saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 3282 hours ago

LATEST

2022 උසස්පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කරයි

calendar_today 2023 සැප් 04 - 17:43 remove_red_eye - 433  

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ - 2022 විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.

මේ වන විට මත භේදයකට ලක්ව ඇති 2023 අ.පො.ස (උසස් පෙළ) විභාගය - 2023 පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන ආමාත්‍යාංශය විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.

Read More

පලෙයි අයියකච්චි පළමුවන යාන්ත්‍රික බලඇණියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි හමුදා සෙබලෙකු සිය රාජකාරි ටී 56 ගිනි අවිය සහ උණ්ඩ 120 ක් උරයක දමාගෙන කඳවුරෙන් පලා යමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පළ පොලිසිය පවසයි.

Read More

වවුනියාව මාමඩුව වැව ආසන්නයේ මඩ වලක වැටී වලඅලියෙකු රෝගාතුරව සිටීම හේතුවෙන් අද (04) අලුයම් කාලයේදී මිය ගිය බවට වව්නියාව වනජීවි කාර්යාලය පැවසීය.

Read More

එප්පාවල උත්සවයකට පැමිණෙන ජනාධිපතිවරයා ඝාතනය කිරීම සඳහා ස්නයිෆරයක් අවශ්‍යය බව පවසා මුහුණු පොතේ සටහනක් තැබූ එප්පාවල මැඩියාව ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයකු සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ගෙන ඇත.

Read More

රුපියල් කෝටි ගණන් ඇස්තමේන්තු සකසා මුදල් නොමැති වීම හේතුවෙන් බලධාරින් මග හරිමින් සිටි ගල්ලෑව පුරාණ වැව ගල්වීරගොල්ලෑව ගොවි සමිතිය විසින් රුපියල් ලක්ෂ තුනාහමාරක් වැනි සුලු මුදලක් වැය කරමින් සාර්ථාක ලෙස ප්‍රථිසංස්කරණය කල බව ගම්වාසීහු පවසති.

Read More

බණ්ඩාරගම උයන්වත්ත වැවට පැමිණ විනෝද වීම ජීවිත වලට දැඩි අනතුරුදායක තත්ත්වයක් බව හදිසි මරණ පරීක්ෂක මුළු දිවයිනටම සාම විනිසුරු සුමේධ ගුණවර්ධන මහතා පැවසීය

Read More

රට තුළ පවතින අධික වර්ෂාවත් සමඟ ඇති වූ ආපදා තත්වයන් හේතුවෙන් දිස්ත්‍රික්ක තුනක පවුල් 28 ක පුද්ගලයින් 98 ක් අද (4) පෙරවරු 6.00 වන විට පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි

Read More

තම ජීවිතයට සිදු වූ විශාල අසාධාරණයක් නිසා මැදපෙරදිග ගෘහ සේවා ඉතිහාසයේ විශාලතම වන්දි මුදල වන රුපියල් හැට අට ලක්ෂයක් ලබා ගත් ශ්‍රී ලාංකික තරුණිය කුවේට් රාජ්‍යයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ (03) උදෑසන පැමිණ තිබුණි.

Read More

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් සමාගම සිය ගෑස් මිල ගණන් ඉහල නංවා තිබේ. ඒ අනුව ක්‍රිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145කින් ඉහල නංවා තිබේ.

Read More

බස්නාහිර,සබරගමුව,දකුණ,වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ත්‍රිකුණාමලය, නිලාවෙලි, ඉලුප්පුකුලම බොරළු කන්ද විහාර භූමිය ඉදිරිපිට රැස්වී සැප්තැම්බර් තුන දින හෝ ඊට ආසන්න දිනයක දී විරෝධතාවයක් පැවැත්වීම වළක්වාලමින් ත්‍රිකුණාමලය අතිරේක මහේස්ත්‍රාත් දර්ශණී අන්නතුරෙයි මෙනවිය වාරණ නියෝගයක් නිකුත් කළේය.

Read More

ශ්‍රී ලංකාවේ අභිනව පොල් ත්‍රිකෝණය ලෙසින් ’උතුරු පොල් ත්‍රිකෝණය’ කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන යාපනය පලෙයිහි ආදර්ශ පොල් වගා උයනේදී ආරම්භ කෙරිණි.

Read More

සැප්තැම්බර් මස අග වන විට දිවයින පුරා වෙලදපොල මෙහෙයුම් ආරම්භ කිරීමට කටයුතු කරන බව සිනොපෙක් සමාගම පවසයි.

Read More

මහනුවර ඓතිහාසික පෙරහර පැවති දින 15 තුළ දී මහනුවර නගරයෙන් කසල ටොන් 250ක් පමණ ගුහාගොඩ කසල අංගනයට බැහැර කිරීමට සිදු වූ බව මහනුවර මහ නගර සභාවේ කසළ කළමනාකරණ ඒකකයේ ප්‍රධාන ඉංජිනේරු නාමල් දිසානායක මහතා පවසයි .

Read More

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා වශයෙන් මේ රටේ පත් නොවන්නට ඉන්ධන පෝලිම් ගෑස් පෝලිම් නිමා නොවනු ඇති බවත් රටේ පවතින ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් ලබා දිය හැකි බව ක්‍රියාවෙන් ඔහු ඔප්පු කොට තිබෙන බැවින් එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සඳහා තවත් අවස්ථාවක් ලබා දිය යුතු යැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා පවසයි.

Read More

හෝමාගම කටුවාන කර්මාන්ත පුරයට යාබද දෙල්ගහවත්ත ප්‍රදේශය හරහා වෙල් යායක් මැදින් ගලා බසින ඇල වේල්ලක දින පහක පමණ සිට සුදුපැහැති විශාල ප්‍රමාණයේ හදුනා නොගත් පුලුන් රොදක් වැනි යමක් හට ගැනීමෙන් පාරිසරික හා සෞඛ්‍ය ගැටළු රැසක් මතුව ඇතැයි ජනතාව චෝදනා කරති.

Read More

මැලේරියා රෝගය වැළඳුණු යුද හමුදා සෙබලෙකු අනුරාධපුරයෙන් සොයා ගැනුණු බවත්, විදේශ ගතව සිට පැමිණ සිටි මෙම සෙබලා, මේ වන විට අනුරාධපුර පිහිටි වික්ටරි යුධ හමුදා රෝහලේ ප්‍රතිකාර ලබන බව අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලය පවසයි.

Read More

තමා විසින්ම අනවසර ලෙස වගාව ආරක්ෂා කර ගැනීම සඳහා ඇද තිබු විදුලි රැහනක පැටලීමෙන් මධ්‍යම පළාත් සභාවේ හිටපු ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රීවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි නුවරඑළිය පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකාව සදහා වන ජාතික හයිඩ්‍රජන් මාර්ග සිතියම විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ දී නිකුත් කර තිබේ.

Read More

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා හදිසියේම රෝහල් ගතකර තිබෙන බව සඳහන්.

Read More

රටේ සියලු ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීමේ ඉලක්කය ජය ගැනීම සඳහා ප්‍රජා ජල ව්‍යාපෘති ඉදිකිරීම කඩිනම් කර තිබෙන බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවසීය.

Read More

ආණමඩුව වෙම්බුවැව වෙල්යායෙ වල් ඌරන් මැරිම සදහා අටවා තිබු නිති විරෝධි විදුලි රැහැනක පැටලුන සද්ධන්ත ඇතෙකු විදුලි සැර වැදි එම ස්ථානයෙදීම මරණයට පත්ව ඇති බව පුත්තලම වනජීවි පාලන ඒකකය කියයි.

Read More

කුකුල් මස් කිලෝවක් රු 1250 මිලකට අලෙවි කල නොහැකි බව හැටන් ප්‍රදේශයේ කුකුල් මස් අලෙවිකරුවන් පවසයි.

Read More

සැප්තැම්බර් මස පළමු දින වන විට මෙම QR ක්‍රමවේද පද්ධතියේ ලක්ෂ 65ක් ඉක්මවූ පිරිසක් සහ රථ වාහන සංඛ්‍යාවක් ලියාපදිංචි කිරීමට සහ මෙම පද්ධතිය හරහා ඉන්ධන බෙදා හැරීමේ ගණුදෙණු ලක්ෂ 3500ක් ඉක්මවා සිදු කර ඇති බවද ඔහු පවසයි.

Read More

ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව විසින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ‘ඒ-’ ඉහළ ශ්‍රේණිගත කිරීමට ලක්කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහමට උත්තරීතර තැනක් හිමිවන බැවින් බුදු දහම සුරක්ෂිත කර ආරක්ෂක කිරීම පුරවැසියන් ලෙස අපේ වගකීම නමුත් විවිද පාලන. තන්ත්‍රවල දී සම්බුද්ධ සාසනයට ලැබිය යුතු ගෞරවය ලබා දීමට අපොහොසත් වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Read More

වසර 4කට පමණ පසුව ඉන්දියාව හා පාකිස්තානය අතර පැවැති එක්දින තරගයට වර්ෂාවෙන් බාධා ඇති වීම හේතුවෙන් එම තරගය විසඳුමකින් තොරව අවසන් විය.

Read More

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව ලබන 6,7 සහ 8 තෙදින විවාදයට ගැනීමට ඊයේ (01) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

Read More

වතු කම්කරුවන් සහ කළමණාකාරිත්වය අතර ඇතිවන්නා වූ විවිධ වෘත්තීය සමිති ගැටුම්වලට පොලිසියේ මැදිහත් වීම ගැටලුවක් බව පසුගියදා පැවති මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට සහභාගී වූ මන්ත්‍රීවරයන් විසින් ඉස්මතු කරන ලදී.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.