saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 6760 hours ago

LATEST

බන්ධනාගාර නියාමකවරයෙක් ඇතුලු සිවුදෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

calendar_today 2021 ජුලි 03 - 23:17 remove_red_eye - 162  

මිගමුව කොච්චික‌ෙඩ් සොයිසාවත්ත ප්‍රදේශයේදි මත්ද්‍රව්‍ය සමඟ බන්ධනාගාර නියාමකවරයෙකු ඇතුලු 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 241 දෙනෙකු අද (03) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා 264000ක් ජුලි මාසය තුළ ලැබීමට නියමිත බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සඳහන් කර ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්න මහතා පැවැසීය.

Read More

හීලියම් පිරවූ සාමාන්‍ය බැලූනවලට පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධ කරගැනීමක් සිදුකර ඇති නිසා ඒවා බිම පතිත වීමත් සමග වහා ගිනි ඇවිලෙන සුලු ලෙස නිර්මාණය කර ඇත. මධ්‍යධරණී මුහුදේ සුළං ප්‍රවාහය ආධාරයෙන් ඒවා ඊශ්‍රායල් භූමිය වෙත යැවීමට හමාස් සටන්කාමීන් කටයුතු කරයි.

Read More

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටියදී අද දින අභාවප්‍රාප්ත විය.

Read More

කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් රෝගීන්ට ප්‍රතිකාර සඳහා අවශ්‍ය රුපියල් මිලියන 30ක් පමණ වටිනා වෛද්‍ය උපකරණ තොගයක් “මුස්ලිම් ආධාර ශ්‍රි ලංකා” ආයතනය විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඊයේ (02) දින අරලියගහ මන්දිරයේ දී භාරදෙන ලදි.

Read More

වේගවත් පැතිරීමක් සහිත ඩෙල්ටා කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනය වූ තවත් පුද්ගලයන් 14 දෙනෙකු දිවයිනේ දිස්ත්‍රික්ක හතරකින් සොයාගෙන තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,010 දෙනෙකු අද (03) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

තුන්වැනි ආසාදන රැල්ල විශාල වශයෙන් හඳුනා නොගත් ජනතාවක් හරහා වෛරසය පැතිර යමින් සිටින අවස්ථාවක එරට එන්නත්කරණය වේගවත් කිරීම සඳහා මෙසේ සීනොවැක් එන්නත සඳහාද අනුමැතිය ලබාදී තිබේ.

Read More

අද (03) දිනය තුළ තවත් කොවිඩ් මරණ 34ක් මෙරටින් වාර්තා වී තිබේ.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පසුගිය පැය 24ක කාලය තුල අලුතින් කොවිඩ් 19 ආසාදිතයන් 104 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 7604 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

Read More

මේ කැබිනට් එක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කැබිනට් මණ්ඩලයක් නෙමෙයි. පී.බී. ජයසුන්දර මැතිතුමාගෙයි බැසිල් රාජපක්ෂ මැතිතුමාගෙයි කැබිනට් මණ්ඩලයක් මේ තියෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මේ කියන්නේ ඔබතුමත් එක්ක අපි වැඩ කරන්න ලෑස්තියි.

Read More

කොවිඩ් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,853 දෙනෙකු අද දිනයේ පිටවගොස් ඇත. ඒ අනුව කොවිඩ් ආසාදිතව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 231,394ක් දක්වා ඉහළගොස් තිබේ.

Read More

කොවිඩ් මර්දන එන්නත් ලබානොගත් හෝ එක් මාත්‍රාවක් ලබාගත් පුද්ගලයින් අතර ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමේ වැඩි ඉඩක් ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

Read More

නීතිවිරෝධී ලෙස රැස්වීමක් පැවැත්වූ නුවරඑළිය නගරයේ පෞද්ගලික සමාගමක පුද්ගලයින් 15 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් පොලිස් ඇප මත මුදා හැර නිරෝධානයට යොමු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර සිටියි.

Read More

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ බවට සැකකෙරෙන පුද්ගලයකු වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේ පුද්ගලයෙකුට ඩෙල්ටා කොවිඩ් ප්‍ර භේදය ආසාදනය වී ඇති බව වාර්තා වී තිබේ.

Read More

හෙද වෘත්තිය සමිති ඒකාබද්ධව ආරම්භ කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (03) පෙරවරුවේ අවසන් කෙරුණි.

Read More

ශ්‍රී ලංකා පොදු ජන පෙරමණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට එන ලෙස ඉල්ලා දේව කන්නලව්වක් හා උද්ඝෝෂණයක් අද (3) උදේ සීනිගමදී පැවැත්විණ.

Read More

ඊයේ දිනයේදීත් දෛනික ආසාදිතයින් 662ක් හඳුනා ගැනීමත් සමග බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 135,974 කි.

Read More

ගතවූ පැය 24ක කාලය තුළ නිරෝධායන නිති කඩ කළ පුද්ගලයින් 563 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

Read More

මෙරට කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ දිනයේදි පුද්ගලයින් 85,683 දෙනෙකුට ඒන්නත් ලබා දි ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 15,000 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ අනුව ඊයේ (02) ගෙවුණු පැය 24 ක කාලය තුළ නව ආසාදිතයින් 187ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 15,162 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

වයස අවුරුදු 15ක දැරියක් අන්තර්ජාලය හරහා ලබාගෙන ලිංගික කටයුතුවලට යොදා ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් ඊයේ හා අද දිනයේදී තවත් පුද්ගලයන් 5ක් අත්අඩංගුට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

සිය නිවස අසල සිටි පුද්ලගයෙකුව ඊයේ (02) රාත්‍රි 10.15ට පමණ වෙඩි තබා ඝාතනය කර තිබේ.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පැවසුවේ මෙම ප්‍රභේදය භයානක ප්‍රභේදයක් බවත්, එය අඛණ්ඩව විකාශනය වෙමින් විකෘති වී ඇති බවත්ය.

Read More

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ හා රථවාහන ලෙස ස්ථානමාරුවීම් ලබාදී තිබේ. ඔහු ඇතුළුව පොලීසියේ ඉහළම පුටු 8කට මෙසේ ස්ථානමාරුවීම් ලබාදී තිබේ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍යෙ පොලිස්පතිවරුන් 7කට හා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට මෙසේ ස්ථානමාරුවීම් ලබාදී තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලංකා ප්‍රිමියර් ලීග තරගාවලියේ දෙවැනි අදියර වෙනුවෙන් සීමිත පන්දුවාර තරගවල ඉදිරියෙන්ම පසුවන ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම එක්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කය තුළ 07/02 දින වාර්තා වී ඇති 389 ක් වූ කොරෝනා ආසාදිතයන් අතරින් , වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වන 84 දෙනෙකු කටුනායක ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

තවත් ප්‍රදේශ කිහිපයක හුදෙකලා බව ඉවත් කිරීමට තීරණය කළ බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.

Read More

දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයක් අද (03) උදෑසන 6.00 සිට හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.