නිවාඩු නොලබා යළි සේවයට නාපු රාජ්‍ය නිලධාරින්ට සේවය හැරයාමේ නිවේදන
පසුගිය කොවිඩ් වසංගත සමය තුළ විදේශගතව සිට එම වසංගත තත්වය හේතුවෙන් විධිමත්ව නිවාඩු අනුමත කර ගැනීමකින් තොරව නියමිත දිනට යළි සේවයට වාර්තා නොකළ සියලුම රාජ්‍ය නිලධාරීන්ට ආයතන සංග්‍රහයට අනුව සේවය හැරයාමේ නිවේදන නිකුත් කිරීමට රජය තීරණය කරයි.
එමෙන්ම එම වසංගත කාලයේ විධිමත්ව විදේශ නිවාඩු ලබා 2020 හා 2021 වර්ෂවල මෙරටට පැමිණීමට නියමිතව තිබී එම වර්ෂ තුළදී හෝ 2022 වර්ෂයේ මෙරටට පැමිණ සේවයට වාර්තා කළ නිලධාරීන්ට පැමිණීමට නියමිත දිනයට පසු දිනයන් සඳහා සුදුසු පරිදි වැටුප් සහිත හෝ වැටුප් රහිත නිවාඩු ඇතුළු සහන ලබා දීමටද තීරණය කර ඇත.
අමාත්‍ය මන්ඩලයේ අනුමැතියද ලැබී ඇති මෙම තීරණ අනුව අදාළ පරිදි සේවය හැරයාමේ නිවේදන නිකුත් කිරීම සහ සහන ලබාදීම යන විධි විධාන ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශ ලේකම්වරුන්,පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වග බලාගත යුතු බව මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ අත්සනින් නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන්වේ.
(ජේ.ඉඳුරුවගේ)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
