මේ වසරේ ගෙවීගිය කාලය තුළදී ඩෙංගු රෝගීන් 50,264ක් හා ඩෙංගු නිසා පුද්ගල මරණ 31ක් වාර්තා වී තිබෙන බවත්, මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය 11,003ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත් සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ප්‍රතිකාර සඳහා තායිලන්තය වෙත රැගෙන ආ මුතුරාජා හෙවත් සක්සුරින් හස්තියා නැවතත් ශ්‍රී ලංකාව වෙත භාරදීමක් සිදු නොවනු ඇතැයි තායිලන්තයේ ස්වභාවික සම්පත් සහ පරිසර අමාත්‍ය වරාවුට් සිල්පා-අර්චා ඊයේ (05දා) දිනයේ පැවසූ බව එරට මාධ්‍ය වාර්තා කරයි.
Read Moreකාබනික පොහොර හා රසායනික පොහොර සම සමව භාවිතා කරමින් 2022/2023 මහ කන්නයේදි අක්කරයකින් වැඩිම වී අස්වැන්නක් ලබාගත් හම්බන්තොට රිදියගම ප්‍රදේශයේ ගොවීන් සිවි දෙනෙකුට පසුගියදා ජනාධිපති සම්මානය හිමිවිය.
Read Moreඅද දහවල් කාලයේ අගලවත්ත ප්‍රාදේශීයට හැමු අධික සුළං හේතුවෙන් ගලේවත්තේ පිහිටි පුද්ගලික දුරකතන සමාගමකට අයත් සංඥා කුළුණක් අසළ පිහිටි තේ ඉඩමකට කඩා වැටි ඇත.
Read Moreකන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහැර අගෝස්තු මස 21 සිට 31 දක්වා සිදු සිදුකිරීමට නියමිතය.
Read Moreශ්‍රී ලංකාවට ආවේණික කෙතල (කෙටල) විශේෂයක් ගාල්ල, හියාරේ වන රක්ෂිතයෙන් සොයාගැනීමට හැකි වූ බව පර්යේෂකයෝ පිරිසක් කියති.
Read Moreමහනුවර හා තදාසන්න ප්‍රදේශවල ධාවනය වන පුද්ගලික බස් රථ G.P.S. තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කිරීමට මහනුවර නගර සංවර්ධන කමිටුව යටතේ තීරණය වී තිබේ.
Read Moreරෝහල්ගතව හෝ නිවෙස් තුළ ප්‍රතිකාර ලබාගන්න සමස්ත කෝවිඩ් රෝගීන්ගේ ප්‍රමාණය 05ක් පමණක් බවත්, මේ මස 30වැනිදායින් පසු කෝවිඩ් මරණ වාර්තා වී නොමැති බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
Read Moreනිවාස ඉදිකර දෙන බවට හා ණය පහසුකම් මත නිවාස ලබාදෙන බවට ගිවිසුම් ලබාදී රුපියල් 19 215 000 ක මුදලක් වංදා කිරිමකට සම්බන්ධ පුද්ගලික සමාගමක හිමිකරුවෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
Read Moreකැලණි ගඟේ සහ මුහුදු තීරයේ පාවෙමින් තිබූ නාඳුනන මළ සිරුරු තුනක් ඊයේ ( 4) එකම දිනක දී හමුවූ බව පොලිසිය කියයි. මළ සිරුරු තුනෙන් දෙකක් පිරිමි පුද්ගලයන්ගේ බවත් අනෙක කාන්තාවකගේ බවත් පොලිසිය කියයි
Read Moreතරුණියක් සතුව තිබූ රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනවා රන් මාලයක් සහ ටේලර් කාඩ් පතක් සොරකම් කර, එම කාඩ්පත් භාවිතා කර රුපියල් 18,000කට වැඩි මුදලක් සොරකම් කළ එම තරුණියගේ මාමා, අත්අඩංගුවට ගැනීමට ඊයේ ( 4දා) විමර්ශනයක් ආරම්භ කළ බව අනුරාධපුර පොලිසිය පවසයි.
Read Moreඋඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ හා වටගොඩ දුම්රිය ස්ථාන අතරදී දුම්රියක් පීළි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට අද (05) උදෑසන බාධා එල්ලවී පැවැති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
Read Moreවයස අවුරුදු 15-44 අතර ආර්ථික වශයෙන් ඵලදායී වයස් කාණ්ඩයේ මරණ වලට ප්‍රධානතම හේතුව සහ එම වයස් කාණ්ඩයේ ප්‍රධානතම සෞඛ්‍ය ගැටලුව අනතුරු වන බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය අනාවරණය කරයි.
Read Moreකෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කුඩාපරිමාණ කෘෂි ව්‍යවසායකත්ව සහභාගිත්ව වැඩසටහන (SAPP- Small Scale Agri- Business Participation Project) යටතේ ලබන මහ කන්නයේ දී බඩඉරිඟු වගාව සඳහා දිස්ත්‍රික්ක පහක් තෝරාගෙන එහි ගොවීන්ට අවශ්‍ය සහන රැසක් ලබා දීමට පියවර ගෙන තිබේ.
Read Moreසෝමාවතිය රජ මහා විහාරය වැඳ පුදා ගැනීමට පැමිණි හිමිනමක් වන අලි ප්‍රහාරයකින් අද (05) උදෑසන මරුමුවට පත්ව ඇතැයි පුලස්තිපුර පොලිසිය පවසයි.
Read Moreසියම් රජතුමා දළදා මාලිගාවට පූජා කළ තායි රාජා හස්තියා නැවත තායිලන්තයට ගෙන යාමට උත්සාහ කළහොත් ඇතාගේ නඩත්තුවට ගිය වියදම ඉල්ලා තමන් නඩු පවරන බව හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජේරත්න මහතා පවසයි .
Read Moreමෙම වසරේදී මෙරට අපනයන ආදායමෙන් 25%ක් පමණ අඩුවනු ඇතැයි පුරෝකථනය කර ඇති බව වාර්තා වෙයි. යුරෝපයෙන් මෙරටට ලැබුණු ඇනවුම් අඩුවීම ඊට හේතු වී ඇති බව වාර්තා වේ.
Read Moreලෝක බැංකුව විිසින් ශ්‍රී ලංකාවට ලබාදීමට අනුමත කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 700ක ණය අධාරයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක මුදලක් නිදහස් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
Read Moreවැඩි වශයෙන් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් ජපානයේ තාක්ෂණික සීමාවාසික පුහුණු ලාභීන් ලෙස බඳවාගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයාබලන ලෙස ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි ඩී.ඩී.පී.සේනානායක මහතා, ජපානයේ IRO ආයතනයේ සභාපති Norikai Suga මහතාගෙන් ඉල්ලා සිටියේය.
Read Moreශ්‍රී ලංකාවේ සිට නැවතත් තායිලන්තයට ගෙන්වා ගත් මුතු රාජ හෙවත් තායිලන්තය තුළ සක් සූරීන් ලෙස හඳුන්වන ඇතාගේ ප්‍රතිකාර සඳහා මුදල් එකතුකරන බවට සඳහන්ව සමාජ මාධ්‍ය ජාලාවල සිදුවන වංචාවලට හසුවීමෙන් වළකින ලෙස තායිලන්ත ලැම්පෑන්ග් පළාතේ අලි සංරක්ෂණ මධ්‍යස්ථානය එරට මහජනතාවගෙන් ඉල්ලා සිටී.
Read Moreපාර්ලිමේන්තුවේ බහුතරයකින් සම්මත වූ ස්වෛරීත්ව ණය තිරසරභාවය නැවත ඇති කිරීමට දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනා සම්මතය සඳහා පැවති ඡන්දය විමසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා සහභාගී වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි.
Read Moreලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව බැංකු වලට තිබුණා රුපියල් බිලියන 200ට වැඩි ණය ප්‍රමාණයක්. නමුත් මේ අවුරුද්දේ අප්‍රේල් මාසයට වන විට බැංකු දෙකට ගෙවිය යුතු සියලුම ණය මුදල් ගෙවලා අවසන් කරලා තියෙනවා.
Read Moreශ්‍රී ලංකාවෙන් යළිත් තායිලන්තයට ගෙන්වා ගත් මුතු රාජා හෙවත් සක් සුරීන් ඇතා තම භාරයට ගැනීම තායිලන්ත රජු එකඟ වී ඇති බව එරට පරිසර අමාත්‍ය වරාවුත්ය සිල්වා ආර්චා මහතා පැවැසීය.
Read Moreඋඩවලව ජලාශයේ පෝෂක ප්‍රදේශයට බලාපොරොත්තු වු වැසි නොලැබීමෙන් වලව මහවැලි කලාපයේ වගාබිම් හෙක්ටයාර් 25300ක් සහ පුද්ගලයින් 278000ක් පානීය ජල ගැටලුවකට ලක්වීමේ දරුණු අනතුරක් ඇති බව මහවැලි අධිකාරියේ වලව කලාපයේ නේවාසික කළමනාකාර එල්.එම්.එන්.ප්‍රියන්ත 04දා උඩවලවේ පැවති මාධ්‍ය හමුවක දී පැවසුවේය.
Read Moreගැස් මිල අඩු කලද බිත්තර සහ ආහාර පිසිමට යොදා ගන්නා අනෙකුත් ආහාර ද්‍රව්‍ය මිල අඩු මිලට නොලැබෙන නිසා තමන්ට ආහාර පාන අඩු මිලට පාරිභෝගිකයන්ට ලබාදිය නොහැකි බව හැටන් නගරයේ ආපනශාලා හිමියන් කියයි.
Read Moreරුපියල් කෝටි දහයකට අධික වටිනාකමක් සහිත රත්තරන් ජෙල් ද්‍රාවණයක් අඩංගු පාර්සල් 04 ක් තම සිරුරේ රහස් ප්‍රදේශයේ සගවා ගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කිරීමට රැගෙන යමින් සිටි ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවිකාවක් 07/04 දින උදෑසන ගුවන් තොටුපොළ ආරක්ෂක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එම ආරක්ෂක අංශයේ උසස් නිලධාරීවරයෙකු පැවසීය.
Read Moreඅයි.සී.සී. කාන්තා එක්දින කාන්තා පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි ලොව අංක එකේ ස්ථානයට පත් ශ්‍රී ලංකාවේ පළමු හා එකම ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු වාර්තා අතරට එක්වූවාය.
Read Moreප්‍රංශ රජයේ සහන ණය යෝජනා ක්‍රමය යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් සංවර්ධන අංශය විසින් කුඩා පරිමාණ කිරි සැකසුම් කර්මාන්තශාලා 06ක් ස්ථාපිත කිරීමට නියමිතය. ඉන් පළමුවැන්න අද (04) දින වාරියපොළ මින්හෙට්ටිය ප්‍රදේශයේ දී විවෘත කෙරිණි.
Read Moreමෙරටට පැමිණෙන ඇතැම් විදේශීය සංචාරකයන් ඉතාමත් සුක්ෂම ලෙස මහාපරිමාණ ජාන මංකොල්ලකෑම්වල නිරතවන අවස්ථාවන් කළින් කළට වාර්තාවේ. තවත් එවැනි විශාල ජාන මංකොල්ලයක නිරත වු ඉරාන ජාතික විදේශිකයන් තිදෙනෙකු හා ලාංකිකයෙකු සිංහරාජ වනාන්තරයේදී අත්අඩංගුවට ගැනීමේ සිදුවීමක් ඉකුත් සතියේ වාර්තාවිය.
Read Moreඅන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වන පිරමීඩ ජාවාරමකට හසු වූ වලස්මුල්ල ප්‍රදේශයේ පාසල් ගුරුවරයෙකු පාසල් ක්‍රීඩා කාමරය තුළ ගෙල වැළලාගෙන ඇති බව වලස්මුල්ල පොලීසිය පවසයි.
Read More