saravita-anim2

2026 අප්‍රේල් මස 05 වන ඉරිදා

2026 අප්‍රේල් මස 05 වන ඉරිදා

Latest News - timelapse 6875 hours ago

LATEST

නත්තල් දවසේ මත්පැන් තහනම ඉවත් කරන්න ඉල්ලයි

calendar_today 2021 දෙසැ 12 - 08:15 remove_red_eye - 346  

සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් ගිමන්හල්/හෝටල් වෙත නත්තල් දිනයේදී මත්පැන් අලෙවි කිරීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඉල්ලීමක් කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත් සේවය කියයි.

කොළඹ දිස්ත්‍රික්කයේ ඉතාමත් වටිනා ඉඩම් දෙකක් විදේශීය ආයෝජක සමාගම් වෙත බද්දට දීමීට අදාළ ගිවිසුම් සකස් කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත පවසයි. මෙම ඉඩම් දෙක බද්දට දීම හරහා රජය අපේක්ෂා කරන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න වෙයි. නාගරික සංවර්ධන අධිකාරිය විසින් මේ සඳහා අවශ්‍ය කටයුතු සකස් කර තිබේ.

Read More

අද දිනයේදීද විදුලිය කැපීමක් සිදුවීමට ඉඩ ඇති බව විදුලි බල අමාත්‍යාංශය කියයි. ඒ අනුව පස්වරු 6.00 සිට රාත්‍රි 9.30 දක්වා දිවයිනේ ඇතැම් ප්‍ර දේශවලට මිනිත්තු 20කට ආසන්න ප්‍රමණයක් විදුලිය සැපයීමට අත්හිටුවීමට සිදුවිය හැකිබව එම අමාත්‍යාංශය කියයි.

Read More

’’ප්‍රජාතන්ත්‍රවාදය වෙනත් රටවල කටයුතුවලට ඇඟිලි ගැසීමට එක්සත් ජනපදය විසින් භාවිත කරන ’සමූල ඝාතක අවියක්’ බවට පත්ව තිබෙනවා’’ චීන විදේශ අමාත්‍යාංශය අවධාරණය කරයි.

Read More

LPL තරගාවලියේ එකලොස්ව​න තරගය ලෙස අද Dambulla Giants කණ්ඩායම හා Colombo Stars කණ්ඩායම අතර පැවැත්වූ තරගයෙන් ලකුණු 1ක ජයක් ලැබීමට Dambulla Giants කණ්ඩායම සමත් විය.

Read More

සීල් කඩා නොමැති ගෑස් පමණක් නොව සීල් කඩා ඇත්තේ බාල ගෑස් නම් ඒවත් එකතු කළ යුතු බවත් විපතට පත්වූ සෑම කෙනෙකුටම සමාගම් වගකිවයුතු බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read More

’’චීනයට බුදුදහම හඳුන්වාදීම සහ රට තුළ ඒ දර්ශනය ප්‍රචලිතව පැවතීම පිළිබඳ අධ්‍යයනයට බුද්ධ ප්‍රතිමාවල සොයාගැනීම් ඉතා වැදගත් වෙනවා’’ ෂාන්සි පුරාවිද්‍යා ඇකඩමියේ පර්යේෂක ලී මිං පැවසීය.

Read More

LPL තරගාවලියේ එකලොස්ව​න තරගය ලෙස අද Dambulla Giants කණ්ඩායම හා Colombo Stars කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් Dambulla Giants කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 138 රැස් කිරීමට සමත් විය.

Read More

නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක අලුත්වැඩියාවක් හේතුවෙන් නැවතත් විදුලිය සීමා කිරීමක් සිදු කරන බව විදුලිබල අමාත්‍යාංශය පවසා සිටියි.

Read More

නවතම සංඛ්‍යාලේඛනවලට අනුව බ්‍රිතාන්‍යයේ වයස අවුරුදු 12 සහ ඊට වැඩි පුද්ගලයින්ගෙන් 89%​​කට වැඩි පිරිසක් ඔවුන්ගේ පළමු එන්නත් මාත්‍රාව ලබාගෙන ඇති අතර, 81%කට වැඩි පිරිසකට මාත්‍රා දෙකම ලබාගෙන ඇත.

Read More

නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක සිදුවූ බිඳ වැටීමක් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුමට බාධා ඇතිව තිබේ. ඒ අනුව විනාඩි 30-40ක කාලයක් මෙසේ විදුලි සැපයුම බිඳ වැටී තිබේ.

Read More

අසත්‍ය ප්‍රකාශ කරමින් දේශපාලන වශයෙන් ’හාල්පාරුවෙක්’ වීමට තමන්ට නොහැකි බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

සිකුරාදා වනවිට චීනය තුළ කොවිඩ්-19 එන්නත් මාත්‍රා බිලියන 2.59ක් ලබා දී ඇති බව කොමිසමේ ප්‍රකාශක මී ෆෙන්ග් පැවසීය.

Read More

දිවුලපිටිය, කොටදෙණියාව කුකුළන් ඇති කිරීමේ ගොවිපොළක ඇතිවූ ගින්නෙන් එහි සිටි කුකුළු පැටවුල් 8209ක් මරුමුවට පත්ව ඇති බව ගණන් බලා තිබේ.

Read More

LPL තරගාවලියේ එකලොස්ව​න තරගය ලෙස අද Dambulla Giants කණ්ඩායම හා Colombo Stars තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Dambulla Giants කණ්ඩායම සමත් විය.

Read More

එක්සත් ජනපදයේ මධ්‍යම ප්‍රාන්ත වන ආකන්සාස්, මිසිසිපි, ඉලිනොයිස්, කෙන්ටකි, ටෙන්නසී සහ මිසුරි යන ප්‍රාන්ත හරහා අවම වශයෙන් ටොනේඩෝ කුණාටු 30ක් වත් හමා ගොස් තිබේ.

Read More

LPL තරගාවලියේ දසව​න තරගය ලෙස අද Kandy Warriors කණ්ඩායම හා Galle Gladiators කණ්ඩායම අතර පැවැත්වූ තරගයෙන් කඩුලු 5ක ජයක් ලැබීමට Kandy Warriors කණ්ඩායම සමත් විය.

Read More

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දින් සහෙබ්තුමා අද (11) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

Read More

සුළු අපනයන භෝගවලින් රටට ඩොලර් වැඩි ප්‍රමාණයක් ගේන්න හැකියාව ලැබී ඇති බවත් ඉදිරියේදීත් බලාපොරොත්තු වන්නේ කුරුදු ඇතුලු සුළු අපනයන භෝගවලින් රටේ පවතින ඩොලර් හිගයට විසදුමක් ලබාදීමට බවත් සුළු අපනයන භෝග රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර මහතා අද (11) ගාල්ලේ පැවති ජන හමුවකදී කීවේය.

Read More

LPL තරගාවලියේ දසව​න තරගය ලෙස අද Kandy Warriors කණ්ඩායම හා Galle Gladiators කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් Galle Gladiators කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 127 රැස් කිරීමට සමත් විය.

Read More

දකුණු අප්‍රිකා​ව, බොට්ස්වානා, ලෙසෝතෝ, නැමීබියාව, සිම්බාබ්වේ හා එස්වතිනි යන අප්‍රිකානු රටවල සිට පැමිණෙන මගීන් සඳහා මෙතෙක් පනවා තිබූ සංචරණ සීමා වහාම ක්‍රියාත්ම​ක වෙන පරිදි ඉවත්කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ ක​ර සිටී.

Read More

2022.01.01 දින සිට ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන සියලුම ගුවන් මගීන් , තමන් පැමිණීමට පෙර , කොරෝනා මර්දන එන්නත් දෙකම ලබා ගෙන ඇති බවට සහතිකය, ශ්‍රී ලංකාවට පැමිණීමට පැය 72 ක කාළය තුළ ලබා ගත් පී.සී.ආර්.පරීක්ෂණ වාර්තා ඇතුළත් එම ගුවන් මගීන්ගේ සෞඛ්‍ය වාර්තා කටුනායක ගුවන් තොටුපළ වෙත මාර්ගගත ක්‍රමයට ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකය වෙත යොමු කළ යුතුය .

Read More

තමන් ශ්‍රී ලංකාවට පැමිණ ප්‍රියන්ත මහතාගේ පවුලේ සාමාජිකයින් හමුවී සමස්ථ පාකිස්ථාන ජනතාව වෙනුවෙන් ශෝකය පළ කිරීමට බලාපොරොත්තුවන බව අදාළ පාකිස්ථානු ජාතික මලික් අද්නාන් එර​ට පුවත්පතකට ප්‍රකාශ කර තිබේ.

Read More

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර හමුවක් අද (11) පෙරවරුවේ ජනාධිපතිතුමාගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවසේ දී සිදු විය.

Read More

LPL තරගාවලියේ දසව​න තරගය ලෙස අද Kandy Warriors කණ්ඩායම හා Galle Gladiators තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Galle Gladiators කණ්ඩායම සමත් විය.

Read More

රටේ ගෑස් නියාමනය සම්බන්ධයෙන් අඩුපාඩු තිබුණු බවත් එය මහත් අඩුපාඩුවක් බවත් එය පිළිගන්නා බවත් වැවිලි කර්මාන්ත හා රජයේ සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (11) සීනිගමදී පැවසීය.

Read More

ප්‍රියන්ත කුමාර ඝාතන නඩු විභාගය නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ මැදිරියක් පිහිටුවීමට පළාත් කැබිනට් කමිටු රැස්වීමේදී තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

Read More

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ අලුබදුන තරගාවලියේ පළමු තරගය අවසන් වුණේ ඔස්ට්‍රේලියාවට කඩුලු 9ක ජයක් හිමි කර දෙමිනි.

Read More

නියමු ව්‍යාපෘතියක් ලෙසින් රාජ්‍ය ආයතනයන් තුළ විදුලි වාහන භාවිත කිරීමට යෝජනා වී තිබේ. එහිදී එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් මෙලෙස ගෙන්වනු ලබන වාහන ප්‍රායෝගිකව භාවිත කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලිය යුතු බව ද රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවැසීය. .

Read More

බදුල්ල බන්ධනාගාර​යේ අද 11දින උදේ ඇතිවු ගැටුමකින් එහි රැදවියන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.