saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 6786 hours ago

LATEST

නුවරඑළියේ කොවිඩ් ආසාදිත ගනන 6306 දක්වා ඉහලට

calendar_today 2021 ජුනි 22 - 14:09 remove_red_eye - 112  

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් නව කොවිඩ් ආසාදිතයන් 76 දෙනකු හදුනා ගැනිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිත ගනන 6306 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

පාරිභෝගික කටයුතු අධිකාරිය දැනට නියම කර ඇති පරිදි කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 1493ක මිලට ලිට්‍රෝ ගෑස හා ලාෆ්ස් ගෑස් සමාගම් විසින් තවදුරටත් වෙළඳපොළේ අලෙවි කළ යුතු බවට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

Read More

මේවනවිට ඇමෙරිකාවේ පෞද්ගලික සංචාරයක නිරතව සිටින හිටපු ආර්ථික සංවර්ධන ඇමැති සහ වත්මන් රජයේ ආර්ථික කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා හෙට (23දා) යළි ශ්‍රී ලංකාවට පැමිනීමට නියමිතය.

Read More

උදයලා විමල්ලා ආණ්ඩුවෙන් ගැලවී බැසිල් රාජපක්ෂ කණ්ඩායමේ බලාපොරොත්තුව වන පොහොට්ටුවේ තනි ආණ්ඩුවක් හැදෙන්නටද පුළුවන. සුළං නිර්මාණය කළ විමල්ලා සුළි සුළඟට හසුවී රාජපක්ෂවරුන්ට උදව් කරන්නට යෑම ඉල්ලන් කෑමක් බව යළි තහවුරු වෙන්නටද පුළුවන. ඒ අස්සේ ’මිස්ටර් ටෙන් පසන්ට්’ කෙනෙකු බිහිවී කෝටි හය හත්දාහක් උපයාගන්නටද පුළුවන.

Read More

උතුරු පලාතේ දෛනික කොරෝණා ආසාදිතයින් වැඩිම වාර්ථා වන යාපනය දිස්ත්‍රීක්කය තුල පමණක් ගෙවුනු දින 21 ක කාලය තුලදී පමණක් කොවීඩ් 19 වෛරසිය ආසාදිතයින් 2053 දෙනෙකු වාර්ථා වී ඇති බවට යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.

Read More

දේශීය භාණ්ඩාර බිල්පත් ආඥා පනත යටතේ ගරු මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිත රු බිලියන 1000 ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම සදහා වන යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ඊයේ (21) හිමිවිය.

Read More

සියලුම වර්ගයේ ලන්ච්ෂීට් තහනම් කිරිමට පියවර ගන්නා ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

Read More

මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කොට්ඨාසයෙන් ඊයේ (21) කොවිඩ් 19 ආසාදිත රෝගීන් තිස්එක් දෙනෙකු හමුවූ බැව් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තුසිත අත්තනායක මහතා පැවසීය.

Read More

ඊයේ දිනයේදී මෙරට තවත් පුද්ගලයින් 12,935 දෙනකුට සයිනොෆාම් එන්නත් දෙවන මාත්‍රාව ලබා දී ති​බේ. ඒ අනුව මේ දක්වා සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දී ඇති මෙරට සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව හාර ලක්ෂ 55,592 ක් වෙයි. පුද්ගලයින් 6,358 දෙනෙකුට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාවද ඊයේ දිනය තුළ ලබා දී තිබේ.

Read More

පසුගියදා ඇද හැලුනු අධික වර්ෂාපතනය හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ බිම් මට්ටමේ පිහිටි ජලය මිශ්‍රිත තෙල් පවිත්‍රාගාරයකින් ගංවතුරට තෙල් මිශ්‍රවීමෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් වන්දි ලබාදීම සඳහා බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් පත් කළ වන්දි කමිටුවේ වාර්තාව එහි සභාපති බී.ටී.ටී. පෙරේරා මහත්මිය සහ කමිටු සාමාජික තාරක වේරගොඩ මහතා විසින් අමාත්‍යවරයා වෙත 2021.06.21 දින භාර දෙන ලදී.

Read More

ගතවු දිනයේ දිවයිනේ දිස්ත්‍රික්ක 09ක කොවිඩ් -19 ආසාදිතයින් සියය ඉක්මවා තිබේ.

Read More

චීනයට අයත් TikTok හා WeChat යන ජංගම දුරකථන යෙදුම් සමග පසුගිය සැප්තැම්බර් මාසයේදී නිකුත් කළ එවැනි ඇප් වැඩසටහන් තහනම් කළ ලැයිස්තුවක් නිශ්ප්‍රභ කළ බව එක්සත් ජනපදයේ වාණිජ දෙපාර්තමේන්තුව පවසයි.

Read More

නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ගෙවුණු පැය 24 තුළ පුද්ගලයින් 396 ක් අත්අඩංගුවට ගෙන ඇ​ත.

Read More

ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංගය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාරදී තිබේ.

Read More

ඉන්ධන මිලට විරෝධය දක්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (22දා) විරෝධතාවයක නිරත වූහ.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ අද (22) උදෑසන වනවිට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 48,488 වශයෙන් සදහන් වෙද්දී දිස්ත්‍රික්කයේ මුලු කොරෝනා මරණ සංඛ්‍යාව 470 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ (22) උදෑසන වනවිට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 48,488 වශයෙන් සදහන් වෙද්දී දිස්ත්‍රික්කයේ මුලු කොරෝනා මරණ සංඛ්‍යාව 470 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

Read More

ගතවූ පැය 24 තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 11දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

’’අධික ලෙස සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් ඇති’’ ඩෙල්ටා ප්‍රභේදය ගෝලීය වශයෙන් ප්‍රමුඛ ප්‍රභේදය බවට පත්වෙමින් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය සතියේ පවසා තිබුණි. එය දැනටමත් රටවල් 92ක් දක්වා ව්‍යාප්ත වී ඇත.

Read More

සුඛෝපභෝගී වාහනවලටත් යතුරුපැදිවලටත් සමාන ලෙස ඉන්ධන මිල ඉහළ දැමීම සුදුසු නෑ

Read More

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි රැදවියන් 12 නෙකු කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බැව් බුස්ස බන්ධනාගාරය පවසයි.

Read More

පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස් වනවා. මෙම සතියේ පාර්ලිමේන්තු සැසි වාරය දින දෙකකට සිමා කිරීමටයි කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය කෙරුණේ.

Read More

තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද (22) අලුයම සිට හුදෙකලා කර ති​බේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව පොලිස් වසමේ සේරපුර ග්‍රාම නිලධාරී වසමේ ශ්‍රී ආනන්දාරාම මාවත ප්‍රදේශය සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල පොලිස් වසමේ කොටවල ග්‍රාම නිලධාරී වසම් වෙයි.

Read More

බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (22දා) සමගි ජනබලවේගය විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාර දෙනු ඇත.

Read More

එන්නත් ජාතිකවාදයේ ව්‍යාකූල ප්‍රවණතාව සහ බටහිර ජාතීන් තම ජනගහනයේ අවශ්‍යතාවටත් වඩා බෙහෙවින් වැඩි එන්නත් මාත්‍රා ප්‍රමාණයක් ගබඩා කර තබා ගැනීම පිළිබඳව තමන් කණස්සල්ලට පත්වන බව ජාතීන් 63ක කණ්ඩායම වෙනුවෙන් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී චීනයේ නියෝජිත චෙන් ෂු අවධාරණය කළේය.

Read More

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික නිළවරණය ලබන 26 දා පැවැත්වීම වාරණයට ලක්කරමින් අද (21) දින කොළඹ දිසා අධිකරණය විසින් නියෝගයක් ලබා දෙනු ලැබීය.

Read More

පයාගල ,බේරුවල .බෙන්තොට අලුත්ගම ,දර්ගා නගරය ,මග්ගොන ,කළුවාමෝදර සහ මොරගොල්ල ප්‍රදේශවලට හෙට (22) පෙ.ව 8.30 සිට පැය 24ක් තුළ ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය පවසයි.

Read More

රාජ්‍ය අමාත්‍ය එස්. වියලේන්ද්‍රන් මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයෙකු විසින් වැලි ටිපර් රථ රියදුරෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් හේතුවෙන් අද (21දා) රාජ්‍ය අමාත්‍යවරයාගේ මඩකලපුවේ පිහිටි නිවස ඉදිරිපිට නොසන්සුන්කාරී තත්ත්වයක් හටගැනිණි.

Read More

අන්තර්ජාල පහසුකම් නොමැති දරුවන් සදහා ප්‍රාදේශීය ඉගෙනුම් මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් පවසනවා.

Read More

පොන්නි සම්බා සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ. ඒ සඳහා දේශීය සහල් ආනයනකරුවන්ගෙන් ටෙන්ඩර් කැඳවීමක් සිදු කරන බව ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.