සඳේ දුරස්ථ කලාපය වෙත ප්‍රථම වරට රොබෝ යානයක් ගොඩබැස්වීම සඳහා වූ මෙහෙයුමක් චීනය විසින් දියත් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
Chang'e-4 ලෙස නම් කර ඇති මෙම මෙහෙයුම සඳහා ලෑන්ඩරයක් සහ රෝවර් යානයක් කිසිදා පෘථිවිය වෙත නොපෙනෙන සඳේ අනෙක් අන්තය වෙත ගොඩබැස්වීම සිදුවනු ඇත.
ඒ අනුව, මෙම යානා රැගත් Long March 3B රොකට්ටුව ෂීචෑන්ග් චන්ද්‍රිකා මධ්‍යස්ථානයේ සිට අභ්‍යවකාශය වෙත ගමන් අරඹා තිබේ.
එමෙන්ම, මෙම මෙහෙයුමේදී එම කොටසේ වූ සඳ මතුපිට පස් සහ ගල් සාම්පල පෘථිවිය වෙත ගෙනඒමද සිදුවනු ඇති බව වැඩිදුරටත් දැක්වෙයි.
මෙම යානා සඳ මතුපිටට පැමිණීම ලබන ජනවාරි මාසයේදී සිදුවනු ඇති අතර, මෙය සඳ පිළිබඳ මෙතෙක් අනාවරණය නොවූ බොහෝ තොරතුරු අනාවරණය කරගැනීමට හැකිවන මෙහෙයුමක් බව විද්‍යාඥයෝ විශ්වාසය පළ කරති.