වී අලෙවි මණ්ඩලයේ සහල් ඇසුරුම් මලු මිලදී ගැනීමේදී රුපියල් දස කෝටි තිස් ලක්ෂයක් වංචා කළ සාමාන්‍යාධිකාරීවරුන් දෙදෙනකුගේ වැඩ තහනම් කර තිබේ.
වෙනත් ප්‍රාග්ධන වියදම් කපා හැර හෝ ඉදිරි අය වැය මගින් රාජ්‍ය සේවකයින් සඳහා වැටුප් වැඩි වීමක් සිදු කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
Read Moreකුරුණෑගල මලියදේව ආදර්ශ විදුහලේ ඉගෙනුම ලබන ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය දි රන් පදක්කමක් හිමිකරගත් තරුෂි කරුනාරත්න සිසුවියන්ගේ ක්‍රීඩා කටයුතු වැඩිදියුණු කරකරගැනීම සදහා රුපියල් 2,600,000 මුදල් ත්‍යාගයත් පොලොන්නරුව අරලිය සමුහ ව්‍යාපාරයේ සභාපති ඩඩ්ලි සිරිසේන මහතා විසින් පිරිනමන ලදී .
Read Moreජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පත්කීරීමට සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (31) පියවර ගනු ලැබීය.
Read Moreවිදේශ ආධාර මත නතර වී ඇති සියලු ව්‍යාපෘති ලබන වර්ෂයේ ජනවාරි මස සිට අරඹන බව කැබිනට් ප්‍රකාශක ප්‍රවාහන ,මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreපිළියන්දල බෝකුන්දර විවිධ සේවා සමුපකාර සමිතියට අයත් පිළියන්දල සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලට ඊයේ (30) රාත්‍රී මුද්‍රා තැබීමට පියවර ගත් බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නුගේගොඩ ප්‍රාදේශීය කාර්යාලය පවසයි.
Read Moreවිදුලිබල මණ්ඩලයේ ස්ථාවර තැන්පතුවක් සඳහා වැඩි පොලී අනුපාතයක් ලබාදීම හේතුවෙන් බැංකුවට වූ පාඩුව පිළිබඳ කමිටුවේ අවධානය.
Read Moreචීනයේ හැංජො හි පැවති 04 වන ආසියානු ’’ පැරා ’’ ක්‍රීඩා තරගාවලියේ දී පදක්කම් 11 ක් දිනා ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස 10/30 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
Read Moreකටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට 10/30 දින සවස් කාළයේ සිට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව නිසා කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා දෙකක් ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත යොමු කර තිබූ අතර ඒවා යළි 10/30 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
Read Moreශ්‍රී ලංකාවේ වන ගහනය වර්ධනය කිරීම, තිබෙන වනාන්තර වල ගුණාත්මක භාවය නැංවීම සහ වන සතුන්ට වාසස්ථාන ඇති කිරීම එමගින් වන සතුන් ගම් වැදීම වලකා ගැනීම වැනි කරුණු මූලික කර ගනිමින් ගුවනින් ගොස් බීජ ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් බිම හෙළී වැඩ සටහනක් ඊයේ ( 30 දා) අනුරාධපුරයේ දී සිදු කෙරිණි.
Read Moreකළුතර මහේස්ත්‍රාත් අධිකරණයට දඩමුදල් ගෙව්මේදී රුපියල් 5000 ක හොර නෝට්ටුවක් ලබාදී ඇති පුද්ගලයකු ඊයේ (30) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි .
Read Moreඑළඹෙන අයවැය යෝජනාවලිය මගින් සියලුම රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දී ඇතැයි වාර්තා වේ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පක්ෂ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට හෝ ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට කිසිදු එකඟත්වයකට පැමිණ නොමැති බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.
Read Moreයෝජිත විදුලිබල අංශයේ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයේ නිරීක්ෂණ සහ අනුමැතිය සඳහා අද (30දා) ඉදිරිපත් කළ බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreරාත්‍රී ජංගම සංචාරයේ නිරතව සිටි පානදුර දකුණ පොලිසියේ සැරයන්වරයකුගේ පිස්තෝල ගිනි අවිය සැකකටයුතු පුද්ගලයකු උදුරාගෙන වෙඩි තැබීමට උත්සාහ දැරූවද ගිනි අවිය ක්‍රියාත්මක නොවීමෙන් පොලිස් නිලධාරීන් ගේ ජීවිත අනූ නමයෙන් බේරි ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ගෞරවාන්විතම දිරිගන්වන්නෙකු ලෙසින් සැලකෙන පර්සි අබේසේකර මහතා ඊයේ (30දා) අභාවප්‍රාප්ත විය. කලක සිට රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට 87වැනි වියේ පසුවිය.
Read Moreරාජගිරිය ප්‍රදේශයේ 2016 වසරේදී සිදුවූ රිය අනතුරක් සිදු කොට තරුණයකුට බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහි නඩු විභාගය අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් තීන්දුව ලබන මස 15 වැනිදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද (30) දැනුම් දුන්නේය.
Read Moreපෙහොර සඳහා පාලන මිලක් නියම කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. විවිධ ඉහළ මිල ගණන් යටතේ ගොවීන් වෙත පොහොර අලෙවි කිරීම මිට හේතුව වී තිබේ.
Read Moreදිවයිනට පැමිණි Shi Yan 6 චීන පර්යේෂණ නෞකාව, නාරා ආයතනය සමග එක්ව මෙරට බටහිර මුහුදේ සිදුකරන පර්යේෂණ කටයුතු අද (30) ආරම්භ කළේය.
Read Moreමිනිසුන් බළාපොරොත්තුවෙන සිස්ටම් චේන්ජ් එක සිදුකළ හැක්කේ පෙරළා මිනිස්සුන්ට සේවය කිරීමෙන්ම පමණයි... ජනතාවට මුල්තැනදී තම සේවය නිවැරදිව සිදු කිරීමට රාජ්‍ය නිළධාරීන් කැපවී වැඩ කළ යුතුයි...
Read Moreකාන්තන්කුඩි 06 ප්‍ර දේශයේ පිහිටි පල්ලියක ඉගෙනීමේ කටයුතු සඳහා ගිය අවුරුසු 08ක දරුවෙකුකට එම පල්ලියේ මව්ලවිවරයෙක් පොල්ලකින් පහරදී ඇති බවට ලැබුණ පැමිණිල්ලක් අනුව පහරදීම සිදුකළ අවුරුදු 40ක් වන මව්ලවිවරයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
Read Moreශ්‍රී ලංකාවේ ළමා මන්ද පෝෂණ තත්ත්වය වැඩි වෙමින් පවතින්නේද යන්න සොයා බැලීමටත්, එසේ නම් ඒ සඳහා ගත යුතු කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීම සඳහාත්, හඳුනාගත් ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාවට නැංවීම පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්විය.
Read Moreහික්කඩුව වන ජීවී කාර්යාලයට හදිසි ආපදාවන්ට ලක් වන අධි සංරක්ෂිත සත්වයන් රැගෙන යාමට රථ වාහන නොමැතිකමෙන් හදිසි ආපදාවන් හා ආබාධ සිදුව කරන්දෙණියේ නිවෙස් දෙකකට පැමිණි විල් මුව පැටව් දෙදෙනෙකුගේ ගා කැබැල්ලෑවකුගේ ජීවිත දැඩි අවදානම් තත්වයක ඇති බව එම නිවෙස් හිමියෝ කියති.
Read Moreමාස 06ක කාලයක් තුළ සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීමට අවශ්‍ය සැලසුම් සකස්කර මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතින බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.
Read Moreකුරුණෑගල ප්‍රදේශයේ පිහිටි රජයේ වී ගබඩා දෙකකින් වී තොග ලක්ෂ 700ක ප්‍රමාණයක් අස්ථානගත වීමේ සිදුවීමට අදාළව නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ. අස්ථානගත වී ඇති වී තොගවල වටිනාකම රුපියල් ලක්ෂ 1000ක් පමණ වෙතැයි සැලකෙයි.
Read Moreකාසල්රි , මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට සහ විමලසුරෙන්ද්‍ර ජල විදුලි බලාගාර ප්‍රදේශවලට (29) දින පස්වරුවේ තද වැසි පතිත වු බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.
Read Moreලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර අද පැවැත්වෙන තීරණාත්මක තරගයට දුෂ්මන්ත චමීර ක්‍රීඩා කරනු ඇතැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරු නවීඩ් නවාස් මහතා පැවැසිය.
Read Moreතුර්කි ගුවන් සේවය ශ්‍රී ලංකාව සමග ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින් පළමු ගුවන් යානය 10/30 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
Read Moreමිටියාගොඩ පොලිස් වසමේ පාසල් මාවත ලිපිනයේ පවත්වාගෙන යනු ලබන බාලිකා ළමා නිවාසයකින් බාලිකාවන් අටදෙනෙකු ඊයෙ (29දා) රාත්‍රී පැන ගොස් ඇතැයි මීටියාගොඩ පොලීසිය කියයි.
Read Moreපවුල් ආරවුලක් හේතුවෙන් අනියම් ස්වාමිපුරුෂයාගෙන් පහර කෑමට ලක්වූ අවුරුදු 45ක් වන කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි. අයගම පොලිස් වසමේ ඉත්තෑකන්ද ප්‍ර දේශයේදී මෙම ඝාතනය ඊයේ රාත්‍රී කාලයේදී සිදුව තිබේ. සැකකරු ප්‍ර දේශයෙන් පළා ගොස් ඇති අතර අත්අඩංගුවට ගැනීමට අයගම පොලීසිය පරික්ෂණ පවත්වයි.
Read More