saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 3382 hours ago

LATEST

මිනිසුන්ගේ නොමනා වැඩ නිසා තබ්බෝවේ අක්කර 300ක් විනාශයි

calendar_today 2023 අගෝ 12 - 10:28 remove_red_eye - 370  

තබ්බෝව අභය භුමියෙ ඇතිවු හදිසි ගිනි ගැනීමක් නිසා අක්කර 300 කට වැඩි ප්‍රමණයක භුමියක් ගිනි ගෙන විනාශ වී ඇති බව පුත්තලම දිස්ත්‍රීක් වන ජීවි සහකාර අධ්‍යක්ෂ එරන්ද ගමගෙ මහතා පවසයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයට මාස ගණනාවක් පැවති නියං තත්වය පහව යමින් ඊයේ (11) සවස ප්‍රදේශ කීපයකට වැසි ඇද හැළුණි.

Read More

මහා භාණ්ඩාගාරයට බරක් නොවන ආකාරයට බන්ධනාගාර පවත්වා ගෙන යාමේ නීත්‍යනුකූල ක්‍රමවේදයක් සැකසීම පිළිබඳ සාකච්ඡාවක් මේ වන විට ආරම්භ කර ඇති අතර එය කිසි සේත්ම සමාජයේ කතාබහට ලක් වී ඇති පරිදි මුදල් ගෙවා වෙනම සිර මැදිරි වෙන් කර ගැනීමට අවස්ථාව ලබාදෙන ආකාරයේ කටයුත්තක් නොවන බව අධිකරණ හා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පැවසීය.

Read More

කෘෂිකර්ම අංශය නවීකරණය කිරීම හරහා මෙරට කෘෂිකර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමේ සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

Read More

ශක්තිමත් මූල්‍ය හා මානව ප්‍රාග්ධනයක් නොමැතිව රටක් සීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යා නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

Read More

ඉන්ධන මිල තීරණය කිරීම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කාර්යයක් නොවන බවත්, සිනොපෙක් ආයතනය විසින් ඛනිජ තෙල් මිල තීරණය කිරීම පිළිබඳ කිසිදු ඉල්ලීමක් සංස්ථාවෙන් කර නොමැති බවත් එම සංස්ථාව පවසයි.

Read More

නැගෙනහිර පළාතේ ගොවීන් විසින් වගා කර තිබෙන 44/1 වී වර්ගයෙන් විශාල අස්වැන්නක් ලැබෙන නමුත් වී කෙටීමේදී වී ඇට තුනට කැඩී යන බැවින් එවැනි වී වර්ගයක් ගොවීන්ට හඳුන්වාදීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසා තිබේ.

Read More

මහනුවර හා කටුගස්තොට අතර දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් 2023-08-18 දින මධ්‍යම රාත්‍රි යේ සිට අගෝස්තු 21 දින පෙරවරු 4 චක්වා කාලසීමාව තුළ මාතලේ හා මහනුවර අතර දුම්රිය ධාවනය තාවකාලිකව නවතා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් අතර 13 වෙනි සංශෝධනයේ පොලිස් බලතල බෙදීම සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් ඊයේ දින (9) පස්වරුවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.

Read More

ජපන් රජයේ මූල්‍යාධාර මත උතුරු පළාතේ දිස්ත්‍රීක්ක 05 සහ කුරුනෑගල, ත්‍රීකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රීක්කවල ගොවිපවුල් 228,611 ක් සඳහා නොමිළේ සූරියා රසායනික පොහොර මෙට්‍රික්ටොන් 8360 ක් බෙදාදීමේ වැඩසටහනක් අද (10) යාපනය චාවකච්චේරි ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී ආරම්භ විය.

Read More

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැය 24 දුරකථන ඇමතුම් මධ්‍යස්ථානයට ලද ඇමතුමකින් දකුණු කොරියාවේ රැකියා පෙන්වා මුදල් වංචාකළ මහා පරිමාණ විදේශ රැකියා ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ.

Read More

වසර තුනහමාරකින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට බඳවාගැනීම් සිදු කර නැහැ දැනට 33687 ක් සිවිල් ආරක්ෂක බලකා සේවයේ

Read More

මම පන්සලක් හැදෙනවාට විරුද්ධ කෙනෙක් නෙමෙයි.මම මේ පලාතේ දේශපාලනය කරන කෙනෙකුත් නෙවෙයි.මේ ප්‍රදේශයේ ජනතාව සමගියෙන් ඉන්න ඕන නිසා ගත්ත තීන්දුවක්. 99%ක් දෙමල ජනතාව ඉන්න ප්‍රදේශයක පන්සලක් හැදුවම එල්ල වන විරෝධය නිසා මේ පන්සල හදන එක ගැන තීන්දුවක් ගැනිමට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඉන්න මන්ත්‍රිවරු දෙදෙනා වන ආර්.සම්බන්ධන් හා කපිල නුවන් අතුකෝරල යන මන්ත්‍රිවරුන් දෙදෙනාට භාරකරලා තියනවා’’

Read More

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර පැවැත්වීමේ දී ශ්‍රී දළදා මාලිගාව ඇතුළු සිව් මහා දේවාලයන්ට පැන නැගී තිබුණු විදුලි බිල සම්බන්ධ ගැටලුව රජය මැදිහත්වී විසඳූ බව ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි .

Read More

ත්‍රිකුණාමලය නිලාවේලි පාරේ පෙරියකුලම් පිහිටි බොරලුකන්ද රජමහා විහාරයේ දැනට සිදුකරණ ඉදිකිරිම් හා සුද්ධ පවිත්‍ර කිරිම් තාවකාලිකව නවත්වන ලෙස නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා කල නියෝගයක් ත්‍රිකුණාමලය නගර හා කඩවත් ප්‍රාදේශිය ලේකම්වරයා විසින් විහාරාධිපති පුජ්‍ය අම්පිටියේ ශීලවංශතිස්ස හිමියන් වෙත දැනුම් දි ඇතැයි විහාරාධිකාරි ත්‍රිකුණාමලයේ සුඛිත වංශතිස්ස හිමියෝ පැවසුහ.

Read More

මහජන චීන සමූහාන්ඩුවට අයත් ‘HAI YANG 24 HAO’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 අගෝස්තු 10) උදෑසන කොළඹ වරායට සේන්දු විය.

Read More

ණය ප්‍රශස්තකරණ කටයුතු අවසන් වූ වහාම කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයේ (RCEP) සාමාජිකත්වය ලබා ගැනීමටත් “ආසියාන්” සංවිධානයේ අනෙකුත් රටවල් සමග ද නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමටත් බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

’’ මට දැන් ජීවත් වෙලා වැඩක් නැහැ ,මම මැරෙනවා’’ යැයි සිය පෙම්වතියට දුරකථනයෙන් අමතා පැවසූ පාසල් වියේ පසුවන 17 හැවිරිදි තරුණයාගේ සිරුර පැය කීපයකට පසු බඳ පටියකින් එල්ලෙමින් තිබියදී හමුවූ බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි

Read More

රිදියගම සෆාරි උද්‍යානයේ ’’සිනා ’’ නැමති සිංහ ධේනුව විසින් බිහිකළ සිංහ පැටවුන් දෙදෙනෙකු 10 වනදා සිට මහජන ප්‍රදර්ශනයට තබන බව රිදියගම සත්වෝද්‍යානයේ භාරකරු සහකාර අධ්‍යක්ෂක හේමන්ත සමරසේකර මහතා කියා සිටියේය.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ සිදු කල විශේෂ ප්‍රකාශය මගින් පාර්ලිමේන්තුව නොමග යවා 13 ඉක්මවූ බලය ‌බෙදීමකට සූදානම් වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා චෝදනා කරයි. ඒ් මහතා මේ බව සදහන් කර සිටියේ අද (10දා) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Read More

රජරට මෙන්ම මුළු රටටම බලපෑ ඇති දැඩි නියඟය හේතුවෙන් පීදෙන ගොයම ආරක්ෂා කර ගැනීම සඳහා ’නිසි කලට වැසි වසීවා, කෙත් වතු සරු සාර වේවා’යි ප්‍රාර්ථනා කරමින් වැසි පිරිත් සජ්ජායනා කිරීමේ ආගමික වැඩසටහනක් ඊයේ (9දා) පස්වරුවේ දී ඓතිහාසික රුවන්වැලිසෑ චෛත්‍යය අබියසදී විහාරාධිපති පූජ්‍ය ඊතල වැටුනවැවේ ඥානතිලක නායක හිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා මහවැලි අධිකාරියේ එච් කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර ඉන්දික රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Read More

ශ්‍රි ලංකාවේ මෝටර් රථ ක්‍රීඩා සම්බන්ධයෙන් ජාතික සංගමය වන ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචි කටයුතු අත්හිටුවමින් එහි පරිපාලනය සඳහා තාවකාලික කමිටුවක් පත්කරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

යතුරුපැදි අනතුරකින් මියගිය තරුණයකුගේ අවමගුල් පෙරහැරක අනතුරුදායක යතුරුපැදි සංදර්ශන සිදුකරමින් ගමන්ගත් තරුණ පිරිසකට අවවාද කල තිදරු පියෙකුට ඊයේ (09) පස්වරුවේ හෙල්මට් වලින් සහ අතින් පයින් පහරදී ඇති පුවතක් වාද්දුව වේරගම ප්‍රදේශයෙන් වාර්තාවේ.

Read More

මොනරගල දිස්ත්‍රික්කයට බලපා තිබූ දැඩි නියං තත්වය නිමාකරමින් ඊයේ (09දා) සවස මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට මහ වැසි ඇදහැලුණු අතර අයිස්කැටද පොළොවට පතිතවූ බව ප්‍රදේශවාසීහු පවසති.

Read More

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කිරීමේ වාසිය බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ප්‍රමාදයකින් තොරව සිය ගනුදෙනුකරුවන් වෙත ලබාදීමට කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2023 අගෝස්තු මස 08 වන දින පැවති රැස්වීමේදී බලපත්‍රලාභී වාණිජ බැංකුවල සියලුම රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ වන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2023 අගෝස්තු මස 16 වන දින ආරම්භ වන සංචිත පවත්වාගෙන යෑමේ කාලපරිච්ඡේදයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 4.00 සිට සියයට 2.00 දක්වා පදනම් අංක 200 කින් අඩු කිරීමට තීරණය ක‍ළේය.

Read More

ඒ වගේම ඇතැම් නිලධාරීන් සිය වගකීම නිසි ලෙස ඉටු කළත්, ඇතැම් නිලධාරීන් අමාත්‍යාංශයේ වැඩපිළිවෙළ පිළිබඳ අවබෝධයකින් තොරව කටයුතු කරනවා. එය ඉතා කනගාටුදායක තත්ත්වයක්. 2048 දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉලක්කගත වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට නම් සියලුදෙනාම ඒකාබද්ධ ප්‍රවේශයකින් කටයුතු කළ යුතුයි.

Read More

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් එහි සේවකයන් සඳහා 2022 වර්ෂයේදී රුපියල් මිලියන 2,508ක මුදලක් අතිකාල දීමනා වශයෙන් වැඩි පුර ගෙවා ඇති බව පසුගිය 2වැනිදා නිකුත් කළ නවතම විගණන වාර්තාවේ සඳහන් වේ.

Read More

සාර්ක් කලාපීය රටවල් වෙනුවෙන් විශේෂ වීසා කාණ්ඩයක් සකස්කිරීමට අවධානයක් විදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ සීමාවාසික පුහුණු වැඩසටහනක් (Internship Program) ආරම්භ කිරීම පිළිබඳ අවධානය

Read More

ආසාත්මිකතා හා සංකූලතා ඇතුළු සිද්ධීන්ගෙන් මෙරට රෝහල් කිහිපයක සිදු වූ බවට සැක කරන සිදුවීම් සම්බන්ධයෙන් විද්‍යාත්මකව සොයාබැලීම සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත් කරන ලද විශේෂඥ කමිටු වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බාර දුන්නේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.