කේම්බ්‍රිජ් ආදිපාදවරයා සහ ආදිපාදවරිය වන විලියම් කුමරු සහ කේට් කුමරිය පාකිස්තානයේ සංචාරයක් වෙනුවෙන් සූදානම් වෙයි.
වසර 13කින් පසුව පාකිස්තානයේ සංචාරයක නිරත වන ප්‍රථම බ්‍රිතාන්‍ය රාජකීයයා බවට විලියම් පත්වනු ඇති අතර, මීට පෙර 2006 වසරේදී ඔහුගේ පියා වන චාර්ල්ස් කුමරු පාකිස්තානයේ සංචාරයක නිරත විය.
එමෙන්ම, විලියම් කුමරුගේ මව වන ඩයනා කුමරිය අවස්ථා කිහිපයකදීම පාකිස්තානයේ සංචාරය කළ අතර, ඒ සෑම සංචාරයක්ම පාහේ පුණ්‍යකටයුතු වෙනුවෙන් වෙන්වූ ඒවාය.
කෙසේ වෙතත්, විලියම් සහ කේට්ගේ පාකිස්තානය සංචාරය පිළිබඳ වැඩි විස්තර ඉදිරියේදී දැනුම්දෙන බව කෙන්සිංටන් මාලිගය දැනුම් දෙයි.