saravita-anim2

2025 මැයි මස 29 වන බ්‍රහස්පතින්දා

2025 මැයි මස 29 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 3345 hours ago

LATEST

එක්ස්ප්‍රස් පර්ල් ව්‍යවසනය - වන්දි ගන්න හෙට සිංගප්පුරුවේදි නඩු

calendar_today 2023 අප්‍රේ 23 - 09:00 remove_red_eye - 534  

2021 වසරේ සිදුවූ එක්ස් ප්‍රෙස් පර්ල් ව්‍යසනය සම්බන්ධයෙන් වන්දි ඉල්ලා ශ්‍රී ලංකාව හෙට සිංගප්පූරු මහාධිකරණයට නඩු පවරන බව නීතිපති සංජේ රාජරත්නම් මහතා පැවසුවේ යැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත තොරතුරු වාර්තා කරයි.

ආදර්ශ නව වගාවන් ලෙස තේ, පොල්, රබර් , කුරුදු භෝග මුල්කොට ගෙන අක්කර 100 ක නව වගා ආරම්භයක් රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් ගාල්ල වලහන්දූව වතුයායේදී කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් , වැවිලි රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ සහභාගිත්වයෙන් සිදුකෙරිණි.

Read More

දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු පැවසුවේ පාපුවරුවේ පැමිණි බව කියන දරුවා සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගොස් ඕහිය ඉදල්ගස්හින්න අතර ඇති බිංගෙය ක වැදී දුම්රියෙන් ඇද වැටී ඇති බවයි.

Read More

පවුල් ආරවුලක් මත පතන බෝගහවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 34ක් වයැසැති සිවුදරු මවක් වන ලෙච්චමුන් නිසාන්තනි නැමති කාන්තාව අද (22දා) සිය දිවි හානි කර ගැනිම සඳහා ඩෙවන් දිය ඇල්ලෙන් පහළට පැන්න බවට එම කාන්තාවගේ දියණියක් පතන දිඹුල පොලිසියට පැවසු බවත් ඒ පිළිබඳව පොලිස් නිලධාරින් පරික්ෂණ ආරම්භ කල බවද ඔහු පැවසිය.

Read More

ඩෙල්ෆ් ජැටිය ආසන්නයේ නිවසක පදිංචිව සිටි පිරිමි පුද්ගලයින් දෙදෙකෙු හා කාන්තාවන් තිදෙනෙකු තියුණු ආයුධවලින් පහරදී සහාසික ලෙස ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.

Read More

ඩුබායි බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානයක් යළිත් කාර්මික දෝශයකට ලක් වීම නිසා පැයකට අධික ගුවන් ගමනකින් අනතුරුව කටුනායක ගුවන් තොටුපළ වෙත ඊෙය් රාත්‍රී පැමිණ තිබේ .

Read More

කාන්තාවක් මීටර් 97 ක උසකින් සමන්විත පතන, ඩෙවෝන් දිය ඇල්ලෙන් පහළට අද (22) පැන ඇතැයි දිඹුලපතන පොලීසිය පවසයි.

Read More

බණ්ඩාරදූව පොලිස් වසමේ මායාදුන්න ප්‍ර දේශයේදී අවුරුදු 15ක පිරමි දරුවෙක් සිය නිව‌සේ තිබූ බලපත්‍ර නොමැති බෝර 12 ගිනි අවියකින් වෙඩි තබාගෙන සිය දිවි හානිකරගෙන ඇතැයි පොලිසීය කියයි.

Read More

නානුඔය දුම්රිය ස්ථානය සිට නුවරඑළිය හා රාගල දක්වා නව දුම්රිය මාර්ගයක් කඩිනමින් ඉදිකිරීමට සූදානම් බව ජනමාධ්‍ය සහ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසිය.

Read More

පාසල් පෙළපොත් හා නිල ඇදුම් බෙදා දීම ලබන 15 දා වන විට අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Read More

වෙල්යායක ඉපනැල්ල ට තැබූ ගින්දර නිවීමට එහි ගිය පුද්ගලයෙකු ගින්නට හසුවීමෙන් මියගොස් ඇති බව හුංගම පොලීසිය කියයි.

Read More

ප්‍රතිත්‍රස්ත පනත ඇතැම් ඇතැම් වගන්ති මගින් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අංග වන රට වැසියා සතු ස්වාධීන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හා සාමකාමීව විරෝධතා දැක්වීමේ අයිතිය අහෝසි වීම හේතුවෙන් ඒ පිළිබඳව දැඩි විරෝධයක් ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ උද්ගතව ඇතැයි ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් ජනාධිපතිවරයාට ලිපියක් යොමුකරමින් සඳහන් කරයි.

Read More

මාස කිපයක විවාහය ඒපා වී නැවත හලාවත මුනුවන්ගම ප්‍රදේශයෙ මවිපියන්ගේ නිවසේ රැදි සිටි තරුණ කාන්තාවක් විවාහක සැමියා ඇතුළු පිරිසක් කඩා වැදි බලහත්කාරයෙන් වෑන් රථයකින් පැහැර ගෙන ගොස් ඇති බව හලාවත මූලස්ථාන පොලිසිය කියයි.

Read More

යාන්ඔය ව්‍යාපෘතිය හේතුවෙන් ගෝමරන්කඩවල ප්‍රදේශයේ ඉඩම් අහිමි වූ පවුල්වල වැසියන් යලි පදිංචි කල මල්පෝරුව ග්‍රාමයේ පඹුරුගස්වැව විද්‍යාලයට එල්ල වූ වල් අලි ප්‍රහාරයෙන් සිදු වූ හානිය දැක බලා ගැනීම සඳහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ඊයේ (20) පස්වරුවේ එම විද්‍යාලයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක් වූවාය.

Read More

16 වන ගෝලීය තරුණ සාම සම්මේලනය (Global Youth Peace Fest 2023)විදේශීය තරුණ තරුණියන් 250 කගේ හා දේශීය තරුණ තරුණියන් 1250 ක පමණ සහභාගීත්වයෙන් මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සංවිධානය කර ඇත.

Read More

ගස් යට වැටිලා යන කොස් වලින් රටටම ආදර්ශයක් දෙන්න කොස්වලින් කොත්තු හදා කොස් ජනප්‍රිය කරවීමට ආපනශාලා හිමියන්ගේ සංගමය මේ දිනවල දැවැන්ත උත්සාහයක නිරත වන බව එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අද (21) ඇල්පිටියේ පැවති මාධය හමුවකදී කීවේය.

Read More

ශ්‍රී ලාංකිකයන් 303 ක් රැගත් වියට්නාම් ධජය සහිත ධීවර යාත්‍රාවක් පසුගිය 2022 වර්ෂයේ නොවැම්බර් මස 07 වන දින වියට්නාම් මුහුදේදී ආපදාවට පත් වූ අතර, එම පිරිස ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවිම් සහ මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් නිරුපද්‍රිතව මුදවා ගැනීමෙන් අනතුරුව, වියට්නාමයේ සරණාගතයින් ලෙස තාවකාලිකව රඳවා සිටින ලදි.

Read More

යුරෝපා සංගමය හා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් මෙවර යල කන්නයේ දී ගොවි ජනතාවට ලබා දෙන සහනාධාරයක් වශයෙන් රුපියල් මිලියන 15,000ක යුරියා පොහොර හා කෘෂි උකරණ කට්ටල රැසක් කෘෂිකර්ම අමාත්‍යාංශයට නිල වශයෙන් බාර දීම හෙට (22) දින සිදු කරනු ලබයි.

Read More

විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව දැනුවත් කිරීමට විදුලිබල මණ්ඩලය නියෝජනය කරන වෘත්තීය සමිති 31ක නියෝජිතයන් සමග ඊයේ (20දා) සවස සාකච්ඡාවක් පැවැත්වූ ලැබූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

ජපානයෙන් ගෙනවිත් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාල භූමියේ රෝපනය කරන ලද සකුරා මල් ගසේ මේ දිනවල ඉතාමත් අලංකාර සකුරා මල් පිපී ඇතැයි ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පවසයි.

Read More

’’චීන නවීකරණය සහ ලෝකය යන්න තේමාව කරගත් ලන්ටින් සංසදය චීනයේ ෂැංහයි හිදී අද (21දා) ආරම්භ විය. මෙහි ප්‍රධාන දේශනය චීනයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ රාජ්‍ය මන්ත්‍රී Qin Gang මහතා විසින් සිදු කළේය. මෙම සංසදය ෂැංහයි හි පැවැත්වෙන පළමු වතාව ද මෙය වේ.

Read More

නුවරඑලිය සැණකෙලිය අතරතුරදී, ඇතිවූ ගැට්ම්කාරී සිද්ධිය පිළිබඳව ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා වෙත (19) උපදෙස් ලබා දී ඇත.

Read More

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Bima Suci’ පුහුණු නෞකාව සුහද සංචාරයක් සඳහා අද දින (2023 අප්‍රේල් 20) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Read More

කවුරු මොන වෙට්ටු දැම්මත් ඉදිරි සති දෙක තුළ බිත්තර මිල අනිවාර්යෙන්ම අඩු කරන බව වෙළද හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ජා-ඇල කපුවත්ත ප්‍රදේශයේ ඊයේ (20දා) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියහ.

Read More

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සහ ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණ අධිකාරිය අතර 2020 වසරේ ඇතිකර ගත් ගිවිසුම ප්‍රකාරව ශ්‍රි ලාංකිකයින්ට ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවේ.

Read More

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම එහි සම සභාපතිවරුන් වන නැගෙනහිර පලාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරාල මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20)පෙරවරුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

Read More

බණ්ඩි පොහොර හෙවත් එම්.ඕ.පී. පොහොර මිටියක මිල රුපියල් 4500කින් අඩු කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

Read More

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ඇතුළු දිවයිනේ රෝහල් කිහිපයක් සඳහා වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් 08 දෙනෙකු වහා ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පත් කරනු ලැබ තිබේ.

Read More

ශ්‍රී ලංකාව සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සදහා වූ යෝජනා සම්මතය ලබන 26, 27 සහ 28 ‍තෙදින විවාදයට ගැනීමට අද (20) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.