saravita-anim2

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා

Latest News - timelapse 6787 hours ago

LATEST

තවත් කොරෝනා මරණ 41ක්

calendar_today 2021 ජුලි 16 - 20:23 remove_red_eye - 142  

ඊයේ (15) දින කොරෝනා මරණ 41 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර ති​බේ. මිය ගිය අය අතරට අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 12 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 29 දෙනෙකු අයත්.

අවුරුදු 18ට වැඩි අයට හමුදා පුහුණුවක් ලබාදෙන්න කියලා මම පාර්ලිමේන්තුවේ කිව්වාම මට අපහාස කළා. හමුදා පුහුණුවක් කියන්නේ මේ සමහරු චෝදනා කරනවා වගේ මිලිටරි පුද්ගලයෙක් හදන එක නෙමෙයි.නමුත් 18 ඉහළ තරුණයින්ට යම්කිසි පුහුනුවක් දෙනවනම් දෙන්න පුළුවන් හොඳම තැන තමයි හමුදා කඳවුර.

Read More

දශක ගණනාවකින් පසුව ජර්මනිය, බෙල්ජියම ඇතුළු යුරෝපා රාජ්‍යයන් රැසකට බලපාන දැවැන්ත ගංවතුරක් හේතුවෙන් අද (16දා) වනවිට මියගිය සංඛ්‍යාව 126ක් ලෙස සටහන් වෙමින්, අතුරුදන්ව සිටින පිරිස ඊටත් වඩා වැඩිවීම නිසා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි යන බිය හටගෙන තිබේ.

Read More

අද මෙරටට ලැබුණු මොඩර්නා එන්නත් තොගය මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට ලබාදීමට තීරණය කර තිබෙනවා.

Read More

COVID වසංගතය හේතුවෙන් රටේ දරු උපත් සංඛ්‍යාව සීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බව දේශීය වෛද්‍ය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිස ජයකොඩි මහතා පැවසීය.

Read More

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් කාණ්ඩ ගත කර ඇති අයුරු ජගත් ක්‍රිකට් කවුන්සලය අද නිවේදනය කර සිටියේ​ය.

Read More

පාකිස්තානයේ වයඹදිග කයිබර් පක්තුන්ක්වා පළාතේ ඉහළ කොහිස්තාන් දිස්ත්‍රික්කයේ චීන කම්කරුවන් රැගත් බස් රථයක් ඉලක්ක කළ ප්‍රහාරයකින් චීන ජාතිකයන් 9දෙනෙකු සහ පාකිස්තානුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

Read More

අද මේ දක්වා දැනට කොරෝනා ආසාදිතයන් 1,079 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්කර සිටි ශ්‍රී ලංකා ගුරු සංගමයේ ලේකම් වරයා ඇතුළු 15 දෙනා සහ මහනුවර පල්ලෙකැලේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්කර සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ඇතුළු සාමාජිකයින් 06දෙනාද නිරෝධායනයෙන් අද නිදහස් කර ඇත.

Read More

සමුද්‍රීය ආරක්ෂාව සඳහා ඉවහල් වන බහුදින යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක් ඕස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකාවට ප්‍රදානය කරයි. නීති විරෝධි මසුන් ඇල්ලීම වැළැක්වීම, දේශ සීමා හා ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව, යාත්‍රා මගින් කෙරෙන මිනිස් සහ මත්ද්‍රව්‍ය ජාවාරම වැළැක්වීම, අනතුරට පත්වන යාත්‍රා හඳුනාගෙන, ධීවරයන් මුදා ගැනීමට මෙම නිරීක්ෂණ පද්ධතිය බෙහෙවින් ඉවහල් වනු ඇතැයි ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි මහතා සඳහන් කළේය.

Read More

අගෝස්තු මස අවසානයේදී ඉන්දියාව තුන්වැනි රැල්ලකට ගොදුරු වීමට ඉඩ ඇති බවත්, එය දෙවැනි රැල්ල තරම් තීව්‍ර නොවිය හැකි බවත් ඉන්දීය වසංගත රෝග විශේෂඥයෙක් අනතුරු අඟවා තිබේ.

Read More

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය ඉන්දියාව , දකුණු ඇමෙරිකානු රටවල් , දකුණු අප්‍රිකානු රටවල් සහ යුරෝපා රටවල් කීපයක් වෙත මීට පෙර පනවා තිබූ ගුවන් ගමන් සීමාවන් මදක් ලිහිල් කර ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පැවසීය .

Read More

චීනයේ සිනෝවැක් එන්නත ශ්‍රී ලංකාව තුළ හදිසි භාවිතය සඳහා අනුමත කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කර තිබේ.

Read More

අධිකරණ සීමා නිර්ණය කිරීම සහ මහාධිකරණ ඇතුළු අධිකරණ ශාලා වැඩි කිරීම සදහා පත් කළ විශේෂ කමිටුවේ වාර්තාව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා වෙත භාර දී තිබෙනවා.

Read More

මෙම සංචිතයේ නායකත්වය දසුන් ශානකට හිමිව ඇති අතර ධනංජය ද සිල්වා එහි උපනායක ලෙස නම්කර තිබේ. නවක ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් සංචිතයේ ඉඩක් බොහෝ දෙනෙකුගේ කථා බහට ලක්වූ භානුක රාජපක්ෂ වෙත හිමිව තිබේ.

Read More

පළාත් අතර බස් සහ දුම්රිය ධාවන කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

Read More

කෙවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්තගව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 918 දෙනෙකු අද (16) දිනයේ පිටවගොස් තිබේ.

Read More

රෝගාබාධයන්ට ලක්ව, නිවෙස්වලින් බැහැරවිය නොහැකි අය වෙනුවෙන් ජංගම එන්නත්කරණ සේවාවක් කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.

Read More

යෝජිත කොතලාවල ආරක්ෂණ විශ්ව විද්‍යාල පනත සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමය සහ විපක්ෂ නායක සජිත් පේ්‍ර්මදාස මහතා අතර සාකච්ජාවක් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස අතර සාකච්ජාවක් අද පැවැත්විණි.

Read More

මෙම උපකරණ තොගය කිලෝ ග්රැම් 11,000 ක් බර ඇසුරුම් 53 ක අසුරා තිබූ අතර , ඒවා අතර වැඩි වශයෙන් රෑපීඩ් ඇන්ටිජන් කට්ටල ඇති බව ද තොරතුරු සදහන් වේ .

Read More

අගෝස්තු 1 වනදායින් පසු පොලිතින්, ලන්ච්ෂීට් නිෂ්පාදනය කිරීම, බෙදා හැරීම සහ අලෙවිකරණ පුද්ගලයින්ට එරෙහිව අය කරන දඩ මුදල් ඉහළ දමා තිබේ.

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (15) ගෙවුණු පැය 24 ක කාලය තුළ නව ආසාදිතයින් 64 ක් වාර්තාවිමත් සමග 16,125 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ලංකා ගුරු සේවා සංගමය ඇතුළු ගුරු සංගම් 14කට අයත් ගුරුවරුන් ආරම්භ කළ ඔන්ලයින් ඉගැන්විම් වලින් ඉවත් විමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද පස්වන දිනටත් ක්‍රියාත්මකයි.

Read More

ලාභදායී චීන වෙළඳපොළට පිවිසීමට අපේක්ෂා කරන ශ්‍රී ලංකා අපනයනකරුවන් සඳහා මාර්ගගත වේදිකාවක් හදුන්වා දීමට බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පියවර ගෙන තිබේ.

Read More

ගතවූ පැය 24 තුළ කොවිඩ් -19 වැඩිම ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

Read More

ඊයේ දිනයේත් රිය අනතුරුවලින් පුද්ගල මරණ 9ක් වාර්තා වී තිබෙනවා.

Read More

‌ෙඑතිහාසික රුහුණු මහා දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍ය ඊයේ දිනයේ 6වන දිනටත් විථි සංචාරය කළේය.

Read More

ඊයේ දිනයේදි එන්නත් මාත්‍රා 387,121 ලබාදි ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

Read More

උරහිසක ආබාධයකට ලක්ව සිටින ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට සති 6ක පමණ කාලයක් විවේක ගැනීමට සිදු වනු ඇති බව වාර්තා වෙයි.

Read More

ශාලාවේ ධාරිතාවෙන් 50% ක අසුන් සඳහා සීමාවන්ට යටත්ව අද දිනයේ ක්‍රියාත්මක වන පරිදි ශාලාවන් තුළ සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර ලබාදී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.