 9.80 වෙයි.

Read More

ඉතා බෝවන ඩෙල්ටා වෛරස ප්‍රභේදය පැතිරීම පාලනය කිරීම සඳහා වැඩි කාලයක් ලබාදෙන ලෙස නිලධාරීන් ඉල්ලා සිටි බැවින් ඔස්ට්‍රේලියාවේ තුන්වැනි විශාලතම නගරය වන බ්‍රිස්බේන් සහ ඇතැම් අසල්වැසි ප්‍රදේශවල දින තුනක හදිසි අගුලු දැමීම එලැඹෙන ඉරිදා දක්වා දීර්ඝ කර තිබේ.

Read More

අද දිනය තුළ කොවිඩ් මරණ 67ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

හෙට සිට සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව සියලුම රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි රාජකාරියට වාර්තා කළ යුතු බව, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

Read More

පරිසරයට හානිකර පොලිතින් ආශ්‍රිත නිෂ්පාදන වර්ග අටක් තහනම් කිරීමට ලබන සතියේ දී කැබිනට් අනුමැතිය ලබා ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

Read More

මහනුවර රෝහල් පටුමගේ කුඩු සුරේඛා නමින් අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන ප්‍රධාන පෙළේ හෙරොයින් මත් කුඩු ජාවාරම්කරු මත්කුඩු ග්‍රෑම් 2 .5 ක් සමග අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශය කියයි .

Read More

කොරෝනා එන්නත ඇණවුම් කළ යුතු නිසි වේලාවේදී එන්නත ඇණවුම් නොකර පැණිය පිටුපස යමින්, මුට්ටි ගගට දමමින් ජනතාව රැුවටූ ආණ්ඩුව, කොරෝනා නිසා මිය ගිය 4300කට වැඩි මිනිස් ජීවිතවලට වගකිව යුතු යැයි සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය.

Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය සිදුවන අධි අවදානම් සහිත ප්‍රදේශ ඇතුළත් නවතම සිතියම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය මඟින් නිකුත් කර තිබේ.‍

Read More

රුපියල් කෝටි තුනකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම සිරිතොප්පු හන්දියේ දී (1) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

Read More

පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර වර්තමාන දේශපාලන තත්වය පිළිබඳ සාකච්ඡාවක් අද (01දා) පැවැත්විණි. කොළඹ 07, මහගමසේකර මාවතේ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසේ පැවැත්වුණු එම සාකච්ඡාවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් චමීර කොස්වත්ත, රවීන්ද්‍ර මුදලිගේ, පුබුදු ජයගොඩ සහභාගි වූහ.

Read More

රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රසිද්ධ ගායිකා උමාරියා සිංහවංශ මහත්මිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබේ.

Read More

මේ අතර පයාගල ගොරකදෙණිය ප්‍රදේශයේ වැඩිවිය පැමිණිමේ උත්සවයකට සහභාගි වූ පුද්ගලයින් සහ ඔහුගේ ආශ්‍රිතයින් 85 දෙනෙකුට කොරෝනා රෝගය වැළදී තිබෙනවා.

Read More

එළැඹෙන දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සහ අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පවත්වනු ලබන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානම් වීමේ එක් පියවරක් ලෙස ආරාධිත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. මෙම තරගාවලිය, ජාතික සහ පළමු පෙළ නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

Read More

ගත වූ දිනයේ දිස්ත්‍රික්ක 08ක කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සියය ඉක්මවා ගොස් තිබේ.

Read More

දකුණු ආසියානු කලාපයේ පවතින කොවිඩ් 19 ව්‍යාප්තියත් සමග ඉකුත් අප්‍රේල් 29 දා සිට ශ්‍රී ලංකාව ඇතුළු ශ්‍රී ලංකාව ඇතුලු රටවල් කීපයක සිට ඉතාලියට ඇතුල්වීමට තිබු ගුවන් මගි තහනම තවත් සති 4 න් එනම් එළඹෙන අගෝස්තු 30 දක්වා දීර්ඝ කිරිමට පියවර ගත් බව ඉතාලි සෞඛ්‍ය අමත්යංශය පැවසීය.

Read More

රජය මේ යන ගමන මේ ආකාරයට ගියහොත් එක්සත් ජාතික පක්ෂයට සිදු වූ දේ අපටත් වෙන්න පුළුවන් . ජනතාව හැමදාම ඉවසන්නේ නෑ . යම් වෙලාවක් එයි ගන්න ඕන තීරණය ජනතාව ගන්න .

Read More

මධ්‍යම අධිවේගි මාර්ගයේ ඉදිකිරිම් කටයුතුවල නිරත ආයතනයන්ගෙන් ඉන්ධන සොරාගෙන වෙනත් පුද්ගලයින්ට අලෙවි කිරීමේ ජාවාරමක නිරතවූ සැකකරුවන් 07 දෙනෙකු වේයන්ගොඩ, වඳුරව දුම්රියපොළ ආසන්නයේදී අත්අඩංගුවට ගෙන ඇත

Read More

යාපනය පුලියඩි මංසන්ධියේදී යතුරුපැදියකින් ගමන්ගත් පුද්ගලයෙකුට ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් ඇදවැටී රෝහල්ගතකල අයෙකු මිය ගොස් ඇති අතර එම පුද්ගලයාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති තිබූ බව යාපනය පොලීසිය පවසයි.

Read More

සබරගමුව සහ බස්නාහිර පළාත්වල සහ නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

අමාත්‍ය සරත් වීරසේකරගේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබූ දෙපාර්තමේන්තු දෙකක් ආරක්ෂක අමාත්‍යාශය යටතට පවරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.‍

Read More

රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රසිද්ධ ගායිකා උමාරියා සිංහවංශ මහත්මිය අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

වෙළෙඳ පොළේ දැනට පවතින සහල් මිල අඩුකර සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට වෙළෙඳ හා කෘෂිකර්ම යන අමාත්‍යාංශ දෙක පියවර ගෙන ඇත.

Read More

හය අවුරුද්දකට පෙර නැවතී තිබූ ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ගුවන් ගමන් සේවා අද (01දා) උදෑසන සිට යළිත් ආරම්භ කරමින් , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් රුසියාවේ මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

Read More

අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වෙළෙඳසැල්වල අලෙවි කළ හැක්කේ ජෛව හායනික ලන්ච් ෂීට් පමණක් බව පරිසර අමාත්‍යංශය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ පළමු අවස්ථාවට පැය 24 පුරාම එන්නත් ලබාදෙන ස්ථානයක් අද දිනයේ සිට විවෘත කිරීමට නියමිතව තිබේ.

Read More

රිය අනතුරුවලින් සියයට 73ක්ම නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කිරීම බවත් බස්නාහිර, වයඹ හා දකුණ පළාත්වල වැඩි වශයෙන් අනතුරු සිදුවන බවත් ඔහු පැහැදිලි කළේය. සතියේ බදාදා, සෙනසුරාදා හා ඉරිදා දිනයේදී අනතුරු වැඩි වශයෙන් සිදුවන බවත් සෑම දිනකම සවස 4ත් රාත්‍රී 8ත් අතර වැඩි වශයෙන් අනතුරු සිදුව ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

Read More

වා කාන්දුවක් හේතුවෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රුසියානු සේවා මොඩියුලයක පීඩනය පහත වැටී ඇති බව රුසියාවේ රොස්කෝස්මෝස් අභ්‍යවකාශ ඒජන්සියේ ප්‍රධානියා අද (31දා) පවසා සිටියේය.

Read More

පනවා ඇති සීමා ලිහිල් කෙරුණද තවදුරටත් නිසි සෞඛ්‍ය ක්‍රමවේද යටතේ ජනතාව කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.