saravita-anim2

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 2997 hours ago

LATEST

සමනල වැවෙන් විදුලිය නැති වුණත් විදුලි කප්පාදුවක් නෑ

calendar_today 2023 අගෝ 16 - 21:00 remove_red_eye - 230  

සමනල වැව විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු නතර වුව ද අනෙකුත් විදුලිබලාගාරවලින් හා හදිසි විදුලිය මිලදී ගැනීම් මගින් විදුලි අවශ්‍යතාව සම්පූර්ණ කළ හැකි බවත්, විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදු නොවන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

කහවත්ත, කට්ටංගේ ප්‍රදේශයේ මැණික් පතලකින් හමු වූ නිල් මැණිකට මෑත ඉතිහාසයේ වැඩිම මිල වූ රුපියල් කෝටි 43කට අද (16දා) වෙන්දේසියේදී අලෙවි කෙරිණි.

Read More

මෙරට වෛද්‍යවරුන් විදෙස්ගත වීම වළක්වා ගැනීම සම්බන්ධයෙන් වූ ඒකාබද්ධ සාකච්ඡාවක් සියලු වෛද්‍ය වෘත්තිය සමිති සමග පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා තීරණය කර තිබේ. ඒ අනුව එය එළඹෙන සතියේ මැද පැවැත්වීමට තමන් කටයුතු කරන බව ඔහු ’අද’ට පැවසීය.

Read More

වාහන අදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කාර්ය වඩාත් පුළුල් කරමින් දිවයින තුළ ලියාපදිංචි සියලුම වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ eRL.2.0 වැඩසටහන 2023 සැප්තැම්බර් 01 දින සිට මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව මධ්‍යම පළාත් ප්‍රවාහන කොමසාරිස් පාරමී තෙන්නකෝන් මහතා කියයි.

Read More

කොළඹ මුදල් අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ දෙවැනි මහලේ පිහිටි ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ ඊයේ(16දා) සවස ගින්නක් හට ගැනුණි. මෙම ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට සැක කෙරේ.

Read More

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයා තමන්ට අසභ්‍ය වචනයෙන් බැන වැදී මරණීය තර්ජනය කළ බව පවසමින් එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් සිදු කොට තිබේ .

Read More

මිනිස් සිරුරේ අභ්‍යන්තර අවයව 432 ක් විනාඩි 04 ක් වැනි කෙටි කාලයක් තුලදි මතක තබා ගනිමින් නම් කරමින් ලොව ඉහලම මතක ශක්තියක් ඇති දැරියක් බවට ලෝක වාර්තාවක් පිහිටුවිමට (16) දින බගවන්තලාව හොලිරොසරි දමිල මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සංකර්දාස් කණිෂ්කා සිසුවිය සමත්විය.

Read More

බොහෝ දෙනෙක් කතා කරන 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන එද අදත් හෙට දවසේත් එකම ස්ථාවරය සිටින බවත් ඒකීය රටක් තුළ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් බලය බෙදීම ක්‍රියාත්මක කිරීමට අපේක්ෂාවෙන් සිටින බවත් ඒකීය සෛරී රටක් භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත හා දේශපාලන නිදහස ස්ථාපිත රටක් ඇති කිරීමට අරමුණු කර ඇති බවත් මේ සියල්ල අද වන විට තර්ජනයට ලක් වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Read More

එතුමාට අනුව 2009 යුද්ධ්‍ය අවසන් වන විට හමුදා කඳවුරු පිහිටි යාපනයේ ඉඩම් ප්‍රමාණය අක්කර 26,812ක්. මේ වන විටත් එයින් අක්කර 22,919ක් නිදහස් කරලා ඉවරයි. ඒ කියන්නේ යුදමය අවශ්‍යතා හමුදා සතු කරගෙන තිබුණු ඉඩම් වලින් 85%ක්ම දැනටමත් නිදහස් කර ඉවරයි. දැන් හමුදාව සතුව තිබෙන්නේ උතුරු පලාතේ ආරක්ෂාව තහවුරු කරන්න අවශ්‍ය කරන හමුදා කඳවුරු පවත්වාගෙන යාමට අදාල ඉඩම් පමණයි. නමුත් ජනාධිපතිතුමාගේ බලපෑම මත තවත් අක්කර 377ක් ඉදිරි මාස හය ඇතුලත නිදහස් කරන්න හමුදාව

Read More

හෙළයේ මහා ආගමික සංස්කෘතික මංගල්‍යය කන්ද උඩරට ඇසළ පෙරහැරේ සමාරම්භය සනිටුහන් කරමින් අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලයේ සිට කන්ද උඩරටට කප වැඩමවීම අද (16) පෙරවරුවේ සිදු විය .

Read More

පසුගිය වකාවානුවේ දේශගුණික විපර්යාස හා නිරිත දිග මෝසම් සුළං හරිහැටි ක්‍රියාත්මක නොවීමෙන් හා වාරකන් කාලය හේතුකොටගෙන සීග්‍රයෙන් ඉහල ගිය මාලු මිල මේ වන විට විශාල ලෙස පහල බැස ඇති බව ධීවර සංස්ථාවේ සභාපති ඩී.බී.උපුල් මහතා අද (16දා) දින ධීවර අමාත්‍යංශයේදි වාර්තා කලේය.

Read More

කන්න රැස්වීම්වලදී ගන්නා ලද තීන්දු තීරණ අනුව වගා කටයුතු සිදුකිරීම නිසා මාතලේ දිස්ත්‍රික්කයේ වී වගාවට නියගයෙන් හානිසිදුව නැති බව පසුගිය 15 වෙනිදා පැවැති දිස්ත්‍රික් කෘෂීකර්මකමිටුවේදි අනාවරණය විය.

Read More

මිදි ආනයනය සඳහා වාර්ෂිකව ඩොලර් මිලියන 900ක් පමණ වැය වන බැවින් වගා කිරීමට සුදුසු මිදි ප්‍රභේදයක් සකස් කරන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට 2018 වසරේදී තමන් උපදෙස්දී තිබුණද, මේ වන තෙක් එය ක්‍රියාත්මක වී නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

Read More

වෛද්‍යවරුන් රට හැර යාමේ බලපෑම් රෝහල්වලට අමතරව වෛද්‍යපීඨවල ඉගැන්වීම් කටයුතුවලට පවා දැඩි ලෙස බලපාන බවත්, මේ නිසා මෙම තත්ත්වය සුළුවෙන් තැකිය නොහැකි බවත් හෙතෙම පවසා සිටියේය.

Read More

මන්නාරම බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් සැප්තැම්බර් 15 වන දා සිට තලෛයිමන්නාරම – කොළඹ නගරාන්තර සීග්‍රගාමී දුම්රිය සේවාවක්. වව්නියාවේ සීනි කර්මාන්ත ශාලාවක් ඉදි කිරීමට පියවර -ජනපති මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට එක් වෙමින් කියයි.

Read More

ඊයේ(15දා) දිනය වන විට වියළි කාලගුණ තත්ත්වයේ බලපෑම දිස්ත්‍රික්ක 13 කට ඇති වී තිබේ. මේ අනුව දිස්ත්‍රික්ක 13 ක පවුල් 52402කට අයත් 174009ක් දෙනා පීඩාවට පත්ව සිටිති.

Read More

එක බැටරි ආරෝපණයකින් කිලෝමීටර් 500ක් ගමන් කළ හැකි මොටර් රථයක් ශ්‍රි ලංකා වෙළඳ පොළට හඳුන්වා දීමට මයික්‍රෝ සමාගම කටයුතු කර තිබේ. MG5 EV ලෙසින් මෙම මොටර් රථය ශ්‍රී ලංකා වෙළඳ පොළට නිකුත් කරයි.

Read More

ලෝක කාලගුණ විද්‍යා සංගමය මගින් ලබා දුන් රේඩාර් පද්ධතියක් ගොන්ගල ප්‍රදේශයේ ඉදිකිරීම වෙනුවෙන් සිදුකළ අසාර්ථක ව්‍යාපෘතියක් නිසා රු. මිලියන 78ක අලාභයක් රජයට සිදුවී ඇති බව රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේදී (කෝපා කමිටුව) පසුගියදා අනාවරණය විය.

Read More

රුපියල් කෝටියක් වටිනා හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් කැනඩාවේ සිට මහරගම ප්‍රදේශයේ ව්‍යාජ ලිපිනයකට පාර්සලයක් ලෙස ගුවන් තැපැල් ඔස්සේ එවා තිබියදී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පැවසීය.

Read More

ආනයනය තහනම් කාලසීමාවේ ආනයනය කොට මේ වනවිට රේගුවේ රඳවාගෙන ඇති පොදු ප්‍රවාහන කාණ්ඩයට අයත් වාහන ද නිදහස් කරගැනීම සඳහා අවසර හිමිවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Read More

හජ්ජි උත්සවයේදී කලපු තීරයෙහි පැවති මුදලට සිදුවූ ක්‍රීඩාවක් සම්බන්ධයෙන් පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම අතරතුර රාජ්‍ය ඇමති සනත් නිශාන්ත හා අලි සබ්‍රි මන්ත්‍රිවරයා අතර වචන හුවමාරුවක් ඇති වීම හේතුවෙන් රැස්වීමෙහි උණුසුම් තත්වයක් ඇති විය.

Read More

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පා දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ටෙස්ට් තරග පිටියෙන් විශ්‍රාම ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ. ඒ පිළිබඳව වැඩිදුරටත් කරුණු දක්වා සිටින වනිඳු හසරංග සදහන් කර සිටින්නේ, සීමිත පන්දුවාර තරග අංශයෙහි විශේෂඥ ක්‍රීඩකයකු ලෙස තම වෘත්තීය ක්‍රිකට් දිවිය දීර්ඝ කර ගැනීම හේතුකොට ගෙන ඉහත තීරණය ගැනීමට හේතු වූ බවයි.

Read More

පොදු ප්‍රවාහනයට හා භාණ්ඩ ප්‍රවාහනයට යොදා ගන්නා වාහන ආනයන සීමා ඉවත් කරමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

Read More

හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන අමාත්‍යවරුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

Read More

හම්බන්තොට ඛනිජ තෙල් පිරිපහදු ගිවිසුම අහෝසි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

Read More

ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. කේතය අත්හිටුවීමට ලබන මස සළකා බලන බවත් එසේ නොවුණ හොත් සතියේ ඉන්ධන කෝටාව ඉහළ දමන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

Read More

කොවිඩ් සහ ආර්ථික අර්බුදය හමුවේ නතර කෙරුණු නිවාස වැඩසටහන් කඩිනමින් යළි ආරම්භ කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතා පවසයි.

Read More

මොනරාගල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කෙරෙමින් පැවති කුඹුක්කන්ඔය ජලාශ ව්‍යාපෘතියේ සියලු කටයුතු නතරකිරීමට වාරිමාර්ග දෙපාර්තුමේන්තුව කටයුතුයොදා ඇත.

Read More

බස්නාහිර සංවර්ධන සැලැස්මට ඇතුළත් කරමින් පෑලියගොඩ නගර සංවර්ධන සැලැස්ම සකස්කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන නිළධාරීන්ට උපදෙස් දුන්නේය.

Read More

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වර්ෂයේ දෙවන පාසල් වාරයේ පළමු අදියර 2023 අගෝස්තු මස 17 වන බ්‍රහස්පතින්දායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. දෙවන පාසල් වාරයේ දෙවන අදියර 2023 අගෝස්තු මස 28 වන සඳුදා දින ආරම්භ කරන බවද අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.