saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 3671 hours ago

LATEST

ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම පසුගිය වසරේ

calendar_today 2023 ජුනි 08 - 08:25 remove_red_eye - 805  

ආනයනය සීමා කිරීම හරහා ‍මෙරට කර්මාන්තවල විශාල ප්‍රගමනයක් දැකිය හැකි බවත් ඒ අනුව පසුගිය වසරේදී (2022) ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම වන ඩො.බි 13.1 ක මුදලක් ලබාගත හැකිවූ බවත් කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.

වර්තමානයේදී මෙරට තුළ දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන ජනගහනය මිලියන 7ක් බවට පත්ව ඇතැයි LIRNEasia ආයතනය පවසයි. ඒ අනුව මෙය සමස්ත ජනගහනයෙන් 31%ක ප්‍රතිශතයක් ගන්නා බවද එම ආයතනය සදහන් කරයි.

Read More

ජපානයේ එහිමෙ ප්‍රාන්තයේ (EHIME PREFECTURE) කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ තාක්ෂණික සිමාවාසික පුහුණුලාභීන් ලෙස ශ්‍රි ලාංකිකයින් යොමුකිරීමට ජපානයේ එහිමෙ ප්‍රාන්තය හා ශ්‍රි ලංකාවේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය අතර සහයෝගිතා ගිවිසුමකට ජපානයේ එහිමෙ නගරයේදී අද දින (07) අත්සන් තබන ලදී.

Read More

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිධුරය විපක්ෂයට ලබා දියු යුතු බවත් ආචාර්ය හර්ෂද සිල්වා මහතා ඒ සඳහා සුදුසු බවට විපක්ෂය යෝජනා කරන්නේ නම් ඔහුට සභාපතිධුරය ලබාදිය යුතු බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

ගැඹුරු මුහුදේදී අහපත් කාලගුණය හේතුවෙන් පෙරළුනු ‘ලූපෙන් යුවාන්යු 028”නැමැති චීන ධීවර යාත්‍රාවට පළමුව ඇතුළුවී එහි මළ සිරුර 14 ක් සොයා ගැනීමේ කිමිදුම් මෙහෙයමුට සහභාගි වු නාවික හමුදා සමාජිකයන් නව දෙනාට චීන රජයේ උපහාර පිදීමේ උත්සවයක් පැවැත්විණි.

Read More

ශ්‍රී ලංකාවේ ඇති සියලුම රාජ්‍ය ආයතනවල දත්ත රැස් කිරීම හා නිරීක්ෂණයට “පරිගණක යෙදුම්” නිර්මාණය කිරීම සඳහා ඩිජිටල් ප්‍රවර්ධන නියෝජිත ආයතනයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

Read More

යාපනය ඩෙල්ෆ් ජැටියේ පිවිසුම් දොරටුව අසලදි අද (7) උදෑසන අනතුරට පත් මගී ප්‍රවාහන ට්‍රෝලර් යාත්‍රාවක සිට පුද්ගලයන් 38 දෙනකු නාවික හමුදාව විසින් බේරාගෙන ඇත.

Read More

දෙමළ ජාතික ජනතා පෙරමුනේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා අද (07) උදෑසන පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසුව සවස කිලිනොච්චිය පොලීසියට රැගෙනවිත් කට උත්තරයක් ලබාගැනීම සිදුවිය.

Read More

පුත්තලම නෙඩුම්කුලම් ප්‍රදේශයේ ස්ථාන කිපයක විශාල ලෙස කපුටන් (7 ) දින මිය ගොස් ඇති බව ජනතාව පවසති.

Read More

පානදුර ද සිල්වා මාවතේ පිහිටි පානදුර දිසා විනිසුරු නිල නිවසේ දොර ජනේල් ගලවා එහි දේපොළ සොරකම්කර සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

Read More

ඉන්දියාවේ ප්‍රමුඛතම නැව් සමාගමක් වන Cordelia Cruises සමාගමට අයත් Ms Empress නෞකාව අද :07* දින හම්බන්තොට ජ්‍යාත්‍යන්තර වරාය වෙත සේන්දු විය.

Read More

නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා නම් කිරීමට පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව අද (07) තීරණය කළේය.‍ෙ

Read More

මුලතිව් නාගචෝල රක්ෂිතයයේ පුරාවස්තු සොයා කැණීම් කරමින් සිටි යුධ හමුදා කෝප්‍රල් වරයකු ඇතුළු පුද්ගලයන් අට දෙනෙකු භූගත සෙවීම් (ස්කෑනර්) යන්ත්‍රයක් සමග අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.

Read More

මෙරට පළමු ඩ්‍රෝන තාක්ෂණ නියමු පාඨමාලාව ආරම්භ කරමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා සිටියේ ඩ්‍රෝන තාක්ෂණ භාවිතය මගින් ඉදිරියේ දී මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ ශීඝ්‍ර සංවර්ධනයක් අපේක්ෂා කරන බවයි.

Read More

ශ්‍රී ලංකව සහ ඇෆ්ගනිස්තානය අතර සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (7) පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 ක පහසු ජයක් ලැබීය.

Read More

ගවයින්ගේ සමෙහි මතුපිට ගැටති ඇතිවිමේ රෝගය (Lumpy Skin Disease) මේ දිනවල දිවයින පුරා පැතිර යන නිසා එම රෝගය පාලනය කිරිම සදහා මධ්‍යම පළාත් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ පළාත් අධ්‍යක්ෂකවරයා විසින් 2023.05.31 දින නිකුත් කර ඇති අංක CPC/APH/4/4-A&PH චක්‍රලේඛණයට පටහැනිව නුවරඑලිය දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කරන බව පශු වෛද්‍යවරුන් චෝදනා කර සිටියි.

Read More

රටපුරා එළවලු මිල ඉහළ යද්දී හත් වන දින සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල පහළ යමින් පවතින බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පවසති.

Read More

රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවයේ නියුතුවූවන්ට ඔවුන්ගේ ආදායම් මට්ටමට ගැලපෙන පරිදි නිවාස ව්‍යාපෘති 9ක ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් පසුගියදා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබීය.

Read More

කුරුණෑගල මූලස්ථාන පොලීසියේ දැනුවත් කිරීම හේතුවෙන් කුරුණෑගල නගරයේ පෙම් සුව විඳීමට පැමිණෙන ලාබාල පෙම්වතුන්ගේ විශාල අඩුවක් මේවනවිට දක්නට ලැබෙන බව වයඹ පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා ප්‍රකාශ කළේය.

Read More

වදුරු උණ වැළදුන රෝගීන් දෙදෙනෙකු කොළඹ අයි.ඩී.එච්. රෝහල වෙත වෛද්‍ය ප්‍රතිකාර සදහා ඇතුළත් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය .

Read More

පේරාදෙණිය ගලහා නගරයේ පවත්වාගෙන යන බේකරියක් සහ හෝටලයක් තුල ඇති වූ ගින්නක් හේතුවෙන් සේවකයන් පස්දෙනෙකු පිළිස්සුම් තුවාල සහිතව රෝහල් ගත කළ බව ගලහා පොලිසිය කියයි .

Read More

නෝර්වුඩ් පොලිසියේ රාත්‍රි මුර සංචාරය සදහා යොදවා තිබු ජිප් රථය ඊයේ (06දා) රාත්‍රියේ ප්‍රපාතයකට පෙරලිමෙන් එම ජිප් රථයේ ගමන් ගත් පොලිස් නිලධාරින් තිදෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

Read More

රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ පළාත් පාලන ආයතන සතු සියළුම මාර්ග පද්ධතීන් GIS තාක්ෂණය ඔස්සේ සිතියම් ගත කිරීමට පියවර ගෙන ඇත.

Read More

දැනටමත් SLS සහතිකය නොමැතිව ආහාර වර්ග 07 ක් ශ්‍රී ලංකාවේ අලෙවි කල නොහැකි බවද ඇය පෙන්වා දෙයි .මේ අතර මීට වසරකට පමණ පෙර රා සඳහා ප්‍රමිති සකස් කර දෙන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව තම ආයතනයෙන් ඉල්ලා සිටි බවද තිළිණි කළුගලගේ මෙනෙවිය ප්‍රකාශ කලාය.

Read More

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා කොල්ලුපිටිය රැජින පාර ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

Read More

පාසල් පද්ධතිය තුළ පෙර පාසලේ සිට ම විනය හැදීමේ පරිවර්තනීය අවශ්‍යතාවක් පවතින අතර අධ්‍යාපන අමාත්‍යාංශය එහි පුරෝගාමී මෙහෙවරක් සිදු කරමින් පූර්වාදර්ශයක් සැපයිය යුතු බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

Read More

තිරිඟු පිටි මිලට සිර වී සිටින බේකරි හිමියන්ට ගෑස් මිල අඩු වූවත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය.

Read More

වෙළදපොල තුල කුකුල් මස් අලෙවි කිරිමෙදි මිල විකෘතියක් ඇති වි තිබෙන බවත් මේ නිසා කුකුල් මස් සිල්ලරට අලෙවි කිරිමට අදාලව පාලන මිලක් ඇති කල යුතු බව ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය සදහන් කරයි

Read More

මුලතිව්හි ඓතිහාසික වට්ට්‍රාපලෙයි කන්නගි අම්මාන් හින්දු කෝවිලේ වාර්ෂික දේව මංගල්‍ය බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ සිට අද (06) අලුයම් කලය දක්වා උත්සාවාකාරයෙන් පැවත්වුණි.

Read More

2030 වන විට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලිබල ජාල ඒකාබද්ධ කිරීමට අවශ්‍ය ප්‍රමුඛත්වය ලබාදීමට රජය තීරණය කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.