saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 2860 hours ago

LATEST

කටුනායක අතපසුවී ගිය ගමන් මලු තුළ කෝටි 10ක කුෂ් ගංජා තොගයක්

calendar_today 2023 දෙසැ 08 - 18:53 remove_red_eye - 464  

කටුනායක ගුවන් තොටුපොළ අතපසු වී ගිය ගමන් මලු අතර තිබී රුපියල් කෝටි 10 ක් වටිනා ’’ කුෂ් ’’ නැමැති ගංජා තොගයක් ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ.

සංක්‍රාන්තික යුක්තිය සහ පශ්චාත් ගැටුම් ප්‍රතිසන්ධානය සඳහා වූ වැදගත් පියවරක් ලෙස, සත්‍ය, සමගිය සහ සංහිඳියාව සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ.

Read More

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළව සාමූහික ගිවිසුමකට එළැඹෙන ලෙසත්, වතු කම්කරුවන් ඉල්ලා සිටින අවම දෛනික වැටුප වන රුපියල් 1700ක මුදල ලබා දීම හෝ වැඩි කරන වැටුප් ප්‍රමාණය පිළිබඳව මෙම දෙසැම්බර් මස 31 වනදාට පෙර දැනුම් දෙන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැවිලි සමාගම් ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.

Read More

මහජනතාවට උපරිම සාධාරණයක් ඉටුවන අයුරින් තමාගේ සහ තම තනතුරේ ගෞරවය ආරක්ෂා කරමින් තමුන්ගේ සේවය උපරිමයෙන් අයුරින් ලබාදීමට හදිදි මරණ පරීක්ෂකවරුන් කැපවියයුතු යැයි අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආාචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතය අවම කිරීම සහ ප්‍රතිචක්‍රීයකරණ ක්‍රියාවලිය වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ සභාපතිත්වයෙන් පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රැස්විය.

Read More

යුධ හමුදා බුද්ධි අංශ විසින් ලබා දෙන ලද තොරතුරකට අනුව දෙසැම්බර් 08 වන දින අළුයම් කාලයේදී නීති විරෝධීව බීඩි කොළ කිලෝ 2600ක් පමණ තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ප්‍රතිපල නිකුත්වූ 2022 සාමාන්‍ය පෙල විභාගයෙන් ’ඒ’ සාමාර්ථ 25 ක් නිවසට ගෙන එමින් දෙමාපියන්ට ඉහලම තෑග්ගක් දායාද කළ තුන් නිවුන් සොයුරන් තිදෙනෙකු අපට හමුවිය .

Read More

ඔක්කම්පිටිය ප්‍ර දේශයේ විහාරස්ථානයක වැඩ විසූ 14 හැවිරිදි සාමණේර හිමිනමකට බරපතළ ලිංගික අතවර සිදුකිරීම සම්බන්ධයෙන් හතළිස්නව හැවිරිදි විහාරාධිපති හිමියන් ඊයේ (07) වෙනිදා ඔක්කම්පිටිය පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන තිබේ.

Read More

විපක්ෂය ජනතාව අපේක්ෂා කළ ක්‍රමයේ වෙනසක් ඇති කළත් පාර්ලිමේන්තුව තුළ ක්‍රමයේ වෙනසක් සිදු නොවූ බවත් හරවත්, නැණවත්, ගුණවත්, යහපත් වචන භාවිත කරමින් ඉංග්‍රීසියෙන් හෝ සිංහලෙන් කතා කළ විට පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රිවරුන්ගෙන් ප්‍රතිචාර ලැබෙන්නේ මෝඩයා, බූරුවා වැනි අයහපත් වචනවලින් බවත් ඔවුන්ගේ ශබ්ධකෝෂයේ ඇත්තේ එවැනි වචන නිසා ඒ වචනයෙන්ම ප්‍රතිචාර දක්වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Read More

ඩීසල් හා පෙට්‍රල් අලෙවි කිරීම හරහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සෑම ඉන්ධන ලීටරයකින්ම රුපියල් 13 ඉක්ම වූ ලාභයක් ලබයි.

Read More

නැගෙනහිර ටිමෝරයේ නිදහස් අරගලය වෙනුවෙන් දැක්වූ දායකත්වය ඇගැයීමකට ලක් කරමින් එරට ජනාධිපති රාමෝස් හොර්තා මහතා විසින් එරට රජයේ ඉහළම වීර සම්මානය ශ්‍රී ලාංකික ෆ්‍රෙඩී ගමගේ මහතා වෙත ප්‍රදානය කර ඇති අතර , එම සම්මානය රැගෙන ඒ මහතා 12/07 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

Read More

ඓතිහාසික කතරගම දේවාලයට බැතිමතකු විසින් පූජා කරන ලද රන් තැටිය අස්ථානගතවීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ඊට වගකිවයුතු වූ සැකකරුවන් සිටී නම් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත දැනුම් දී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගය දියගල ප්‍රදේශයේදී නායයාමකට ලක් ව අවහිර වී රථවාහන ගමනාගමනය සම්පුර්ණයෙන්ම ඇණහිට ඇතැයි ගිනිගත්හේන පොලීසිය පවසයි.

Read More

ඇමෙරිකාව , ප්‍රංශය සහ කැනඩාවේ සිට කොළඹ ප්‍රදේශයේ ව්‍යාජ ලිපිනයන් කීපයක් වෙත කූරියර් පාර්සල් 07 ක් ලෙස එවා තිබූ රුපියල් කෝටි හයක් වටිනා විශ මත්ද්‍රව්‍ය තොගයක් සීදුව පිහිටි ’’ කළම්බු කාගෝ ’’ නැමැති පෞද්ගලික භාණ්ඩ නිශ්කාශන ආයතනය වෙත එවා තිබියදී 12/07 දින සවස රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

මුහුණු පොතෙන් හදුනාගත් ප්‍රථම ප්‍රේමයේ පෙම්වතා හමුවු ප්‍රථම දිනයේදීම අතවරයට ලක්වීම නිසා සිත් තැවුලට පත් පාසල් සිසුවියක සියදිවි නසාගැනීමේ පුවතක් බදුල්ලෙන් වාර්තාවිය,

Read More

විදේශ ගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල ක්‍රමයට මෙරටට එවූ මුදල් ප්‍රමාණය මත ඉලෙට්‍රික් වාහන ආනයනය කිරීම සදහා බලපත්‍ර 900ක් නිකුත් කර ඇති බවත්, ඒ හරහා ඩොලර් මිලියන 100ක මුදලක් ගෙන්වා ගැනීමට හැකියාව ලැබී ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය

Read More

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් ලබාගැනීමකින් තොරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 20ට ආසන්න මුදලක් වංචාකළ පුද්ගලයෙකු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අධිවේගී මාර්ගයන්හි රාජකාරි සිදුකරන පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් එම සේවාවලින් ඉවත් කර ගැනීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.

Read More

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස පත් කර තිබේ.

Read More

ගිනි අවියක් සහ උණ්ඩ තොගයක් තම ගමන් මල්ලේ සගවා ගෙන තුර්කිය වෙත යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් මගියෙකු , ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් සොයා ගෙන ගුවන් තොටුපොළ පොලිසිය මගින් 12/07 දින අලුයම අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

හිටපු නායක මෙන්ම හිටපු ශ්‍රී ලංකා සුපිරි පිතිකරු සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයෙක් ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. මේ සඳහා සනත් ජයසූරිය වෙත ඉහළ වැටුපක් ගෙවීමට ක්‍රිකට් ආයතය තීරණය කර ඇති බවද වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රතිසංවිධානය කිරීමට නියමිත බව වාර්තා වේ. ප්‍රතිසංවිධාන කටයුතු යටතේ නව නිලධාරි මණ්ඩලයක් පත් කිරීමට නියමිතය. එය දෙසැම්බර් 15වැනිදා සිදු කිරීමට නියමිත බවත් වාර්තා වේ.

Read More

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු රුසියා - ඉන්දීය ඒකාබද්ධ පෞද්ගලික සමාගමකට පැවරීමට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතින බව වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා පැවසීය. ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ ඒ පිළිබඳව තවමත් අවසන් තීරණවලට එළඹ නොමැති බවයි.

Read More

වරාය සේවකයන්ට වැටුප් වැඩි කිරීමට අදාළව සිදුවන වැටුප් ගිවිසුම් ක්‍රමය අහෝසි කිරීමට එරෙහිව වෘත්තීය ක්‍රියා මාර්ග සිදුකරන බවත්, පළමු ක්‍රියා මාර්ගය ලෙස අද(07දා) වරාය සේවකයන් කෑම පැයේදී විරෝධතා ව්‍යාපාරයක් සිදුකරන බවත් වරාය වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.

Read More

ලංකා විදුලිබල මණ්ඩලය මෙම වසරේ පළමු මාස 10 තුළ පමණක් එහි විදුලි පාරිභෝගිකයන් 544,488 කගේ විදුලි සැපයුම විසන්ධි කළ බව විදුලිබල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ළමුන්ගේ පෝෂණය සඳහා වන භාණ්ඩ, සුවසැරි වැනි ගිලන් රථ, වෛද්‍ය උපකරණ සහ පොහොර ඇතුළු විශාල ප්‍රමාණයකට අලුතින් වැට් බදු අය කිරීමට ආණ්ඩුව සූදානම් වන බවත්, ඒ සඳහා සහනයක් ලබා දෙන ලෙස මුදල් අමාත්‍යාංශයට යෝජනාවක් ඉදිරිපත් කළ බවත් මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

Read More

මෙරට බෝනොවන රෝග (NCD) පාලනය හා ඒ හේතුවෙන් සිදුවන මරණ අඩු කිරීමේ අරමුණින් ජපන් ජනතාව විසින් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල වෙත යෙන් මිලියන 500 ක් වටිනා නවීන වෛද්‍ය උපකරණ ප්‍රදානය කිරීමේ වැඩසටහනෙහි පළමු අදියර වශයෙන් යෙන් මිලියන 49 ක වෛද්‍ය උපකරණ ප්‍රදානය කිරිම අද (06) ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ දී සිදු කෙරිනි.

Read More

මෙරට ඊළඟට බලයට පත්වන ජනාධිපතිවරයා සියළු දෙනාගේ සහයෝගය ලබාගත හැකි අයෙකු වීම අනිවාර්ය බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

ගාලු කොටුව නැරඹීමට එන සංචාරකයින්ගෙන් කිසිදු මුදලක් අය කර නොගන්නා බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

Read More

මූල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක ණය ගිවිසුමක් වෙත පිවිසීම වෙනුවෙන් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.