පිටිගල කරුවලතොට , පොරවගම ප්‍රදේශයේ කිතුල් මල් කැපීම සඳහා කිතුල් ගසට නැග සිටියදී පුද්ගලයෙකු අද (3) කිතුල් ගහේ සිටියදීමිය ගොස් ඇතැයි පිටිගල පොලීසිය කියයි.
පුත්තලම දිස්ත්‍රික්ක පුරා මෙවර ප්‍රදේශ රැසක කහ වගාව සාර්ථක කර සරු අස්වැන්නක් නෙළමින් පැවතියද සාධාරණ මීලක් නොමැති විමේන් කහ වගාකරුවන් අසරණ වී ඇති බව ඔවුන් පවසති.
Read Moreලිට්‍රෝ ගෑස් කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අවම වශයෙන් රු. 1000ක පමණ අගයකින් හෙට මධ්‍යම රාත්‍රි යේ සිට අඩුකිරිමට නියමිතය.
Read Moreවැල්ලවත්ත මුහුදු පාරේ දුම්රිය පොළ ආසන්නයේ හිටිහැටියේ ගිලාබැසීමක් සිදු වූ බව වැල්ලවත්ත පොලිසිය කියයි.
Read Moreහය වසරට දරුවකු ඇතුලත් කරගැනීම සඳහා එම දරුවාගේ මවගෙන් රුපියල් 50,000/-ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි නිට්ටඹුව සංඝබෝධි මහාවිද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයා නඩු විභාගය අතරතුරදී විත්ති වාචක නෙකැඳවාම සියළුම චෝදනවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මහෙන් වීරමන් මහතා නියම කළේය.
Read Moreකොළඹ අග නගරය ආශ්‍රිත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ඉදිරියටත් තිරසර ලෙස පවත්වාගෙන යාම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට කැබිනට් අනුමැතිය හිමිවේ.
Read Moreසිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික, චාරිත්‍රානුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
Read Moreබදුල්ල ඌව විද්‍යාලය හා ධර්මදූත විද්‍යාලය අතර වාර්ෂික ක්‍රිකට් ගැටුමේ දෙවන දිනයේ තරගය ඉකුත් 01 වනදා බදුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙද්දී එම ක්‍රීඩාංගණයට නුදුරින් පිහිටි කසල අංගන පිටියේ සෆාරි ජීප්රථයක් අනතුරට ලක්වීමේ ජීවිතක්ෂයට පත්වූ බදුල්ල ධර්මදූත විදුහලේ සිසුන්ගේ දෙදෙනාගේ පශ්චාත් මරණ පරික්ෂණ බදුල්ල පළාත් මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.එම්.කේ.බී. විජේතුංග මහතා විසින් 02 දා සිදුකර තිබේ.
Read Moreකොන්දේසි පහකට යටත්ව පිවිතුරු හෙළ උරුමය පෞද්ගලිකරණයකට එකඟ වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ අද දින (03) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් හා එක් වෙමිනි.
Read Moreසෞදි අරාබිය ඇතුළු ඔපෙක් නිෂ්පාදකයින් සිය නිෂ්පාදනයන් කප්පාදු කිරීමට තීරණය කිරීමත් සමගින් ලෝක වෙළඳපොළ තුළ බොරතෙල් මිල ඉහළ ගොස් තිබේ.
Read Moreගෙදර එන්න රෑ වුනොත් මහල් නිවසේ ජනේලයෙන් සිය නිවසට ඒමට පුරුදු වී සිටී එක්දරු පියෙකු සයුරු පුර මහල් නිවාස සංකීර්ණයේ තුන් වෙනි මහලෙන් බිමට වැටී ජීවිතක්ෂයට පත්වී ඇති බව අඟුලාන පොලිසිය පැවසීය.
Read Moreත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ගත් තීරණයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනය ජුනි 01 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.
Read Moreජාතික පාසල්වල 2 සිට 4 හා 7 සිට 10 යන අතරමැදි ශ්‍රේණිවල පන්ති සඳහා ළමුන් ඇතුළත් කිරීමේ දී අදාළ චක්‍රලේඛන අනුව කටයුතු කිරීම සම්බන්ධයෙන් 2023. 04. 21 දිනෙන් පසු ව ජාතික පාසල් දැනුම්වත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
Read Moreනීතිඥවරියන්ගේ ඇඳුමට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය වෙනස් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreරසායනික පොහොර භාවිතය තහනම් කිරීම හේතුවෙන් 2021 මහ කන්නයේ අක්කරයකට ලබාගත් වී අස්වැන්න සියයට 53කින් අඩු වී ඇති බව සමීක්ෂණයකින් අනාවරණ වී තිබේ.
Read Moreතලෙයි මන්නාරම උතුරු මුහුදු තීරයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී රුපියල් මිලියන 67 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4 ග්‍රෑම් 500 ක ප්‍රමාණයක් ඊයේ (02) දින සොයාගත් බවට නාවික හමුදාව පවසයි.
Read Moreඩීසල් මිල පහළ යාමත් සමඟ සංශෝධිත බස් ගාස්තු ලේඛනය ප්‍රදර්ශනය නො කොට වැඩිපුර ගාස්තු අයකරන බස්රථ පරීක්ෂා කිරීමේ වැඩසටහන අද (03) දා සිට ක්‍රියාත්මක කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා පැවසීය .
Read Moreඩෙංගු හා පූර්ණ රුධිර ගණන පරීක්ෂාව සඳහා රෝගීන්ගෙන් වැඩිපුර රුපියල් 1350 ක මුදලක් ලබාගත් දෙහිවල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට රුපියල් ලක්ෂ 15 ක දඩයක් අධිකරණයෙන් නියම කළ බව කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරි ඒකකයේ ජේෂ්ඨ විමර්ශන නිලධාරී ඊ. යු. රන්ජන මහතා පැවසීය.
Read Moreගිලෙන නැවට ගොඩ වෙන්නට තරම් මෝඩ මන්ත්‍රීවරු සමගි ජන බලවේගයේ නොමැති බවත් ආණ්ඩුවේ මන්ත්‍රීවරු පිරිසක් සජබට එක්වීමට නියමිත බවත් ඔවුන් පක්ෂ සාමාජිකත්වය ලබා දී ආසන සංවිධායක ධූරද ලබාදෙන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා ගල්ගමුවේ දී පැවසීය.
Read Moreඝාතන රැසක වෙඩික්කරු ලෙස කටයුතු කළ රවිඳු සංඛ ද සිල්වා හෙවත් බුරු මුනා නැමැති අපරාධකරු අධිකරණය වෙත භාර කිරීම සඳහා රැගෙන ආ නීතිඥවරයා ගෙන් පැය 3කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
Read Moreශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඉන්දියාවේ යහපාලන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් භාරත් ලාල් මහතා ,ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා සමඟ ඊයේ (01) ජනපති නිල නිවසේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසුණි.
Read Moreඅද දහවල් කතරගම පොලිස් වසමේ වැඩිහිටිකන්ද ප්‍ර දේශයේ පරණ වැඩිහිටිකන්ද මාර්ගයේ යතුරුපැදියකින් පැමිණ නාඳුනන පුදගලයන් දෙදෙනෙකු සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
Read Moreහම්බන්තොට ලංකා ලුණු සමාගම රුපියල් මිලියන 700 ඉක්මවා ආදායමක් මාර්තු මාසයේදී උපයාගෙන තිබේ.
Read Moreඅධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයාගේ ලිපි ශීර්ෂ සහ අස්සන ව්‍යාජ ලෙස යොදාගනිමින් කටුගස්තොට ප්‍රසිද්ධ බාලිකා විදුහලක අතර මැදි පන්ති වලට ළමුන් ලමුන් 17දෙනෙකු ඇතුළත් කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විශේෂ විගණන විමර්ශනයක්ආරම්භ කොට තිබේ .
Read Moreඑක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සභාපතිත්වය මාසයක කාලයක් සඳහා රුසියාවට හිමිව තිබේ. රුසියාවට සභාපතිත්වය නොදෙන ලෙස යුක්රේනයආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටින අවස්ථාවක මෙම තීරණය ගෙන තිබේ.
Read Moreමුලතිව් පුදුකුඩිඉරිප්පු තේරාවිල් ප්‍රදේශයේදී කුප්පි ලාම්පුවක් පෙරලී ඇති වූ ගිනිගැනීමකදී මාස 6 ක් වයසැති බිළිඳෙකු පිලිස්සී බරපතල තත්වයේ සිටියදී ඊයේ (01) දින මිය ගොස් ඇතැයි පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.
Read Moreමෙරට විශ්වවිද්‍යාල අතරින් විශාලතම ඉතා මනස්කාන්ත භූමි භාගයකට උරුමකම් කියන පේරාදෙණිය විශ්වවිද්‍යාලයට මාර්තු සහ මැයි මාසවලදී මෙම කහ මල් වසන්තය උදාවේ.
Read Moreචීනයේ ශ්‍රී ලංකා තනාපති පාලිත කොහොන මහතා ඇතුළු රටවල් 20ක තානාපතිවරුන් විසින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබේ. ඉකුත්දා චීනයේ යුනාන් පළාතේ සංචාරයකින් පසු තානාපතිවරුන් විසින් මෙම නිවේදනය නිකුත් කර ඇත.
Read More“ගුවන් හමුදා හෙරළි පෙරළි” නමින් දියත් කෙරෙන රට පුරා කොස් පැල මිලියන තුනක් සිටුවීමේ වැඩසටහනේ පළමු අදියර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ දී ඊයේ (01) ආරම්භ කෙරිණි .
Read Moreරට බංකොලොත් භාවයෙන් මුදා ගැනීම සඳහා එක්සත් ජනරජ පෙරමුණ නමින් නව දේශපාලන පක්ෂයක් එළඹෙන මැයි මාසයේ තෙවන සතියේ එළිදක්වන බව 43 වැනි සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා බදුල්ලේදී (1) දා පැවසීය.
Read More