saravita-anim2

2025 ජුලි මස 13 වන ඉරිදා

2025 ජුලි මස 13 වන ඉරිදා

Latest News - timelapse 3433 hours ago

LATEST

කොකාවිල් උදඝෝෂණය ගැන යුද හමුදාවෙන් දැනුම් දීමක්

calendar_today 2023 මැයි 18 - 19:30 remove_red_eye - 713  

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ප්‍රතිව්‍යුහගත කිරීම හේතුවෙන් 4 වන ස්වෙච්ඡා යුද්ධ හමුදා කාන්තා බළකාය සේවා අවශ්‍යතාවය මත මැදවච්චිය ප්‍ර දේශයේ ස්ථානගත කළත් ප්‍රා දේශීයව ඉඳුරාම බදවා ගන්නා ලද එම හමුදාගත සෙබළියන් ඔවුන් මෙතෙක් රාජකරී කටයුතු කරනු ලැබූ සේවා ප්‍ර දේශ තුළින් ස්ථාන මාරු කිරීම සඳහා කිසිඳු සැලැස්මක් න

අපි පැහැදිලිව රනිල් ට කියනවා අපි තමුන්නාන්සේ ජනාධිපති කලේ එක්සත් ජාතික පක්ෂය ගොඩ නගන්න නොවෙයි රටේ ආර්ථිකය ගොඩනගන්න. මේ කරන්නේ රටත් විනාශ කරලා පොහොට්ටුවක් විනාශ ක‍‍රන වැඩපිළිවෙළකට කියන එක මම පැහැදිලිව කියනවා’’

Read More

ලබන වසරේ දී සාමාන්‍ය පෙළ හා උසස් පෙළ යන විභාග දෙක ම එක ම වසරක් තුළ පැවැත්විය හැකි පරිදි අධ්‍යයන කටයුතු ක‍්‍රමානුකූල ව සාමාන්‍ය තත්වයට ගෙන එමින් විභාග කාලසටහන යාවත්කාලීන කරන බවත් විද්‍යාපීඨ ගුරුවරුන් 7800කට ජූනි 15 දින නව පත්වීම් ලබා දෙමින් ජාතික හා පළාත් පාසල්වල ගුරු හිඟය පියවීමට පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

Read More

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ අලුතෙන් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති ’’ පික් - මී ’’ සහ ’’ ඌබර් ’’ කුළී රථ සේවාවන් පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ කුළී රථ සංගම් වල රියැදුරුවරුන් සිය විරෝධතාව 05/18 දින පස්වරුවේ පළ කර සිටියහ.

Read More

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී ලබන පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය කිරීම සිදුවිය.

Read More

රට පුරා වාර්තා වෙමින් පවතින විවිධ අපචාර සිද්ධීන් සැලකිල්ලට ගනිමින් කුරුණෑගල නගරයට පැමි⁣ණෙන ලාබාල පෙම්වතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම ඇතුළු ක්‍රියාමාර්ග රැසක් ගැනීමට වයඹ පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පියවර ගෙන ඇත.

Read More

ශ්‍රී ලංකාවේ පක්ෂ නායකයන් අතරින ධනාත්මක ශ්‍රේණිගත කිරිමක් ඇති එකම පක්ෂ නායකයා බවට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පත්ව තිබේ.

Read More

සේවා තුනක් අත්‍යවශ්‍ය බවට ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

Read More

අනුබද්ධ විශ්වවිද්‍යාල සහ ඒවායේ පාඨමාලා සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලබා දීමේදී එය විවිධ අලෙවිකරණ අරමුණු සඳහා අනිසි ලෙස භාවිත නොකිරීමට සහ එය උපාධි ප්‍රදානය කරන විශ්වවිද්‍යාලයට පමණක් ලබා දීමට දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවට ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවධානය යොමු විය.

Read More

නීතිවිරෝධී සංක්‍රමණ වැළැක්වීම සඳහා ‘ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකයක්’ (Safe Migration Promotion Unit) මාස තුනක නියමු වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කරන ලෙස ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් අදාළ පාර්ශ්වවලට උපදෙස් ලබා දෙන ලදී.

Read More

වගා ආරක්‍ෂණ කටයුතු සඳහා ගිනිඅවි භාවිතය වෙනුවෙන් පෙර පැවති නීති සංශෝධනය කර ඇති අතර එම බලපත්‍ර නිකුත් කිරීම සඳහා තිබිය යුතු වගා භූමි ප්‍රමාණය අක්කර පහක් (05) දක්වා සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

Read More

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඇති වී තිබෙන ගැටලු පිළිබඳ අද (18දා) දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

Read More

මේ දිනවල පවතින උණ තත්ත්වය සඳහා පැරසිටමෝල් ඖෂධය හැර වේදනා නාශක ලබා නොගත යුතු බව කොළඹ ජාතික රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා සඳහන් කළේය.

Read More

මේ රටේ ආර්ථිකය බංකොලොත්වීම පිළිබඳ සැම අමාත්‍යාංශයක්ම වගකිව යුතුයි. අපට කාලයක් සිදුවුනා යම් යම් කටයුතු සදහා මුදල් ලබාදීමට. එයින් සිදුවුණේ ජනතා මුදල් අපතේ යාම පමණයි. රටට මොකක්ද වුණේ කියලා තරුණ පරපුර ප්‍රශ්න කිරීම සාධාරණයි.

Read More

කාත්තන්කුඩි ප්‍රදේශයේ සිට රෝගියෙකු බැලීම සඳහා තනියම කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණ ඇති 14 හැවිරිදි පිරිමි දරුවෙකු කුරුණෑගල යන්තම්පලාව ප්‍රදේශයේදී බරපතල ලිංගික අතවරයකට පත් කරන ලදැයි කියන ෆිනෑන්ස් කොම්පැණියක කාර්ය මණ්ඩල සාමාජිකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා කුරුණෑගල මූලස්ථාන පොලීසිය පරීක්ෂණ සිදු කරයි.

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්වෙළෙඳපොළෙහිඇති කරවලවල ලුණු අඩංගු කිරීමට ලබාදී ඇති ප්‍රතිශතය12%ක් පමණක් වුවද, මේ වනවිට ඒවායෙහි25%ක් පමණ ලුණු අඩංගු බවඋතුරු කොළඹ ශික්‍ෂණ රෝහලේ පෝෂණ විශේෂඥ වෛද්‍ය මාලිකා උඩගෙදර මහත්මිය ප්‍රකාශ කළාය.

Read More

පිළියන්දල නගරයේ ප්‍රසිද්ධ විද්‍යාලයක් ආසන්නයේදී පාසල් වෑන් රථයක් තුළදී වයස අවුරුදු හයයි මාස නවයක් වයසැති දැරියකට ලිංගික අතවර කළ බව කියන පාසල් වෑන් රථ රියදුරෙකු අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි.

Read More

අද (18දා) දිනයේදී දිස්ත්‍රික්14 ක ඇතැම් ස්ථානවල ශරීරයට දැනෙන උණුසුම අවධානය යෙමුකළ යුතු මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අනුව පුත්තලම, කුරුණැගල, පොලොන්නරුව, මඩකලපුව, අම්පාර, මොනරාගල, හම්බන්තොට, අනුරාධපුර, මන්නාරම, මුලතිව්, යාපනය, ත්‍රිකුණාමලය, වව්නියාව සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මෙම තත්ත්වය ඇතිවිය හැකි බව පෙන්වා දෙයි.

Read More

විදේශගතව සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දු නැවත මෙරටට පැමිණීමේදී ගුවන්තොටුපළ තුළදී අත්අඩංගුවට ගැනීමට හැකි බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

මෙරට ඖෂධ මිල ඉදිරි සතියේදී 10-15 % ප්‍රමාණයකින් අඩු කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍ය, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

පක්ෂයේ විනය කඩ කරන පුද්ගලයන්ට එරෙහිව කටයුතු කිරීමට පක්ෂයේ නීතිඥ කණ්ඩායමට භාර දී තිබෙන බවත්, ඒ අනුව විනය කඩ කළ ඒ.එච්.එම් ෆවුසි මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නීතිඥයන්ට උපදෙස් ලබා දී ඇති බවත් සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

Read More

වයස අවුරුදු 02ට අඩු දරුවන් සිටින මවුවරුන් පිටරට යනවාට තදින්ම විරුද්ධ බවත්, ඒ සඳහා පාර්ලිමේන්තුව තුළ ඉන් පිටත මේ සඳහා සටන් කරන බවත් ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය පැවසීය.

Read More

කොකාවිල් සිට වව්නියාව මැදවච්චියට ලබා දී ඇති ස්ථාන මාරුවකට එරෙහිව කිලිනොච්චි කොකාවිල් 4 වන කාන්තා බලකායට අයත් සෙබළියන් පිරිසක් සහ ඔවුන්ගේ ඥාතීන් කඳවුර අසල මාර්ගයේ ඊයේ (16) සිට විරෝධතාවක් ආරම්භ කර ඇත.

Read More

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ පාලනය සහ දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් ලෝක රග්බි පාලක මණ්ඩලය ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත.

Read More

දේවගැතිවරයෙකු විසින් ආගමික සංහිඳියාවට හානි වන අයුරින් සිදු කළ ප්‍රකාශයට ව්‍යවස්ථානුකූල පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

යුද්දය අවසන් වී වසර 14 ක් පිරීම සහ අවසන් යුද්දය හේතුවෙන් යුද්දයට මැදිව මියගිය සාමාන්‍ය වැසියන් සිහිපත් කරමින් විශේෂ යුද සැමරුමක් හෙට (18) දින මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් මුහුදු වෙරලේ ඉදිකොට ඇති යුද සැමරුම් ස්මාර්කය අසලදී පැවත්වෙයි.

Read More

ළමුන් පැහැරගැනීමේ උත්සහයක කිසියම් පිරිසක් නිරත වෙන්නේ යැයි බියක් හේතුවෙන් මේ දිනවල උතුරේ ප්‍රදේශ කිහිපයක ජනතාව විසින් සැකකටයුතු පුද්ගලයින්ට පහරදීමේ සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇතැයි පොලීසිය පවසයි.

Read More

චීනයේ යුනාන් පළාත සහ ශ්‍රී ලංකාව අතර සමීප සහයෝගීතාවයක් ඇති කර ගැනීමේ අවස්ථා පිළිබඳව සොයා බලන්නැයි යුනාන් පළාතේ ආණ්ඩුකාර වැන්ග් යූබෝ මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලා සිටියේය.

Read More

කම්කරු නීති සංශෝධනය සම්බන්ධයෙන් මේ වන විට කිසිදු ලේඛනයක් සකස් කර නොමැති බවත්, කම්කරු නීති සංශෝධනය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමට පෙර ඒ සම්බන්ධයෙන් අදහස් ලබාගැනීමට අමාත්‍යාංශයේ ආරම්භ කර තිබෙන මහජන අදහස් ලබාගැනීමේ වේදිකාවට පැමිණ අදහස් දක්වන ලෙසට වෘත්තීය සමිති සහ සියලුම දේශපාලන පක්ෂවලට ආරාධනා කරන බවත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

Read More

වෘත්තීය පුහුණු සියලු ආයතන එක තැනකට කැඳවා අන්තර් සම්බන්ධීකරණයෙන් යුතු පොදු වැඩපිළිවෙලක් සකස් කරන්න - අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස්- මාස දෙකක් තුළ නැවත කැඳවීමටත් තීරණයක්

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.