අධිවේගී මාර්ගයේ මත්තල ගුවන්තොටුපල මාර්ගයේ අන්දර වැව කැලෑවේ සිට අධිවේගී මාර්ගය හරහා ගමන් ගන්නා වන අලි හේතුවෙන් දැඩි ජීවිත තර්ජනයක් ඇති වී තිබෙන බව වාහන රියදුරන් පවසති.
සෞදි අරාබියේ ගෘහ සේවිකාවක වශයෙන් සේවයට ගොස් සිටියදී අසනීප තත්වයෙන් පසුවූ කාන්තාවක්, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැමිණිලි කර මාස 2ක් තුළ දිවයිනට ගෙන්වා ගැනීමට හැකිවී තිබේ.
Read Moreපූඩළුඔය හැරෝවත්ත උඩකොටසේ පදිංචි පුද්ගලයෙකු තම දරු දෙදෙනාගේ ආහාරවලට වස දමා ඒවා කෑමට දී ඔහුද වස පානය කර අසාධ්‍ය තත්ත්වයෙන් ගම්පොල රෝහලට ඇතුළත් කර තිබේ. අවුරුදු 11 හා 8 යන වයස්වල පසුවන දරු දෙදෙනාට මෙසේ වස දී තිබේ.
Read Moreආනයන හා අපනයන ගනුදෙනු පහසු කිරීම සඳහා හඳුන්වාදුන් ’තනි කවුළු මෙහෙයුම් පද්ධතිය’ (Single Window System) විධිමත් කිරීමට කඩිනමින් කටයුතු කරන්නැයි ජාත්‍යන්තර සබඳතා පිළිබඳ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අපනයන සංවර්ධන මණ්ඩලයට උපදෙස් ලබාදෙනු ලැබිය.
Read Moreහතරලියද්ද ග්‍රාමීය රෝහලේ රාජකාරි කරමින් සිටි හෙද නිලධාරිනියක රාජකාරි නිවාඩු හෝ කිසිදු දැනුම් දීමකින් තොරව විදේශ ගතවීමෙන් පසුත් මාස තුනක කාලයක් ඇයගේ මාසික වැටුප් ගිණුම් ගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන්මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ .
Read Moreරත්ගම , කිරිමැටිය ආදාහනාගාරය අසල පිහිටි කටුදම්පේ ඇලේ පාවෙමින් අත් පා ගැට ගසා තිබූ තරුණයකුගේ මළ සිරුරක් අද (19) සොයා ගත් බව රත්ගම පොලීසිය කියයි.
Read Moreනුරාධපුර නගරයට ආසන්න පාසලක 10 වන වසරේ ඉගෙනුම ලබන වයස අවුරුදු 15 ක බාල වයස්කාර පාසල් දැරියක් නීත්‍යානු කූල භාරකාරත්වයෙන් අපහරණයට ලක් කල වයස අවුරුදු 20 ක තරුණයකු ඊයේ (18 දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.
Read Moreඑක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සමගාමීව නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී ඊයේ (18) පැවැත්වුණු “ තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ සමුළුව – 2023” සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් විය.
Read Moreජනපතිගේ වැඩපිළිවෙළ සමඟ ඉදිරියට ගියහොත් ශ්‍රී ලංකාවට අපේක්ෂිත ප්‍රතිඵල කඩිනමින් ළඟා කර ගත හැකියි. ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණ පුනර්ජනනිය බලශක්ති සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට සහාය ලබා දෙනවා – ලෝක බැංකු සභාපති පවසයි. ආර්ථික අභියෝගය හමුවේ ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ලබා දුන් අඛණ්ඩ සහාය පිළිබඳ ජනපති ලෝක බැංකු සභාපතිවරයාට ස්තූතිය පිරිනමයි.
Read Moreපොලොන්නරුව අරලගංවිල 503 කුඩාඔය ප්‍රදේශයේ මඩ වගුරක එරී සිටි වන අලියෙක් ගොඩගෙන 18 වෙනිදා සවස මාදුරුඔය ජාතික වනෝද්‍යානයට පලවා හැරීමට පිඹුරත්තෑව හා වෙහෙරගල වනජීවී නිලධාරීන් කටයුතු කළහ.
Read Moreශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව දිගු කළක් රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 31 දෙනෙකු , එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් සකස් කර දී තිබූ තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ 09/19 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.
Read Moreනුදුරේදීම දකුණු කොරියාවේ නිල සංචාරයකට එක්වන ලෙස ද මෙහිදී දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් (Yoon Suk Yeol) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ආරාධනා කළේය.
Read Moreප්‍රංශයේ සරණාගත පුරවැසිභාවය ලබා ගැනීම සදහා , ප්‍රංශයට අයත් ’’ රීයුනියන් ’’ ( Reunion ) දූපත වෙත නීතිවිරෝධී ලෙස ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 07 දෙනෙකු එරටින් පිටුවහල් කර ඊයේ පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.
Read Moreමාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පැරණි කාමරයක් අලුත්වැඩියා කරන අවස්ථාවේ දී එහි සිවිලිමේ සගවා තිබු ගිනි අවියක්,පතොරම් හා පුපුරණ ද්‍රව්‍ය තොගයක් අද (18) හමු වී ඇතැයි මාතර මූලස්ථාන පොලීසිය පවසයි.
Read Moreඉදිකිරීම් ආරම්භ කර අතරමග නැවතී ඇති මෙරට මාර්ග පද්ධතියේ ඉදිකිරීම් නැවත කඩිනමින් ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබෙන බව මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පැවසීය.
Read Moreදිවයිනේ සියලු ජලාශ, වැව්, වේලි හා ජලය රැගෙන යන උමං මාර්ගවල වර්තමාන ආරක්ෂිත තත්ත්වය පිළිබඳව ලබා ගන්නා තාක්ෂණික තොරතුරු මත පදනම්ව ඒවායෙහි සිදු කළ යුතු අලුත්වැඩියා කටයුතු සහ ඒ සඳහා අපේක්ෂිත පිරිවැය ද ඇතුළත්වන වාර්තාවක් සති දෙකක් තුළ තමා වෙත ලබා දෙන ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
Read Moreකල වැරැද්ද පෙන්වා දීමට ගිය මොරගහහේන පොලීසියේ කොස්තාපල් වරයෙකුට කන හරහා පහරදුන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාට මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නැතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreබදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreයාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතාට හා තිලිපන් සැමරැම් රථ පෙලපාලියට ඊයේ (17දා) ත්‍රිකුණාමලය සර්ධාපුරදි පහරදිම සම්බන්ධයෙන් සැකපිට කාන්තාවන් දෙදෙනෙකු ඇතළු සිවු දෙනෙකු චීනවරාය පොලිසිය මගින් අත් අඩංගුවට ගත්හ.
Read Moreතලාතුඔය පොලීසියේ නිලධාරීන් දෙදෙනකුට නාඳුනන පිරිසක් විසින් රාත්‍රී කාලයේ දී පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කොට ඇති බව තලාතුඔය පොලීසිය කියයි.
Read Moreසුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති ක්‍රීඩා තරගයකින් අනතුරුව අතුරුදන් වූ 12 හැවිරිදි දරුවා පැයක් තුළ දී සොයා ගෙන මවට භාර දුන් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි. පිහිනුම් තරඟයට සහභාගි වූ තම පුතු සුගතදාස ක්‍රීඩාංගණය අසල දි එකවරම අතුරුදන් වූ බව මට්ටක්කුලිය ප්‍රදේශයේ කාන්තාවක් කරන ලද පැමිණිල්ලක් අනුව ක්‍රියාත්මක වූ ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකඑච් හැරිසන් මහතා පොලිස් කණ්ඩායම් තුනක් පත්කර යුහුසුලුව දරුවා සොයා බැලීමට කටයුතු කර ඇත.
Read Moreනිවසට පැමිණි නාගයෙකු එළවා දැමීමට කටයුතු කරමින් සිටි පුද්ගලයෙක් නිවසට පිටුපසින් ඇති අගලකට ඇද වැටී ගලක හිස ගැටී සිදුවූ තුවාල නිසා මියයාමේ සිද්ධියක් බදුල්ල මහ රෝහලේදී බදුල්ල හදිසි මරණ පරීක්ෂක ඩී.එම්.ලීලාරත්න මහතාගේ ඉදිරියේ පැවැති හදිසි මරණ පරීක්ෂණයදී අනාවරණය විය.
Read Moreඇමෙරිකන් බුලී XL නැමැති සුනඛයෙකුගේ සපා කෑමක් හේතුවෙන් පුද්ගලයෙකු මියයාමේ සිද්ධියෙන් පසු එම සුනඛ විශේෂය එංගලන්තය තුළ තහනම් කිරීමට එංගලන්ත අග්‍රාමාත්‍ය සෘෂී සුනාක් නියෝග කර තිබේ.
Read Moreඅත්‍යවශ්‍ය සේවාවන් කිහිපයක් නම්කරමින් වැඩබලන ජනාධිපති ලේකම් චාන්දනී විජයවර්ධන මහත්මියගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreපුරා මාස කිහිපයක් අව් වැසි නොතකා පිඬු සිඟා වැඩ රැස් කර ගත් දෑ වෑතර දිස්ත්‍රික් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් වෙත පරිත්‍යාග කිරීමේ උතුම් පිංකමක නිරත වීමට හොරණ කෝරලඉම විජයගිරි පිරිවෙනේ හිමිවරුන් පියවර ගත්හ.
Read Moreදෙමාපියන් උදෙසා පවා සිය දුවා දරුවන්ගෙන් ගෞරවනීය අවමංගල්‍ය උළෙලක් අහිමි වන යුගයක,සිය නිවසේ වසර 25 ක් ඇති දැඩිවුණු තිරිසන් සත්වයෙකු නමින් පාංශ කූලය සහිත පූර්ණ ආගමික වතාවත් පවත්වූ අවමංගල්‍ය උළෙලක් පිළිබදව අපට දැනගන්නට ලැබිණි.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නව එකඟතා කිසිවක් ඇති කර නොගන්නා බව වැඩ බලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
Read Moreපොලිස් බුද්ධි අංශයේ අය බව හගවමින් බදුල්ල දුන්හිඳ දියඇල්ල නැරඹිමට එන පෙම්වතුන් බිගන්වා ඔවුන් සතුරන් ආභරණ සහ ජගමම දුරකථන පැහැරගත් බවට සැකකරණ අඹු සැමි යුවලක් අත්අඩංගුවට ගැනීමට බදුල්ල පොලිසිය සමත්වඇත.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න මහතා ඉලක්ක කර සිදුවූ වෙඩි තැබීම පිළිබඳව පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පත්කිරීමට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා කටයුතු කර තිබේ.
Read Moreජාතික නිදහස් පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ඊයේ රාත්‍රියේ මෝටර් රථයෙන් තම අනුරාධපුර පෞද්ගලික නිවසට පැමිණෙමින් සිටියදී නාදුනන තුවක්කුකරුවෙකු විසින එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් ඔහුගේ මෝටර් රථයට හානි සිදුව ඇති අතර ඔහුට කිසිදු අනතුරක් සිදුව නොමැති බවත් අනූනවයෙන් තම දිවි බේරාගත් බවයි ඒ මහතා සඳහන් කළේ.
Read More