saravita-anim2

2025 ජුලි මස 05 වන සෙනසුරාදා

2025 ජුලි මස 05 වන සෙනසුරාදා

Latest News - timelapse 3195 hours ago

LATEST

පිරමීඩ ජාවාරමකට හසු වූ පාසල් ගුරුවරයෙකු දිවි හානි කරගනී

calendar_today 2023 ජුලි 04 - 14:07 remove_red_eye - 823  

අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වන පිරමීඩ ජාවාරමකට හසු වූ වලස්මුල්ල ප්‍රදේශයේ පාසල් ගුරුවරයෙකු පාසල් ක්‍රීඩා කාමරය තුළ ගෙල වැළලාගෙන ඇති බව වලස්මුල්ල පොලීසිය පවසයි.

මේ පිළිබඳව බද්දේගම ප්‍රාදේශීය සභාවේ ලේකම්ගෙන් කළ විමසීමේදී ඇය පැවසුවේ මෙහි ඉදිකිරීම් ආරම්භ කළේ පසුගිය පාලන සමයේදී බවත්, තමා අභිනවයෙන් මෙම තනතුරේ වැඩ බාරගන්නා අවස්ථාව වනවිට ඒ සඳහා රුපියල් 3 280 000 මුදලක් වැයකර ඇති බවත්ය.

Read More

ලිට්‍රෝ ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට එම සමාගම තීරණය කර තිබේ. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 204කින් පහත දමා ඇති අතර නව මිල රුපියල් 2,982කි.

Read More

හඟුරන්කෙත පොලිස් ස්ථානය අසළ කලහකාරී ලෙස හැසිරුණ සැකකාරියක් හා සැකකුරුවන් තිදෙනෙක් හඟුරන්කෙත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

නුගේගොඩ දෙල්කඳ හංදියේ වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබූ ලොරිකින් රු. 180000 වටිනා කිරි බෝතල් තොගයක් සොරා ගත් සැකකරුවන් සීසීටීවී දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනවලදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි

Read More

මහනුවර ජාතික රෝහලේ ගැබිණි වාට්ටු අසල ඇති අපජලය බැහැර කරන කාණුවක තිබී මාස අටක් පමණ වයස ඇති මිනිස් කලලයක් සොයා ගෙත් බව පොලීසිය කියයි .

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ඉදිරියේදී රට තුළ ඖෂධ හිඟයක් ඇති නොවීමට අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

Read More

චීන ජාතික ගුවන් සේවය වන ’’ එයා චයිනා ’’ (Air China ) ගුවන් සේවය ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතයෙන් පසු , යළි ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් ආරම්භ කරමින් පළමු ගුවන් යානය ඊයේ (03දා) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

Read More

රෝගයකින් පීඩා විඳි පුද්ගලයකු තම නිවසට රැගෙනවිත් ප්‍රතිකාර කර සුව කල විශ්‍රාමික මහාචාර්යවරයෙකුගේ නිවසේ තිබූ, මුදල් රුපියල් ලක්ෂ 15 ක් සහ ලක්ෂ 5ක් වටිනා රත්‍රන් භාණ්ඩ සොරකම් කර, එම පුද්ගලයා ( රෝගියා) නිවසින් පලා ගොස් ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.

Read More

කොළඹ වරාය නගරයේ ඩොලර් බිලියන 1.2ක ආයෝජනයක් කිරීමට සූදානම් බව චයිනා හාබර් ඉන්ජිනියරින් කෝපරේෂන් සමාගමේ සභාපතිවරයා සඳහන් කළ බව පැවසූ අමාත්‍යවරයා චීනයේ සයිනොපැක් සමාගම මෙරට ඉන්ධන පිරිපහදුවක් ආරම්භ කිරීම සඳහා ඔවුන්ගේ ඇති සූදානම ද දන්වා සිටි බව පැවසීය.

Read More

බොරු තර්ක ඉදිරිපත් කරමින් තවදුරටත් අසාර්ථක වනවා වෙනුවට දැන්වත් රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ආණ්ඩුව සමඟ එක්වන ලෙස තමා විපක්ෂනායකවරයා ප්‍රමුඛ සමස්ත විපක්ෂයට ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

Read More

පල්ලේකැලේ යුධ හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරි කළ යුද හමුදා සෙබලෙකු ඔහු පදිංචි අම්පිටිය ප්‍රදේශයේ නිවස අසල වන ලැහැබකට ගොස් ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන සිටියදී දින හතරකට පසු ඔහුගේ මෘත ශරීරය හමු වූ බව මහනුවර මූලස්ථාන පොලීසිය කියයි.

Read More

වත්තල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු සභාපති වරයෙකු ගේ සහෝදරයකු විසින් පොලිස් නිලධාරීන් තිදෙනෙකුට වායු පිස්තෝලයක් එල්ල කර තර්ජනය කර කොස්තාපල්වරයෙකුට පොල්ලකින් පහර දී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව වත්තල පොලීසිය කියයි.

Read More

පානදුර හෝටලයක පසුගියදා (01) රාත්‍රි ආහාර පාන ලබාගෙන එහිදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් ලද පැමිණිල්ලක් මත චෝදනා එල්ලවී සිටී ජනප්‍රිය ගායක සමන් ද සිල්වා මහතා අගතියට පත් පාර්ශවය වෙනුවෙන් රුපියල් 25,000 ක මුදලක් ලබාදී සිද්ධිය සමතයකට පත්කර ගැනිමට අද (03) එකගවූ බව පානදුර දකුණ පොලිසිය පවසයි .

Read More

සමෘද්ධි වැඩ සටහනකට සහභාගී වී නිවසට පැමිණි 22 හැවැරදි විවාහක කාන්තාවකගේ එම නිවසට පැන ඇයට අතවර කළ සැමියාගේ ඥාති පුතෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කළ බව එප්පාවල පොලිසිය පවසයි. මෙම සිදු වීම එප්පාවල පොලිස් වසමේ ගම්මානයකින් වාර්තාවේ..

Read More

වරාය අධිකාරියේ අධ්‍යක්ෂක මානව සම්පත් කළමනාකරුගේ බොරලැස්ගමුව කටුවාවල නිවසට උල් පිහියක් රැගෙන ඇතුළු වි මෙහෙකාරිය බියගන්වා රුපියල් කෝටි 1 1/2 ආසන්න වටිනා රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය කියයි.

Read More

තායිලන්තය විසින් පරිත්‍යාග කරන ලදුව ‍ශ්‍රී ලංකාවේ සත්වෝද්‍යානයක ජීවත් වන ඉතිරි තායිලන්ත අලි දෙදෙනා ගැන තායිලන්ත ජනතාව සැලකිලිමත් වන්නේ නම් ඔවුන්ද ආපසු ගෙන්වා ගැනීමට තම අමාත්‍යාංශය විදේශ අමාත්‍යාංශය සමඟ කටයුතු කරන බව තායිලන්ත පරිසර අමාත්‍ය වරාවුත් සිල්පා ආර්චා මහතා පැවැසීය.

Read More

මෙවර වාරගන් කාලයත් සමග ගල්කිස්ස වෙරළ තීරයේ විෂසහිත ජෙලිපිෂ් වර්ගයක් ගොඩ ගසා ඇති බැවින් සංචාරකයන් රල පෑගීමෙන් හා මුහුදු ජලය පරිහරණය කිරීමෙන් වලකින ලෙස ධීවර ජනතාව ඉල්ලා සිටී .

Read More

එළඹෙන ඔක්තෝබර් මස සිට ඊශ්‍රායලයේ තෙල්අවිව් නුවර සිට කටුනායක දක්වා ප්‍රථම වරට ඍජු ගුවන් සේවා ආරම්භ කිරීමට නියමිතය.

Read More

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවමික් ඉදිරිදින කිහිපයෙදි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දොපර්තමෙන්තුව සදහන් කරයි.

Read More

පේරාදෙණිය විශ්ව විද්‍යාලයට වසර 80 ක් සපිරීම නිමිත්තෙන් මහජනතාවට විවෘත දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කළ දිනයේ එම විශ්වවිද්‍යාලය නරඹීම සඳහා ලක්ෂ දෙකහමාරකට ආසන්න ජනකායක් පැමිණ ඇති බව එම විශ්වවිද්‍යාලයේ මහජන සම්බන්ධතා අංශය පවසයි .

Read More

ඇලි සෙබඩක් අද (2දා) බද්දෙගම නාකියාදෙණියෙන් හමුවූ බව හික්කඩුව වනජීවී කාර්ලය කියයි. ප්‍රදේශවාසීන්ගේ දැනුම් දීමකට අනුව මේ සෙබඩා සොයා ගැනීමට හැකිවූ බවද එම කාර්යාලය කියයි.

Read More

බංකොලොත් භාවයෙන් රට මුදා ගැනීමේ රජයේ වැඩපිළිවෙළ සමඟ එක්වන්නැයි ජනපති සියලු දෙනාගෙන් ඉල්ලයි ශ්‍රී ලංකාවට වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට පමණක් නොව අනාගතයේදී වඩා තරගකාරී ආර්ථිකයක් නිර්මාණය කිරීමට ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ ඉතා වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

Read More

ශ්‍රීපුර පොලිස් වසමේ ශ්‍රී තිස්සපුර ප්‍රදේශයේ දී ඇලක දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු දියේ ගිලී ඊයේ (1) දා පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව ඇති බව ශ්‍රීපුර පොලිසිය පවසයි.

Read More

ශ්‍රී ලංකාව තුළ අලෙවි කරන ඉන්ධන හරහා සෑම ඉන්ධන ලීටරයකින්ම රජයට රුපියල් 100කට ආසන්න බදු මුදල් ලැබෙමින් පවතී.

Read More

රත්මලානෙන් ගුවන් අරඹා පැයයි විනාඩි දහයක ගුවන් ගමනකින් පසුව යාපනයට ළඟා විය හැකි වන පරිදි ක්‍රියාත්මක කෙරෙන අභ්‍යන්තර ගුවන් ගමන් සේවාවක් ආරම්භ කළ බව රත්මලාන ගුවන් තොටුපලේ කළමනාකරු අරුණ රාජපක්ෂ මහතා පැවසීය.

Read More

රටවල් පනහක මෙරට තානාධිපතිවරුන් කොළඹ සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වාවයිස්රොයි විශේෂ දුම්රිය (01) දින සංචාරයක් ආරම්භ කර ඇත.

Read More

එක්දින ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 165කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.

Read More

ශ්‍රී ලංකාවේ නොසැලකිලිමත් සැලකිල්ල හේතුවෙන් නැවතත් තායිලන්තට රැගෙන ගිය මුතුරාජා හස්තියා රැගත් ගුවන් යානය එරට චියන්මායි ගුවන්තොටුපොළට සාර්ථකව ගොඩ බස්සවනු ලැබීය.

Read More

කරන්දෙණිය රාජ්‍ය බැංකුවක් ඊයේ රාත්‍රී කොල්ල කා ඇතැයි කරන්දෙණිය පොලීසිය කියයි. දෙදෙනෙකු විසින් බැංකු ශාඛාවේ ඉහළ මාලයේ ජනේලයක් බිද බැංකු ශාඛාවකට ඇතුලුවී ඇති බවත් අලවංගුවක් රැගෙන ගිය එක් අයෙක් එහි සේප්පුව බිදීමට උත්සහා කළ අවස්ථාවේදී එම බැංකු ශාකාවේ ආරක්ෂිත සංඥාව කියාත්මකවීමත් සමගම සොරුන් පලා ගොස් ඇති බවත් පොලීසිය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.