දුරකථන අලෙවිකරණ බවට දැන්වීම් පළ කර කොල්ලකන කල්ලියකට පොලීසියෙන් වෙඩි
මංකොල්ලකරුවන් පිරිසක් ජංගම දුරකථන අලෙවිකරණ බවට පුවත්පත් දැන්වීම් පළ කර දුරකථන මිලදී ගැනීමට පැමිණෙන පුද්ගලයින්ගේ මුදල් කොල්ලකෑමට උත්සාහ දරා ඇති බව පොලීසිය පැවසුවේය.
අදාළ දැන්වීමට අනුව ජංගම දුරකථන මිලදී ගැනීම සඳහා රුවන්වැල්ල ප්රදේශයේ පිරිසක් පැමිණ ඇති අතර, ඔවුන්ට සැකයක් ඇති වී ඒ පිළිබඳව පොලීසියට දන්වා පොලිස් නිලධාරීන් සමග ඔවුන් හමුවීමට ගොස් තිබේ.
නාරම්මල ප්රදේශයේ ස්ථානයකට පැමිණෙන ලෙස කොල්ලකරුවන් පිරිස ඔවුන්ට දන්වා ඇති අතර එම ස්ථානයට පැමිණීමත් සමග කොල්ලකරුවන් ඔවුන්ගේ මෝටර් රථයට තියුණු ආයුධවලින් පහරදී තිබේ.
එහිදී පොලිස් නිලධාරීන් සමග ඇති වූ පොරබැඳීමක් අතරතුර පොලිස් නිලධාරීන් කොල්ලකරුවන් පිරිසට වෙඩි තබා ඇති අතර එහිදී කොල්ලකරුවන් දෙදෙනෙකු පළා ගොස් එක් කොල්ලකරුවෙකු වෙඩි වැදීමෙන් තුවාල ලැබා රෝහල්ගත කිරීමේදී මිය ගොස් තිබේ.
එමෙන්ම කොල්ලකරුවන් එල්ල කළ ප්රහාරය හේතුවෙන් තුවාල ලැබූ ජංගම දුරකථන මිලදී ගැනීමට පැමිණි දෙදෙනාද තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

