වෙනිසියුලා ජනාධිපති නිකොලාස් මදුරෝගේ පුත්රයාට එරෙහිව නව සම්බාධක පැනවීමක් සිදුකළ බව එක්සත් ජනපදය කියයි.
නොකොලාස් අර්නෙස්ටෝ මදුරෝ ගුඒරා නමැති 29 හැවිරිදි ජනපති පුත්රයා වත්මන් පාලනයේ පාර්ලිමේන්තු සභිකයෙකු ලෙස කටයුතු කරයි.
එරට විපක්ෂනායක ජුආන් ගුආයිදෝ වෙනිසියුලාවේ අන්තර්වාර ජනපති ලෙස එක්සත් ජනපදය මීට පෙර පිළිගත්තද, චීනය සහ රුසියාව මදුරෝ වෙනුවෙන් පෙනී සිටීම නිසා ඔහුට පාලන බලය සියතට ගැනීම අපහසු විය.
කෙසේ වෙතත්, තමා සහ වෙනිසියුලාව වෙත දැඩි සම්බාධක පනවමින් එරට පාලනය තවදුරටත් දුර්වල කිරීම සඳහා එක්සත් ජනපදය කටයුතු කරමින් සිටින බව මදුරෝ කියයි.