saravita-anim2

2025 ජුනි මස 29 වන ඉරිදා

2025 ජුනි මස 29 වන ඉරිදා

Latest News - timelapse 2671 hours ago

LATEST

වරාය සේවකයන්ට ජනවාරියේ සිට සියයට 36 ක වැටුප් වැඩිවීමක් ඉල්ලයි

calendar_today 2023 ඔක් 25 - 20:54 remove_red_eye - 423  

වරාය අධිකාරියේ සේවකයන්ට ලබන වසරේ ජනවාරි 01වැනිදා සිට 36%කින් වැටුප් වැඩිවීමක් සිදුකරන ලෙස වරාය අධිකාරියෙන් ඉල්ලීමක් කළ බව වරාය වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී එහි වාසිය ජනතාවට ලබා දීමට කටයුතු කරනවා වෙනුවට විදෙස් ණය හිමියන්ට ලැබෙන ආකාරයට වැඩ කටයුතු සිදු නොකළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. කොළඹ විපක්ෂනායක කාර්යාලයේදී අද (25දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

Read More

තවමත් පත්වීම් නොලද බහුකාර්ය සංවර්ධන සහායකයින්ට ලබන නොවැම්බර් 15 වෙනිදාට ප්‍රථම අදාල ආයතනවලට පත්වීම් ලබාදෙන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රජයේ නිළධාරීන්ට උපදෙස් දුන්නේය.

Read More

සම්බා සහල් කිලෝවක මිල රුපියල් 6කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 222කි. කඩල කිලෝවක මිල රුපියල් 6කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 549කි. පරිප්පු කිලෝවක මිල රුපියල් 5කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 295කි. රතු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 3කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 169කි.

Read More

මෙම වසර තුළ ජල ගාස්තුවේ කිසිඳු සංශෝධනයක් සිදු නොකරන බවට සහතික වන බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය.

Read More

එක්දින ලෝක කුසලාන තරග ඉතිහාසයේ වේගවත්ම ශතකය වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් සමත්විය.

Read More

2023 වසරේ ලෝකයේ ශීත ඍතුව ආරම්භ වීමත් සමගම චෙක් ජනරජයේ සිට එරට සංචාරකයන් 252 දෙනෙකු රැගෙන විශේෂ ගුවන් යානයක් ( Charter Flight ) 10/25 දින කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

Read More

රටපුරා ධීවරයන් රැකියාව කිරීමේදි යම් යම් නීති විරෝධි ධීවර කටයුතු වල නියැලෙන බවට ඇතැම් ධීවර සංගම් චෝදනා කරන අතර එම කටයුතු මැඩලීමට නොහැකි වී ඇත්තේ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියා කලාපයන් හේතුවෙන් බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ප්‍රකාශ කර සිටියේය.

Read More

පසුගිය කාලයේ ඒ ආකාරයට සිතූ අය සතුටු කිරීම සඳහා එකම අමාත්‍යාංශය කෑලි කඩා ඇමතිවරුන් දෙතුන් දෙනා පත් කර තිබූ බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි .

Read More

සුරාබදු දෙපාර්තමේන්තුව මඟින් වසර දෙකක කාලයක තුළ සුරාබදු බලපත්‍ර දෙසියතුනක් ලබා දී ඇති බව පැෆරල් සංවිධානයේ ජාතික සංවිධායක සුජීව ගයනාත් මහතා සඳහන් කරයි.

Read More

සුහුරු රටක් නිර්මාණය කරනවා යැයි පවසා රටේම නීතිය සහ කැබිනට් තීන්දු උල්ලංඝනය කර විදුලි බිල නැංවීමට රජය කටයුතු කරන බවත් ඒ තුළින් සුහුරු රටක් ඇති නොවන බවත් ඒ නිසා පාසල් යන ළමුන්ගේ පෝෂණය අඩු වීම දෙමාපියන්ට දරුවන්ට හොද අධ්‍යාපනයක් හා ආහාර වේලක් ලබා දීමට නොහැකි වීම නිසා ළමුන්ගේ මොළය වර්ධනය දුර්වල වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Read More

තම 22 හැවැරිදි බිරිඳව ඝාතනය කළ නිවසේ පිටුපස වළදැමූ 23 හැවැරිදි සැමියා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර හෙට දිනයේදී පැවැත්වීමට නියමිත තීරණාත්මක ලෝක කුසලාන තරගය සඳහා ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වෙයි.

Read More

අත්අඩංගුවට ගත් සැකකරු කටුගස්තොට ප්‍රදේශයේ සිල්ලර වෙළඳ සැලක් පවත්වා ගෙන යන 40 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

Read More

දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් භාරයේ පසුවන සංවිධානාත්මක අපරාධ කරුවෙකු මෙන්ම මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුගේ ගෝලයකු රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත්බව විශේෂ කාර්ය බළකාය පවසයි .

Read More

වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට වීසා ලබාදීම සඳහා කටයුතු කිරීමට ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තීරණය කර තිබේ. ඒ අනුව එලෙස රැඳී සිටින අයගේ තොරතුරු එක්රැස් කිරීමේ වැඩසටහනක් අද (24දා) පැවැත්විණ.

Read More

පාස්කු ඉරුදින එල්ල කෙරුණ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ සාක්‍ෂි විභාගය ජංගම දුරකථනයෙන් පටිගත කිරීමේ චෝදනාවට වරදකරු වූ නීතිඥවරයෙකුගේ නීතිඥභාවය මාස 08කට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24දා) තීන්දු කළේය.

Read More

රජයේ හෙද සේවයේ ශ්‍රේණි හතරක හෙද හෙදියන් අවුරුදු 60දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට රජය ගත් තීරණය බල රහිත කරමින් රීට් ආඥාවක් නිකුත් කළ අභියාචනාධිකරණය, එම තීරණයට අනුව මේ වනවිටත් විශ්‍රාම ගන්වා සිටින හෙද හෙදියන් යළි සේවයට එක් කර ගැනීමටද නියෝග කළේය.

Read More

ලෝක කුසලාන තරගාවලියේදී ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ යළිත් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

Read More

ත්‍රස්තවාදය හා සම්බන්ධ ක්‍රියාකාරකම් හේතුවෙන් අසාදු ලේඛනගත කර සිටි පුද්ගලයන් දෙදෙනෙකු අදාළ ලැයිස්තුවෙන් ඉවත් කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

වොෂින්ටන් DC බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම ලාංකිකයන් ඇතුළු 300 පමණ බෞද්ධ බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා පැවැත්විණ.

Read More

මහ බැංකුව විසින් බැංකු පොලී අනුපාතික අඩු කරමින් නිකුත් කළ චක්‍රලේඛයට අනුව තවමත් බැංකු පොලී අනුපාත අඩු නොකළ වාණිජ්‍ය බැංකු හා මූල්‍ය ආයතන කෙරෙහි මහ බංකුවේ දැඩි අවධානය යොමු කරවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

Read More

ගල්කිස්ස මහ හෝටලය අසල ඇති මගී පාලම යටදී 24 වනදින උදෑසන 10.30 ට පමණ ගල්කිස්ස දෙස සිට කොළඹට ධාවනයවූ දුම්රියකින් වැටී සිහි නොමැතිව බරපතල තුවාල සහිතව දුමිරිය මාර්ගයේ වැටී සිටි කාන්තාවක ගල්කිස්ස පොලිස් ජීවිතාරක්‍ෂක ඒකකයේ නිලධාරීන් විසින් හදිසි ප්‍රතීකාර ලබාදී 1990 ගිලන් රථයකින් දකුණු කොළඹ ශීක්ෂණ රෝහල වෙත යැවීමට කටයුතු කරනු ලැබ ඇතැයි ගල්කිස්ස පොලීස් ජීවිතාරක්‍ෂක ඒකකයේ ප්‍රකාශකයෙකු පැවසීය .

Read More

ලංකා විදුලි බල මණ්ඩලය යටතේ පවතින සමනල වැව ජලාශයේ හෙක්ටයාර 100ක ජල මතුපිට අවකාශය තුළ මෙගාවොට 150-200 ක ධාරිතාවයකින් යුත් පාවෙන සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා බලාගාරයක් ඉදිකිරීම වෙනුවෙන් අනුමැතිය ලබා දීමට කැබිනට් මණ්ඩලය කටයුතු කර තිබේ.

Read More

ඇමරිකාවේ රැකියාවලට යවන බව පවසමින් සිය බිරිඳ සමග එක්ව රුපියල් ලක්ෂ 42 කට ආසන්න මුදලක් වංචාකල බව කියන සිද්ධියක් සම්බන්දයෙන් සැකපිට යුධහමුදාවේ මේජර්වරයෙකු ඊයේ (23) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය කියයි.

Read More

ඊශ්‍රායලයේ මෙන් අර්බුධකාරී අවස්ථාවේ සහය දක්වන විපක්ෂයක් ශ්‍රී ලංකාවේ නොමැති බවත් සාම්ප්‍රදායික විපක්ෂයක් සමග රජයට ආර්ථික අර්බුධයට තනිව මුහුණ දීමට සිදුව ඇති බවත් රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.

Read More

2023 වසරේ සැප්තැම්බර් මාසයේදී ජනපතිවරණයක් පැවැතියේ නම් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙරමුණ ගන්නා බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය සිදුකළ සමීක්ෂණයක දැක්වෙයි.

Read More

පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී බීඩි නිෂ්පාදකයින්ගේ සංගමයේද සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙතෙක් කිලෝවට රු.5000.00 ක් වූ බීඩි කොල ආනයන බද්ද කිලෝවට රු. 250.00 දක්වා අඩුකිරීමටත්, ඉන් සිදුවන අලාභය පියවා ගැනීම සඳහා නිෂ්පාදිත බීඩියක් සඳහා මෙතෙක් අයකළ රු.2.00 ක්වූ බදු මුදල බීඩියකට රු. 3.50 දක්වා ඉහළ දැමීමටත් කටයුතු කළ බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

Read More

මින් ඉදිරියට මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ආයතන සඳහා බඳවා ගැනීමේ ක්‍රමවේදයේ පුළුල් වෙනසක් ඇති කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Read More

රුපියල් කෝටි 68 ක පමණ මුදලක් තැන්පත්කරුවන්ට ගෙවීමට ඇති ගම්පහ සණස නගර බැංකුවෙහි පාලනය , පාලක මණ්ඩලයෙන් ඉවත්ව සාමාජිකත්වය යටතට පත්ව ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.