එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඩිමොක්‍රටික්වරුන් විසින් එරට දකුණු දේශසීමාවට පැමිණ සිටින සංක්‍රමණිකයන්ට මානුෂීය ආධාර සැපයීම සඳහා ඇ.ඩො.බිලියන 4.5ක් ලබාදීමේ පනතක් සම්මත කර තිබේ.
විශේෂයෙන්ම, සංක්‍රමණිකයන් පිරිසක් මෙම දේශසීමාව ආසන්නයේදී ජීවිතක්ෂයට පත්වීම, එහි පැමිණ සිටින දරුවන් බොහෝදෙනෙකු අතරමංව සිටීම ආදී වූ මානුෂීය කාරණා සලකා බලමින් මෙම වෙන් කිරීම සිදුකර ඇත.
කෙසේ වෙතත්, මෙම පනත් කෙටුම්පත රිපබ්ලිකන්වරුන්ගේ බලය රැඳි සෙනට් මණ්ඩලය හරහා යෑමේදී එය යම් දුෂ්කරතාවන්ට මුහුණදෙනු ඇති බව විචාරකයෝ පවසති.
මෙම මුදල් අදාළ සංක්‍රමණිකයන් සඳහා මානුෂීය ආධාර සැපයීම සඳහා පමණක් යෙදවිය යුතු බව පවසන ඩිමොක්රටික්වරු, එය දේශසීමා තාප්පයක් සැකසීමට හෝ සංක්‍රමණිකයන් අත්අඩංගුවට ගැනීම් හා වැටලීම් ආදියට යොදානොගත යුතු බවද කියා සිටියි.
මධ්‍යම ඇමෙරිකානු රාජ්‍යයන්ගේ සිට ඇමෙරිකා එක්සත් ජනපදය වෙත මිනිස් තවලමක් ලෙස සංක්‍රමණිකයන් ඇදී එමින් සිටියද, වත්මන් ජනපති ට්‍රම්ප්ගේ දැඩි දේශසීමා පාලනය හේතුවෙන් ඔවුන් බොහෝ දෙනෙකු ඇමෙරිකානු දේශසීමා ආසන්නයේ පසුවෙති.