හොන්ඩුරාස් වෙරළ තීරයට ඔබ්බෙන් ධීවර යාත්‍රාවක් පෙරළීමෙන් පුද්ගලයන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
කැරීබියානු මුහුදේදී මෙම අනතුර සිදුව ඇති අතර මෙම අනතුරින් තවත් පුද්ගලයන් 47 දෙනෙකු නිරුපද්‍රිතව බේරාගැනීමට හැකිවී ඇත.
ටොන් 70ක් පමණ බරින් යුතු මෙම ධීවර යාත්‍රාව අනතුරට ලක්වන අවස්ථාවේදී එහි පුද්ගලයන් 70ක් පමණ ගමන් කරමින් සිට ඇති බව කියැවෙයි.
කෙසේ වෙතත්, මෙම අනතුරට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවෙයි.
අනතුර සිදුවීමට මොහොතකට පෙර යාත්‍රාවේ කපිතාන්වරයා විසින් අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කර තිබුණත්, ඊට සුළු මෙහොතකට පසුව යාත්‍රාව පෙරළී ඔහුද ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.