බද්දේගම, අලුත්වල ප්‍රදේශයේ නිවසක් තුල කාන්තා මළ සිරුරක්
බද්දේගම, අලුත්වල, සාමගම ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් ඝාතනය කර ඇතැයි ගෝනපීනුවල පොලීසිය කියයි.
23 දා 119 පොලසිස් හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරක් මත සිදු කළ සොයා බැලීමේ දී මිටගිය කාන්තාවකගේ මළ සිරුරක් නිවස තුළ තිබී හමුවී ඇත. මියගොස් තිබෙන්නේ කේ. දයාවති නැමැති 76 වියැති අවිවාහක තැනැත්තියකී. ඇයගේ සහෝදරයාගේ පූත්‍රයා ද එම නිවසේ පදිංචිව සිට ඇති අතර, පොසොන් පෝය දින එම කාන්තාව සිල් සමාදන්වී ඇති බවද, අනාවරණය වී තිබේ.
සිල් සමාදන්වීමෙන් පසු 21 දා සන්ධ්‍යාවේ එම කාන්තාව නිවසට පැමිණ ඇති බව ද මුලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. මියගිය කාන්තාවගේ මෘත ශරීරය අසල තිබී ලී දණ්ඩක් ද පොලීසියට හමුවී තිබේ.
ඉන් සිදු කළ පහරදීමකින් මියයන්නට ඇතැයි පොලීසිය සැක කරයි.පොසොන් පෝය දින සන්ධ්‍යාවත්, 23 වෙනිදාත්, අතර කාලයේ දී මෙම අපරාධය සිදු කර තිබේන බව ද පොලීසිය කියයි.
නිවසේ පදිංචිව සිටි පුත්‍රයා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවද පොලීසිය කියයි. මෘත ශරිරය කරාපිටිය ශික්ෂණ රෝහලට යොමු කර අති අතර, ගෝනපීනුවල පොලීසිය පරීක්ෂණ පවත්වයි.
ඩබ්ලිව්.එල්.අනුර - හබරාදුව
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

