saravita-anim2

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා

Latest News - timelapse 6917 hours ago

LATEST

ඉංජිනේරු සංස්ථාව යළි සක්‍රීය කරන්න

calendar_today 2021 ජුනි 11 - 19:45 remove_red_eye - 388  

පාඩු ලබන රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව යළි සක්‍රීය තත්ත්වයට පත් කිරීමට වහා කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නියෝග කර තිබේ.

කොළඹ වරායට නුදුරෙන් ගිනි ගැනීමට ලක්ව මුහුදු බත් වෙමින් පවතින එක්ස්ප්‍රස් පරල් නෞකාවෙන් පරිසරයට වූ හානිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා පැමිණි එංගලන්ත විශේෂඥ කණ්ඩායම අද මීගමුව වෙරළේදී සිය කටයුතු සිදු කළේය.

Read More

ජනතාව සඳහා කාර්යක්ෂම හා පලදායී සේවාවක් ලබා දීමට ආයතන ප්‍රධානීන් වගබලා ගත යුතුයැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (11) දින අරලියගහ මන්දිරයේ දී පැවසීය.

Read More

ගිනිගත් MV X-Press pearl නෞකාව හේතුවෙන් පිඩාවට පත් වි සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ඇමෙරිකානු එක්සත් ජනපදයෙන් ඩොලර් 100,000ක අධාරයක් අද (11) දින හිමිව තිබේ.

Read More

අද තවත් කොවිඩ් -19 ආසාදිතයින් 2,232ක් වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

Read More

ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ පලුදු වූ මේ සබඳතාව වසර හතරකට පසුව, ඔහුගේ ඩිමොක්‍රටික් අනුප්‍රාප්තික ජෝ බයිඩන් මිත්‍රත්වයේ දෑත් දිගුකරීමෙන් සහ ’ඇමෙරිකාව යළි පැමිණියා’ යන පොරොන්දුව මත පමණක් නොවිසඳෙනු ඇති බව රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ විදේශ ප්‍රතිපත්ති විශේෂඥයෝ පවසති.

Read More

හේනේගම මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසයේ ඉඹුල හන්දිය ප්‍රදේශයේ එකම නිවසේ එකොළොස් දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි එම කාර්යාලය තොරතුරු පවසයි.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියොජ්‍ය අධ්‍යක්ෂ තනතුරට ප්‍රථමවරට කාන්තාවක් පත්කර ඇත. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ගේ අනුමැතිය පරිදි මෙසේ එම තනතුරට පත්කර ඇත්තේ කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාල මහත්මියයි.

Read More

දිවයිනටම බලපැවැත්වෙන පරිදි මේවන විට ක්‍රියාත්මක සංචරණ සීමා මේ මස 21 වනදා තෙක් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවට උදව් අවශ්‍ය වූ විට චීනය කිසි විටෙකත් මගහැර නොගිය බව ශ්‍රී ලංකාවේ චීන තානිපති චී චෙන්හොං මහතා පවසයි.

Read More

නීතිවිරෝධීව ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට පැමිණි පුද්ගලයෙක් මුල්ලියාවේලි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අද (11) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,852ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

නුදුරු අනාගතයේම ඉන්ධන මිළ සංශෝධනය කිරිමට තීරණය කලා. සංශෝධනය කවදාදැයි දැන්ම කියන්නේ නැත්තේ තෙල් පිරවුම්හල් ඉදිරියේ දිගු පෝලිම් ඇති වුනොත් කෝවිඩ් පාලනයට අහිතකර ලෙස බලපාන්න පුළුවන් නිසා.

Read More

කොවිඩ්-19 ව්‍යසනයේ තෙවැනි ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් බලපත්‍රලාභී මුදල් සමාගම් සහ විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම්වල ගනුදෙනුකරුවන් මුහුණපා ඇති ගැටලු සැලකිල්ලට ගනිමින්, මෙහි සඳහන් සහනයන් ලබාදීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම ආයතන වෙතින් ඉල්ලා තිබේ.

Read More

අඟහරු ග්‍රහයා මත ගොඩබැස ඇති චීනයේ ෂුරොන්ග් රෝවරය විසින් ගන්නා ලද සෙල්ෆි ඡායාරූපයක් ඇතුළු ඡායාරූප පෙළක් චීනයේ ජාතික අභ්‍යවකාශ පරිපාලනය විසින් නිකුත් කර තිබේ.

Read More

සෞඛ්‍ය වෘත්තිය සමිති 26 ක සාමාජිකයින් රාජකාරිවලින් ඉවත්ව ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් අද පෙරවරුවේ රෝහල් ඇතුළු සෞඛ්‍ය මධ්‍යස්ථාන රැසක සේවාවලට දැඩි බලපෑම් එල්ල විය.

Read More

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම සම්බන්ධයෙන් උනන්දුවක් නොමැති බවත් ආණ්ඩුවේ අඩුවීමක් සිදුවුවත් එම අඩුව පුරවාගැනීමට විපක්ෂය එකතු කර ගැනීමේ හැකියාව ඇති බවත් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි. අද (11දා) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

Read More

ඊයේ දිනයේ මෙරටින් ආසාදිතයින් 2738 දෙනකු වාර්තා වී තිබෙනවා.

Read More

මන්නාරම වංකාලෙයි මුහුදු වෙරළ තීරයට ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් සාගරයට එක්වූ ප්ලාස්ටික් කැට ගොඩගසා තිබේ.

Read More

හෙටින් ඇරඹෙන සතිඅන්ත නිවාඩු දිනවල සංචරණ නීති කඩකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

Read More

පොළොන්නරුවේ ඉදිකෙරුණු චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ජනතා අයිතියට පත් කෙරිණ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 වසරේ චීනයේ සිදුකෙරුණු සංචාරයේ දී කළ ඉල්ලීමකට අනුව චීන රජයේ පූර්ණ ප්‍රදානයක් ලෙස රෝහල් සංකීර්ණය මෙරටට හිමි විය. රෝහල් සංකීර්ණය අක්කර 16ක භූමි ප්‍රමාණයක විහිදී තිබේ. ඒ සඳහා වැය කෙරුණු මුදල රු කෝටි 1200කි.

Read More

රංගන ශිල්පී සැන්ඩෝ හැරිස් අද උදෑසන අභාවප්‍රාප්ත වී ති​බේ. කොළඹ හැව්ලොක් පෙදෙසේ හැව්ලොක් ගාර්ඩ්න්ස් හි පිහිටි නිවසකදී ඔහු මෙලෙස හදිසියේ අභාවප්‍රාප්ත වී ඇත.

Read More

මොරටුමුල්ල ප්‍රදේශයේදී එන්නත්කරණ වැඩසටහනක් අතරතුර කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටි මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා ඇප මත මුදා හැර තිබේ.

Read More

කොවිඩ් ආසාදනය වී පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ඔහුගේ බිරිඳ එයින් සුවය ලබා තිබේ.

Read More

ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් ඉතාලියේ ෆ්ලොරන්ස්හි පැවති ඩයමන්ඩ් ලීග් මළල ශුරතා අදියරකදී මීටර් සියය ඉසව්වේ සිව්වැනි ස්ථානය දිනා ගැනීමට සමත්විය. ඒ මීටර් සියය ඉසව්වේ තත්පර 10.16 ක කාළයක් වාර්තා කරමිනි. එහි ‍පෙරමුණ පොදුරාජ්‍ය මණ්ඩලයයීය මීටර් සියය ඉසව්‍වේ රන් පදක්කම හොබවන දකුණු අප්‍රිකාවේ අකානි සිම්බිනේ ට හිමිවූ අතර ඔහු නිමා කළ කාළය තත්පර 10.08කි

Read More

වව්නියාව සාන්තසෝලෙයි ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට පහරදුන් බවට සැකකෙරෙන පුද්ගලයා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවට වව්නියාව පොලීසිය පැවසීය.

Read More

ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ සෑම ප්‍ර දේශයකම සිටින පුද්ගලයන්ට අද රාත්‍රී 7.07ට දැක ගැනීමට අවස්ථාව තිබේ

Read More

දිනකදී තහවුරු කළ වැඩිම කොවිඩ් මරණ වාර්තාවෙයි - සමස්ත මරණ 2011ක් සමස්ත මරණ 2011

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් එන්නත් කරණ වැඩසටහන යටතේ අද වන විට ලක්ෂ 22කට ආසන්න පිරිසකට කොරෝනා මර්දන පළමු එන්නත ලබාදී තිබේ.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අද දින උදැසන ලැබුණ පි. සි. ආර්. වාර්ථා මත අලුතින් කොවිඩ් ආසාදිතයන් 138 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගණන 5546 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.