saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 6857 hours ago

LATEST

LPL සැලසුම් කළ අයුරින්ම

calendar_today 2021 ජුනි 08 - 19:02 remove_red_eye - 476  

පෙර නිවේදනය කළ පරිදිම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන එල්.පී.එල්. විස්සයි20 ලීග ක්‍රිකට් තරගාවලිය පැවැත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

අද (08) දිනය කොවිඩ් ආසාදිතයින් 2,123ක් වාර්තා වු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය හා අයි.පී.එල්. ඉතිරි තරග යන ප්‍රධාන පෙළේ තරගාවලි දෙකක් එකම කාලසීමාවක පැවැත්වීමට සිදුවීමෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනය දැඩිව කාර්ය බහුල වීමට සිදු වේ. ඒ හේතුවෙන් විස්සයි20 ලෝක කුසලානය ශ්‍රී ලංකාවට ලබාදීමට අවධානය යොමුව තිබේ.

Read More

කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇතැයි, සෞඛ්‍ය අංශ පවසයි.

Read More

මෙම කණ්ඩායමේ නායකත්වය කුසල් ජනිත් පෙරේරාට හිමිව තිබේ. සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය හිමිව තිබේ. චරිත් අසලංකට හා අවිශ්ක ප්‍රනාන්දුට කණ්ඩායමේ ස්ථානය හිමිව තිබේ.

Read More

ජනාධිපති කාර්යාලය ඇතුළු රජයේ ආයතනවල වෙබ් අඩවි සඳහා සයිබර් ප්‍රහාරයක් එල්ල වන බවට අසත්‍ය පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගන්නා ලද තරුණයෙකු හෙට (09) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

Read More

තවත් කොව්ඩ් ආසාදිතයින් 2214ක් සුවය ලබා අද රෝහලෙන් පිටව ගොස් තිබේ.

Read More

දින දෙකකට පෙර වෛද්‍යවරයෙක් වන මගේ පුතා ෂැංග්‍රිලා හෝටලයේ විවාහ වූ බවත් දිවයිනේ නම ගිය නිරූපන ශිල්පියා මට රුපියල් මිලියන 2ක් දුන් බවටත් මාධ්‍ය ආයතනයක් පවසා තිබුණා. එය අමූලික බොරුවක්. මගේ පුතා ඔවුන්ට (පියුමි හංසමාලිට) ඇඳුම් ගෙන ගිය කථාවත් බොරුවක්.”

Read More

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහලේ සායනික ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ගේ සායනික ඖෂධ තැපැල් මාර්ගයෙන් නිවසට එවීමට පියවර ගෙන තිබෙනවා.

Read More

මාතලේ රත්තොට ප්‍රදේශයේදී අද සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

Read More

ජනපති‍ගේ මිරිහානේ හෝ අගමැති මැදමුලනේ මුදල් නෙමෙයි පාර්ලිමේන්තුවට හසුරවන්න දීලා තියෙන්නෙ

Read More

කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ අංශයට ඊයේ (07) ලැබී තිබුණු මළ සිරුරු අතරින් 12 දෙනකුම මියගොස් තිබුණේ කොරෝනා නිව්මෝනියාව හේතුවෙන් බව අධිකරණ වෛද්‍ය නිලධාරී සමාධි දන්දෙනියආරච්චි මහත්මිය පවසයි.

Read More

ලිට්‍රෝ සමාගම පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ අනුමැතිය නොමැතිව ලීටර් 18 ගෑස් සිලින්ඩර් වෙළදපොළට නිකුත් කර තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර තිබුණද ඒ සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මතා පැවසීය.

Read More

ලොව කොවිඩ්-19 වෛරස වසංගතය වඩාත් ප්‍රශස්ත අයුරින්ම පාලනය කළ රාජ්‍යය ලෙස නවසීලන්තයට කීර්තියක් අත්කර දුන් එරට අගමැතිනී ජසින්ඩා ආර්ඩෙන් පළමු වැනි එන්නත් මාත්‍රාව ලබන සතිය අවසානයේදී ලබාගැනීමට සූදානමින් සිටින බව කියයි.

Read More

ජනතාවට කියලා දෙන්නෙ නෑ. එ්ක තමයි දුෂ්කර කාර්යය. අමාරුකම් තියෙනවා. කරන්න බැරි දෙයක් නෙමෙයි. ඉතින් අපි මේක දුෂ්කර වුණත් බැනුම් අහගෙන හරි ජනතාවට මේක කියලා දෙන්න ඕන. මේක මගේ හදිසි තීරණයක් නෙමෙයි. මම තීරණයක් අරන් තියෙනවා. මේක රටට විතරක් නෙමෙයි ලෝකයටම හොඳ දෙයක්. ගහලා එලෙව්වත් ගුටිකාලා හරි වැඩේ කරන්න ඕන

Read More

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීමට සූදානම් බවට වන සමාජ මාධ්‍ය වාර්තා සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රතික්ෂේප කළේය.

Read More

ගොවීන්ට අලෙවි කරගත නොහැකි අතිරික්ත එළවළු සහ පළතුරු තොග රජය මගින් මිලදී ගෙන බෙදාහැරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි ව තිබේ.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අද දින අලුතින් කොවිඩ් ආසාදිතයන් 128 දෙනකු හදුනා ගැනිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගණන 5214 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

Read More

ශ්‍රී ලංකාවේ ජාතික නිෂ්පාදන ක්‍රියාවලියේදී කර්මාන්තවලට විශේෂ ස්ථානයක් හිමිවෙනවා. එය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 26.4% ක්. එහෙත් එයින් අපනයනයන් සඳහා දායක වෙන්නේ 10% ක් වැනි ඉතාම අඩු ප්‍රතිශතයක්

Read More

මෙරට ක්‍රියාත්මක බැංකු වෘත්තීය සමිති කිහිපයක්ම සඳහන් කර සිටියේ, මුදල් භාවිතය නිසා ’කෝවිඩ්-19’ වෛරසය ව්‍යාප්තිය සම්බන්ධයෙන් දැඩි අවධානමක් තිබෙන බැවින් සහ බැංකු සේවාව අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සලකන නිසාත් බැංකු සේවකයින්ට ද ’කෝවිඩ්-19’ පාලනයට ලබාදෙන එන්නත හැකි ඉක්මණින් ලබාදිය යුතු බවයි.

Read More

රාජසන්තක කරන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සතොස ආයතනය මගින් ජනතාව වෙත සහන මිලකට ලබාදීම සඳහා වෙළඳ අමාත්‍යවරයා හා වරාය හා නාවික අමාත්‍යවරයා ඉදිරිපත් කර ඇති ඒකාබද්ධ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

රටපුරා විසිරී ඇති නගර 100ක් හඳුනාගෙන ඒවායේ මූලික පහසුකම් වැඩි දියුණු කරමින් එම නගර ක්‍රමවත් ලෙස අලංකරණය කිරීම සඳහා සියක් නගර වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ පැතිර යන කොරෝනා ආසාදිත තත්වය මර්දනය කිරීම සදහා ස්විට්සර්ලන්ත රජය විසින් ස්විස් ෆ්‍රෑන්ක් 37,36,000ක් පමණ වටිනා සෞඛ්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කර ඇති අතර , ඒවා අද දින උදෑසන විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .

Read More

කාබනික පොහොර භාවිතයට එළඹීමේ දී පැමිණෙන අභියෝග නොතකා මහජන නියෝජිතයන් ජනතා සුභසිද්ධිය පිණිස ඉදිරියට යායුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර කොවිඩ් පොකුරට සම්බන්ධ පළමු ආසාදිතයා හඳුනාගැනීමට එරට සෞඛ්‍ය අංශ සමත්වී සිටියි. මැය 08 ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණි සංචාරකයෙකුගෙන් මෙල්බර්න් නුවර කොවිඩ් පොකුර නිර්මාණය වී ඇති බවට ඔවුන් තහවුරු කර ගෙන තිබේ.

Read More

ඊයේ දිනයේ වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

Read More

කැනේඩියානු මුස්ලිම් පවුලක සාමාජිකයන් සිව්දෙනෙකු පසුගියදා පිකප් ට්‍රක් රථයකින් හඹා ගොස් යට කරගෙන යෑම එරට ඉස්ලාමීය විරෝධී වෛරී අපරාධයක් බව කැනේඩියානු පොලීසිය පවසයි.

Read More

කල්පිටියේදී ත්‍රිරෝද රථයකින් ගමන් කළ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් රුපියල් ලක්ෂයක මුදලක් කප්පම් ලෙස ඉල්ලූ ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

හුදකලා කර ඇති බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බල ප්‍රදේශයෙන් (08) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව නව අසාදිතයන් 46 දෙනෙකු හදුනාගත් බවත්, එම අසාදිතයන් 46 දෙනා අතර වැඩි අසාදිතයන් පිරිසක් එකම පවුලේ සමාජිකයන් බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.

Read More

අත්‍යාවශ්‍ය සේවා සඳහා කොළඹට ඇතුළුවන වාහන සඳහා අද (8) සහ හෙට (9) දිනවලදිත් ලබාදිමේ වැඩසටහන ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.