saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 6586 hours ago

LATEST

ලොක්ඩවුන් නැත්තේ කබ්රාල්ගේ පුතාගේ විවාහය නිසාද?

calendar_today 2021 අගෝ 11 - 21:43 remove_red_eye - 6464  

තම පුතාගේ විවාහය ඉදිරියේදී පැවැත්වීමට නියමිත බවත් ඒ අනුව රට ලොක්ඩවුන් කිරීම ප්‍රමාද කරන බවත් ව්‍යාජ ප්‍රවෘත්තියක් මේ වන විට සමාජ ජාල ඔස්සේ පැතිර යන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

දිගු කලක් පුරා විවිදයට තුඩුදුන් ශිෂ්‍ය භටයන් වීමට අයදුම් කරන ඉන්දුනීසියානු තරුණියන්ගේ කන්‍යාභාවය පරීක්‍ෂා කිරීමේ විවාදාත්මක පරීක්ෂණය ඉන්දුනීසියානු හමුදාව විසින් අවසන් කර ඇති බව එහි මාණ්ඩලික ප්‍රධානියා පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදිතව යාපනය පේදුරුතුඩුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි යාපනය, වැල්වැටිතුරෙයි නගර සභාවේ නගරාධිපති කෝනලිංගම් කරුණානන්දරාසා අද(11) උදෑසන මියගොස් ඇතැයි වැල්වැටිතුරෙයි පොලීසිය සහ සෞඛ්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Read More

පුත්තලම දිස්ත්‍රික්ක‌යේ වැනමි ඉස්සන් වගාව සහ මුහුදු ආහාර නිෂ්පාදනය කෙරෙන කර්මාන්තශාලා කිහිපයක් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා නිරීක්ෂණය කළේ ය.

Read More

එන්නත ලබාගත් බවට සාක්ෂි සහිත සෞඛ්‍ය බලපත්‍රය හෝ මෑතකදී සෘණාත්මක කොවිඩ්-19 පරීක්‍ෂණයක් හඳුන්වා දීමෙන් කෝපය වැඩි වී ඇත්තේ අවන්හල්, දුම්රිය සහ වෙනත් පොදු ස්ථානවලට ඇතුළුවීම සඳහා දැන් එය අනිවාර්ය වීම නිසාය.

Read More

ඊයේ (10) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 124 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. දිනක් තුළ මෙර​ට සිදු වූ මරණ වැඩිම මරණ සංඛ්‍යාව මෙයයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන් දෙදෙනෙක් කොවිඩ් ආසාදිත වී ඇති බවට තහවුරු වී තිබේ.

Read More

වසංගත මර්දනය සඳහා සැමවිටම ප්‍රමුඛතාව දියයුතු බවත්, වෛරස් විරෝධී සටනේදී කිසිඳු මන්දගාමී භාවයක් ඇති නොවන බවත් චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසමේ ප්‍රධානී මා ෂියාඕවේ පැවසීය.

Read More

දේශීය සාම්ප්‍රදායික ඖෂධ පිළිබද ඉල්ලුමක් පවතින බවත්,විදේශ විනිමය ලබාගැනීමට වැඩපිළිවෙලක් වෙනුවෙන් දේශීය වෛද්‍ය අමාත්‍යංශය ගමන් කරන බවත්, දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා පවසයි.

Read More

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් බස්නාහිර පළාතේ ආදායම් බලපත්‍ර නිකුත් කිරීම හෙට (12) සිට ලබන 31 වන දින දක්වා අත්හිටුවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

Read More

’’බොහෝ ආසාදිත අවස්ථා තිබෙනවා. ඒවායේ මූලාරම්භය අපට පැහැදිලි නැහැ. දැන් අගුලු දැමුවොත් අපට ආරක්ෂිතව එළියට පැමිණිය හැකියි.’’ වික්ටෝරියා ප්‍රාන්තයේ මහ ඇමති ඩැනියෙල් ඇන්ඩෘස් පැවසීය.

Read More

පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගයේ පැවති විරෝධතාව අතරතුර මහරගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට තුවාල සිදු කිරිම ඇතුළු චෝදනා යටතේ අත්අඩංගුවට ගැනුණු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු සිවුදෙනෙකු ලබන 17 වනදා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් දත්ත පිළිබඳව අවධානය යොමුකිරීමේදී වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පැනවීමෙන් අවම වශයෙන් පුද්ගල මරණ 1200ක් ඉදිරි දින 20 තුළ වළක්වාගැනීමට හැකිවන බව රජරට විශ්වවිද්‍යාලමේ මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා පවසයි.

Read More

චීනය මේ වන විට ලාඕසයට කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියන 3කට ආසන්න ප්‍රමාණයක් පරිත්‍යාග කර තිබේ.

Read More

මේ මොහොතේ කළ යුත්තේ රට වැසීම ගැන නොව රට නොවැසෙන තැනට වැඩ කිරීම බවත් එය සෑම පුරවැසියෙකුගේම වගකීම බවත් යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියයි.

Read More

සායනික පරීක්ෂණවලින් තහවුරු නොවීම නිසා අතිරේක ආහාර පානයක් ලෙස ධම්මික පැණියට ලබා දී තිබූ බලපත්‍රය අහෝසි කළ බව ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා පවසා සිටියි.

Read More

තමන් ගෞරවණීය, සරල හා අප්‍රකට ජීවිතකයක් ගත කිරීමට දැඩි ලෙස උත්සාහ දරා ඇති බවත් තම පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඇතුළු සියලුම මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවත් හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පුතණුවන් වන විමුක්ති කුමාරතුංග පවසයි.

Read More

ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයන් 2922 දෙනෙකු හදුනාගෙන ඇති බවද සෞඛ්‍ය අංශ සදහන් කළේය.

Read More

අය-වැය 2022 සම්පාදනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ යෝජනා ලබා ගැනීම වෙනුවෙන් වන පළමු සාකච්ඡාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

Read More

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියා සිදුකළ විශේෂ ප්‍රකාශයෙන් ත්‍රිවිධ හමුදාව විවේචනය කිරීමක් හෝ යුධ හමුදාවේ කාර්යභාරය ගැන කතා නොකළ බවත් ඔහුගේ ප්‍රකාශය වැරදි ලෙස අවබෝධ කරගෙන යුධ හමුදාපතිවරයා සිදුකර ඇති ප්‍රකාශය ගැන තමා කණගාටුවන බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Read More

රජය බදු ඉවත් කළද එක් කිරිපිටි කිලෝවකින් තවදුරටත් රුපියල් 200 ක පමණ පාඩුවක් සිදුවන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කර සිටියි. ලබන නොවැම්බර් දක්වා හෝ රුපියල් 200 ක මිල වැඩිවීමක් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි ආනයනකරුවන්ගේ සංගමයේ කමිටු සාමාජික ලක්ෂ්මන් වීරසූරිය සඳහන් කර සිටියේ​ය.

Read More

දුම්රිය සේවා භාවිත කල හැක්කේ රාජකාරි හැඳුනුම්පත හෝ අවසර පතක් හිමි පිරිසට පමණක් බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

Read More

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාවට අයත් නුගේගොඩ මහජන පුස්තකාලයේ සේවයේ නියුතුව සිට දින පනහකට පෙර අතුරුදන් වූ , පුස්තකාල සහායිකාව සොයා ගැනීමට වැලිකඩ පොලීසිය මහජන සහය පතයි.

Read More

PCR සහ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සම්බන්ධයෙන් උපරිම මිල නියම කරමින් හෙට දිනයේදී අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කර සිටියි.

Read More

පොදු ප්‍රවාහන සේවා නිරෝධායන රීතින් ගැන පොලිසිය විමසිල්ලෙන් කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සදහන් කරනවා.

Read More

මහජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා උපත්, මරණ හා විවාහ සහතික නිකුත් කිරීම මාර්ගගත ක්‍රමයට ආරම්භ කළ බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා පැවසීය.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක් ඊයේ (10දා) රාත්‍රී 9.15 ට පමණ කොට්ටාව කිලෝමීටර් 3 කණුව අසළදී හදිසියේ ගිනි ගැනීමට ලක්වීමත් සමඟම එහි රියදුරු වෑන් රථයෙන් පිටතට පැන දිවි බේරා ගෙන ඇතැයි අධිවේගී මාර්ග රථවාහන පොලිසිය කියයි.

Read More

ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වීම හේතුවෙන් හා කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ආරාධිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ක්‍රීඩකයින් 10 දෙනෙකුට අහිමි වී ති​බේ.

Read More

මෙහිදී ප්‍රධාන වශයෙන්ම දැනට සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කරන පවිත්‍රා දේවිවන්නිආරච්චි මහත්මිය එම ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බව වාර්තා වෙයි. ඇය වෙනුවට වෛද්‍ය රමේෂ් පතිරණ මහතා නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කිරීමට නියමිත බවද ඩේලි මිරර් වෙබ් අඩවිය පෙන්වා දෙයි.

Read More

එන්නත්කරණය සඳහා යොදවා ඇත්තේ යුද හමුදා වෛද්‍ය බලකායේ පුහුණුව ලත් යුද හමුදා භට පිරිස් බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න සඳහන් කර සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.