වෙනිසියුලා ජනපති නිකොලාස් මදුරෝ ඝාතනය කර වත්මන් ආරක්ෂක අමාත්‍යවරයා ජනපති කරවීමේ කුමන්ත්‍රණයක් පරාජයට පත්කළ බව මදුරෝ කියා සිටියේය.
මෙම ෆැසිස්ට්වාදී කුමන්ත්‍රණය වත්මන් විපක්ෂ නායක ජුආන් ගුආයිදෝගේ අනුහසින් සිදුව ඇති බව පවසන ජනපතිවරයා, එය පසුපස ඇමෙරිකාව, කොලොම්බියාව සහ චිලී රාජ්‍යයද සිටින බව කියයි.
කෙසේ වෙතත්, මෙම චෝදනා විපක්ෂ නායක ගුආයිදෝ ප්‍රතික්ෂේප කරන අතර, මෙවැනි චෝදනා කොතරම් නම් මදුරෝ විසින් කර ඇතිදැයි ප්‍රශ්න කරයි.
පසුගිය අප්‍රේල් මාසයේදී වත්මන් වෙනිසියුලා පාලනය පෙරළා දැමීම සඳහා විපක්ෂ නායක ගුආයිදෝ ගෙනගිය දැවැන්ත විරෝධතාවයෙන් පසුව එරට විපක්ෂය සම්පූර්ණයෙන්ම අතුගා දැමීමට මදුරෝ මේ වනවිට ක්‍රියාකරමින් සිටියි.
ගුආයිදෝ එරට අන්තර්වාර ජනපති ලෙස ඇමෙරිකාව ප්රමුඛ යුරෝපා රටවල් කිහිපයක් එවකට පිළිගත්තත්, චීනය සහ රුසියාව එය ප්‍රතික්ෂේප කරමින් මදුරෝ සමග සිටගත් නිසා වෙනිසියුලා වත්මන් පාලනය පෙරළා දැමීම පහසු නොවීය.