saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 3372 hours ago

LATEST

සීනි බදු වංචාවේ පාඩුව අයකර ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ගය ගැන මුදල් අමාත්‍යාංශයෙන් අසයි

calendar_today 2023 අගෝ 14 - 16:53 remove_red_eye - 402  

පසුගිය සමයේ සිදුවූ සීනි බදු වංචාවෙන් මෙරටට සිදු වූ පාඩුව අයකර ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව මුදල් අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය මෙතෙක් නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට අපොහොසත් වීම පිළිබඳව කමිටුව සිය අප

බෙන්තොට ප්‍රා දේශීය සභා කීඩාංගණයේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර එම සංගීත සංදර්ශනය නැරඹීමට පැමිණි තරුණයින් දෙපිරිසක් අතර අද (14දා) අලුයම්කාලයේ ඇතිවූ ගැටුමක් සමතයකට පත්කිරීමට යැමේදී එම තරුණයින් විසින් පොලිස් නිලධාරීන්ට පහරදී තුවාල සිදුකොට ඇති බව බෙන්තොට පොලීසිය කියයි.

Read More

අනුරාධපුර ශික්ෂණ රෝහලේදී ජීවිතක්ෂයට පත් වූ දරුවා ඇඳෙන් බිමට වැටී ජීවිතක්ෂයට පත් වූවාද, වැටෙන කොට අල්ල ගත්තාද කියන කාරණාව හරියටම කියන්න වෙන්නේ එම දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් බවත්, මේ වන විට සිදු කළ සොයා බැලීමේදී රෝහල් කාර්ය මණ්ඩලය අපරික්ෂාකාරීව කටයුතු කර නොමැති බව අනාවරණය වූ බව අනුරාධපුර ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා පැවසීය.

Read More

මේ දිනවල බලපා ඇති වියලි කාලගුණික තත්වය හා සුළං හේතුවෙන් කෙසෙල් වගාවන් වැනසීමේ තර්ජනයකට ලක්ව.ඇති බව කුරුණෑගල දිසාවේ ගොවීන් පවසති.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව මුහුණු පොතේ දැන්වීමක් පළ කිරීමේ සිද්ධියක් මුල් කරගෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ඇතුළු පිරිසක් දොලේලන්ද ප්‍රදේශයේ නිවසකට තියුණු ආයුධ රැගෙන කඩා වැදී පුද්ගලයෙකු ඝාතනය කර පලා ගොස් ඇතැයි දොඩම්ගොඩ පොලිසිය සඳහන් කරයි.

Read More

උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉඳිකළ ඩයරබා ජලාශය ජලය පුරවා විවෘතකිරීම ඉකුත් (13) වෙනිදා උදෑසන සිදුකෙරිණි.

Read More

නීති විරෝධීව මුදල් ඔට්ටුවට යතුරු පැදි තරග පැවැත්වීමට සූදානම් වූ තරුණයන් නව දෙනකු අත්අඩංගුවට ගෙන ඊට යොදාගත් යතුරුපැදි හතරක් සිය භාරයට ගත් බව පානදුර උතුර පොලිසිය කියයි.

Read More

හල්දුම්මුල්ල සොරගුණේ ප්‍රදේශයේ මහා විදුහලක් කඩා මල්ටිමීඩියා ප්‍රොජෙක්ටරයක්, සීඩී ප්ලේයර් යන්ත්‍රයක්, ඇතුළු රුපියල් එක් ලක්ෂ පනස් දෙදහසක් වටිනා දේපළ සොරාගත් එම පාසලේම ඉගෙනුම ලැබූ ආදි ශිෂ්‍යයෙක් වූ ප්‍රධාන ශිෂ්‍ය නායකයා බව කියන යුද හමුදා සෙබළෙකු අද (14දා) සැකපිට අත්අඩංගුවට ගත් බව හල්දුම්මුල්ල පොලිසිය කියයි.

Read More

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි පුණ්‍ය භූමියක ඉදිකිරිම් නවත්වන ලෙස ප්‍රාදේශිය ලේකම් මැදිහත් කරගෙන ජාතිවාදි, ආගම්වාදි, අන්තවාදි ආර්.සම්බන්දන්ගේ ඉල්ලිමට කටයුතු කිරිම පිලිකුලෙන් හෙලා දකින බව නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතාට ලිපියක් යවමින් ත්‍රිකුණාමලයේ ප්‍රාදේශිය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරි පුජ්‍ය අලුත්ඔය සද්ධාතිස්ස හිමියෝ පැවසුහ. ලේඛකාධිකාරි පූජ්‍ය අලුත්ඔය සද්ධාතිස්ස හිමියෝ ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතාට යැවු ලිපිය

Read More

බම්බලපිටිය පොලිස් වසමේ ඩුප්ලිකේෂන් පාර ජුබිලි බුලස් හංදිය අසළදී කොළඹ සිට කතරගම දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක් තුම්මුල්ල දෙස සිට පැමිණි ලොරි රථයක ගැටී පෙරළී අනතුරක් සිදුව ඇතැයි පොලීසිය කියයි.

Read More

පසුගිය සමයේ රට මුහුණ දුන් අන්දමේ අවාසනාවන්ත යුගයක් මතු පරපුරට උරුම කරන්නේ නැහැ සියලු ක්ෂේත්‍රයන්හි නවීකරණයක් සමඟින් රට ඉදිරියට ගෙන යනවා – ජනපති මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ 150 වන සංවත්සර උත්සවයේ දී කියයි.

Read More

“අපේ භාණ්ඩාගාරයේ පිච්චිය නෑ. මේ හම්බුවෙන මුදල් ටිකෙන් හැම මාසයේම රාජ්‍යය සේවකයින්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවලා, සමෘද්ධිය ඇතුළු සහනාධාර ගෙවලා. ගත්ත ණය සඳහා පොලී ගෙව්වට පස්සේ මොකුත් ඉතුරු වෙන්නේ නෑ.”

Read More

පියාගෙන් චෝදනාවක්!දරු ප්‍රසූතිය සඳහා අනුරාධපුර කල්ලන්චිය රෝහලේ සිට අසාධ්‍ය තත්වයෙන් ගිලන් රථයක් මඟින් අනුරාධපුර ශික්ෂණ රෝහලට රැගෙන ආ තම බිරිඳට දරුවා ප්‍රසූත වන අවස්ථාවේදී, සූතිකාගාරයේ සිටි රෝහල් කාර්යය මණ්ඩලයට දරුවා අල්ලා ගැනීමට නොහැකි වී බිම ඇද වැටී, දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ තම දරුවා අද (13) ජීවිතක්ෂයට පත්වූ බවත් මිය ගිය තම දරුවාට රෝහලේදී පාංශුකූලය ලබා දීමට රෝහල් බලධාරීන් ඉඩ නොදුන් බව එම දරුවාගේ දරුවගේ පියා පවසයි.

Read More

මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා පාසලක අධ්‍යාපනය හැදෑරූ සිසුවියක තම අස්වීම් සහතිකය ලබා ගැනීමට පාසලට ගිය අවස්ථාවේදී එම විදුහලේ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු එම සිසුවිය බලහත්කාරයෙන් පාසල තුළ රඳවාගෙන බැණ තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසිය සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කොට තිබේ .

Read More

මෙහිදී අනුරාධපුරයේ සිට මිහිනතලේ දුම්රිය ස්ථානය දක්වා කිලෝමීටර් 12 ක දුර ප්‍රමාණයකින් දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිමට නියමිතයි. මෙම දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කරනු ලබන්නේ , දිගුකාලීන විසල් සංවර්ධන වැඩපිළිවෙලක් ඉලක්ක කරගනිමිනි.

Read More

පාසල් යන බව පවසා නිවසින් පිටත්ව පාසල් නොගොස් පාසල් නිල ඇඳුම් සඟවා මුහුණු පොතෙන් පමණක් හඳුනාගෙන සිටි තම පෙම්වතුන් හමුවීම සඳහා කුරුණෑගල නගරයට පැමිණ සිටි දහසය හැවිරිදි ලාබාල පාසල් සිසුවියන් දෙදෙනෙකු පොලිස් බාරයට ගෙන දෙමාපියන්ට බාර දුන් බව කුරුණෑගල මූලස්ථාන පොලීසිය පවසයි.

Read More

ක්‍රීඩාවේ ප්‍රවීණතාව සමඟ උපාධිය සම්පූර්ණ කිරීමට අවස්ථාව සලසා දෙමින් යෝජිත ක්‍රීඩා විශ්වවිද්‍යාලයේ කටයුතු කඩිනම් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබෙන බව තරුණ හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පැවසිය.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කෘෂි නවීකරණ ප්‍රතිපත්තිය අනුව කෘෂිකර්ම අමාත්‍යංශයේ කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන යටතේ බණ්ඩාරවෙළ කහත්තේවෙල ශ්‍රී සංඝරාජ පිරිවෙන් පරිශ්‍රයේ ඉඳිකළ අර්තාපල් තීරුසැකසීමේ කර්මාන්තශාලාවක් ඉකුත් (11) වෙනිදා කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා විසින් විවෘතකරන ලදි.

Read More

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිත අපනයන හා ප්‍රති අපනයන වැඩි දියුණු කිරීම තුළින් වාර්ෂිකව රටට ඉහළ අපනයන ආදායමක් උපයා ගත හැකි බැවින් එම ඉලක්කය සපුරා ගැනීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සහ සැලසුම් කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

Read More

මුහුණු පොත හරහා සංවිධානය වී හොරණ කොළඹ මාර්ගයේ කුඹුක ප්‍රදේශයේ තරඟයට යතුරුපැදි ධාවනය කළ තරුණයන් අටදෙනකු අත්අඩංගුවට ගත් බව මොරගහහෙන පොලිසිය කියයි.

Read More

සැක කටයුතු ලෙස මියගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් වලස්මුල්ල ප්‍රදේශයෙන් ඊයේ (12) දින හමු වී ඇති බව වලස්මුල්ල පොලීසිය පවසයි.

Read More

බස්නාහිර හා සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තේම්න්තුව සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ පොල්තෙල් අවශ්‍යතාවයෙන් 10% ක පමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලබන්නේ ශ්‍රී ලංකාව තුළයි බවත් ඒ අනුව දේශීය පොල්තෙල්වල ප්‍රමිතිය සොයා බැලීමට ක්‍රමවේදයක් අවශ්‍ය බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

Read More

දිවයිනේ තේ වගා කරන දිස්ත්‍රික්ක 11 තුළ මෙ වන විට තේ කම්මල් 541 ක්‍රියාත්මක වන අතර මේ අතුරින් මෙම මස වැඩිම තේ මිලක් ගෙවා ඇත්තේ දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය පෝ තොටුව තේ කමලයි.

Read More

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට නිවාස ඉදි කිරීමේ වැඩපිළිවෙලක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය අරඹයි. විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව එය ක්‍රියාත්මක කරයි.

Read More

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මහින්ද රාජපක්ෂ අභියෝග ශූරතා ක්‍රිකට් තරගාවලිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් (12) දින නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගනයේ දී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

Read More

ලංකාවේ සංචාරයක් සදහා පැමිණි කැනේඩියානු ජාතික බාල වයස්කාර පිරිමි හා ගැහණු දරුවන් දෙදෙනෙකු අපහරණය කරනු ලැබූවේ යයි කියන සංචාරක මග පෙන්වන්නකු අද (12) කොස්ගොඩදී අත්අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලීසිය කියයි.

Read More

නිදහස් සෞඛ්‍යය සේවාව කප්පාදු කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවත්, ගුණාත්මක තත්ත්වයෙන් තොර ඖෂධ භාවිත කරනවා යැයි කියමින් ඇතැම් සංවිධානාත්මක පිරිස් සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන් මහජන විශ්වාසය බිඳ දැමීමට උත්සහ කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.

Read More
රට මැදට වැසි
12 08 2023 15:46:00
0 576

මධ්‍යම කදුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශන්ට මෙන්ම කාසල්රි ජලාශය අවට ප්‍රදේශයන්ට පැවති වියළි කාලගුණික තත්වයන් නිමාවට පත් කරමින් 12වන දින සවස් කාලයේදි වැසි පතිතවිම ආරම්භව ඇත.

Read More

කූඨ ලෙස සකස් කළ චීන ගුවන් ගමන් බලපත්‍ර භාවිතා කර නෙදර්ලන්තය වෙත පැන යාමට තැත් කළ ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු අද (12දා) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.